ගම්පොල පිහිටි ශ්රී ලංකා යුධ හමුදා මුලික ආපදා ප්රතික්රියා පුහුණු මධ්යස්ථානයේ ආපදා ප්රතික්රියා මුලික පාඨමාලාව හදාරණ යුධ හමුදා භට පිරිස් ආපදා කළමනාකරණ මධ්යස්ථානයේ දී ආපදා කළමනාකරණ ක්රියාවලිය පිළිබද පුහුණු වැඩසටහනකට 2021.11.26 දින සහභාගී විය.
ආපදා කළම නාකරණක්රියාවලිය, හදිසි මෙහෙයුම් මැදිරි ක්රියාකාරීතවය සහ පුර්ව අනතුරු ඇගවීමේ ක්රමවේදය පිළිබදව මෙන්ම හදිසි මෙහෙයුම් මැදිරියේ ක්රියාකාරීත්වය පිළිබදව ප්රායෝගික දැනුම ලබාදීම මෙම පුහුණු වැඩමුළුට ඇතුලත් විය.
මෙම අවස්ථාවට සහභාගී වු ආපදා කළමනාකරණ මධ්යස්ථානයේ අධ්යක්ෂ ජෙනරාල් විශ්රාමික මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ මහතා වර්තමානයේ රට මුහුණ දී ඇති දරුණුතම ත්රස්තවාදය ආපදා බවත් එය පරාජය කිරීම සදහා ආපදා පෙරසුදානම සහ ජනතාව දැනුවත් කිරීම ප්රමුඛ කාර්ය බවත් පෙන්වා දෙන ලදී. ඒ සදහා අපදා කළමනාකරණ මධ්යස්ථානය පියවර ගනිමින් සිටින බව පැවසු අධ්යක්ෂ ජෙනරාල්තුමා ආපදා කළමනාකරණ ක්රියාවලිය තුළ සෙවීම් සහ මුදවා ගැනීම් සිදුකිරීමේ දී ත්රිවිධ හමුදාව ඇතුලු ආරක්ෂක අංශ වෙත ඇති වගකීම නියමාකාරයෙන් වටහා ගැනීමේ වැදගත්කම පෙන්වා දෙන ලදී.
ආපදා කළමනකාරණ මධයස්ථානය ඉදිරිපිට විද්යාමාවතේ පිහිටා තිබු ගසක් පසුගිය දා පැවැති අයහපත් කාලගුණික තත්වය නිසා ඉදිරී යාම හේතුවෙන් ඉවත් කිරීමට කටයුතු කරන ලදී.
දිවයින ආසන්නයේ පැවති පහළ වායුගෝලීය කැළඹිලි ස්වභාවය ඉදිරි පැය 24 තුළ අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය විය හැකි බවත් එය බටහිරට බරව වයඹ දෙසට ගමන් කරනු ඇතැයි අපේක්ෂා කරන බවත් කාලගුණ නිවේදනයක් නිකුත් කරමින් කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව අද දින (23) නිවේදනය කරයි.
වායු ගෝලීය කැලඹිලි ස්වභාවය හේතුවෙන් දිවයිනේ බොහෝ ප්රදේශවලට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්යා දෙපාර්තමේන්තු නිවේදනයේ සදහන් වේ.
ශ්රී ලංකා ගුවන් හමුදා මොරවැව පුහුණු මධ්යස්ථානයේ සෙවීම් සහ මුදවාගැනීම් පිළිබද පුහුණු පාඨමාලාව හදාරණු ලබන ගුවන් හමුදා නිළධාරීන් පිරිසක් ආපදා කළමනාකරණ මධ්යස්ථානයේ දී ආපදා කළමනාරකණ කටයුතු පිළිබදව පුහුණු වැඩසටහනකට 2011.11.25 දින සහභාගී විය.

ඉදිරියේ දී ඊසාන දිග මෝසම් සක්රීයවීමත් සමග දිවයිනට බලපෑ හැකි ආපදා හානි අවම කර ගැනීම උදෙසා පූර්ව සූදානම් කටයුතු පිළිබඳව පාර්ශවකාර ආයතන දැනුවත් කිරීම හා සම්බන්ධීකරණය කිරීම වෙනුවෙන් ආපදා කළමනාකරණ මධ්යසථානය විසින් සංවිධානය කරන ලද වැඩසටහනක් 2021 නොවැම්බර් මස 16 වන දින දින ආපදා කළමනාකරණ මධ්යස්ථාන ශ්රවනාගාරයේ දී පැවැත්විණි.
පසුගිය වසර වල දී ඊසාන දිග මෝසම් තත්ත්වය යටතේ සිදු වූ ආපදා තත්ත්වයන් හා හානි පිළිබඳව දැඩි අවධානයක් යොමු කරමින් එලඹෙන මෝසම් වර්ෂාව නිසා ඇතිවිය හැකි ආපදා හේතුවෙන් සිදුවිය හැකි හානිය අමව කර ගැනීම සදහා පාර්ශව කාර ආයතන වල පුර්ව සුදානම සොයා බැලීම සහ ඇතිවිය හැකි ආපදා අවදානම හැකිතාක් දුරට අවම කරලීමට අවශ්ය කටයුතු සූදානම් කිරීම මෙම දැනුවත් කිරීමේ මූලික අරමුණ විය.
News & Events
- Workshop to Review the "Build Back Better" Guideline for Post-Disaster Recovery
- Multi-Agency Coalition Signs MoU to Operationalize SoP for Flood Anticipatory Action in the Downstream Gal Oya River Basin
- Inaugural meeting of the National Tsunami Ready Board (NTRB) marks a milestone in Sri Lanka’s coastal disaster resilience
- Australian Bureau of Meteorology Delegation Meets Director General of the Disaster Management Centre
- උසස් පෙළ විභාගයට ආපදා හේතුවෙන් ඇතිවිය හැකි බාධා වළක්වා ගැනීම
அவசர தொடர்புகள்
117+94 112 670 002




