ශ්රී ලංකා ගුවන් හමුදා මුලතිව් පුහුණු මධ්යස්ථානයේ ආපදා කළමනාකරණය සහ ප්රතිචාර දැක්වීම පිළිබද මුලික පුහුණු පාඨමාලාව හදාරණු ලබන ශ්රී ලංනා යුධ, ගුවන් සහ නාවික හමුදා, පොලිස් විශේෂ කාර්යබලකා නිළධාරීන් සහ සෙසු නිළයන්ගෙන් සමන්විත කණ්ඩායමක් ආපදා කළමනාකරණ මධ්යස්ථානයේ දී ආපදා කළමනාකරණ කටයුතු පිළිබදව පුහුණු වැඩසටහනකට 2022.02.24 දින සහභාගී විය.
ආපදා කළමනාකරණ මධ්යස්ථානයේ අධ්යක්ෂ ජෙනරාල්තුමාගේ උපදෙස් අනුව සංවිධානය කරන ලද මෙම පුහුණු වැඩසටහනට ශ්රී ලංකාවේ ආපදා කළමනාකරණ ක්රියාවලිය සහ කාලගුණික විපර්යාස හේතුවෙන් ඇතිවන ආපදා අවදානම පිළිබදව මෙන්ම හදිසි මෙහෙයුම් මැදිරියේ ක්රියාකාරීත්වය පිළිබදව මෙම පිරිස දැනුවත් කිරීමට කටයුතු කරන ලදී.


වෛද්ය විද්යා පශ්චාත් උපාධි ආයතනයේ වෛද්ය ක්ෂේත්රයට අදාලව ආපදා අවදානම් කළමනාකරණ ඩිප්ලෝමා පාඨමාලා හදාරණ වෛද්යවරුන් සදහා ආපදා කළමනාකරණ ක්රියාවලිය පිළිබද පුහුණු වැඩසටහන 2022.02.15 දින පැවැත්විණි.
අධ්යක්ෂ ජනරාල්තුමාගේ උපදෙස් පරිදි ආපදා කළමනාකරණ මධ්යස්ථානය, අධ්යාපන අමාත්යංශය, ශ්රී ලංකා බාලදක්ෂ සංගමය, ශ්රී ලංකා බාලදක්ෂිකා සංගමය සහ ජාතික ශිෂ්යබට බලකාය යන ආයතනවල සහභාගීත්වයෙන් පාසල් විෂය මාලාවේ විෂය බාහිර ක්රියාකාරකම් තුළ ආපදා අවදානම් කළමනාකරණ ක්රියාවලිය අන්තර්ගත කිරීමේ වැඩසටහන ආරම්භ කර පළාත් මට්ටමින් ක්රියාකාරී නියෝජිතයින් දැනුවත් කිරීමේ වැඩසටහන ආපදා කළමණාකරණ මධ්යස්ථානය විසින් දීප ව්යාප්ත මට්ටමින් සංවිධානය කර ක්රියාත්මක කරමින් පවතී.
ආපදා කළමනාකරණ මධ්යස්ථානයේ අධ්යක්ෂ ජෙනරාල් විශ්රාමික මේජර් ජනරාල් සුදන්ත රණසිංහ මහතාගේ උපදෙස් මත රාජ්ය ආරක්ෂක හා ආපදා කළමනාකරණ රාජ්ය අමාත්යාංශයේ ආපදා කළමනාකරණ අංශය, ආපදා කළමකාරණ මධ්යස්ථානය සහ ජාතික ආපදා සහන සේවා මධ්යස්ථානය යන ආයතන වල නිළධාරීන් ගිණි ආරක්ෂණ පිළිබද දැනුවත් කිරීමේ වැඩසටහනක් ජනවාරි මස 31 වන දින රාජ්ය ආරක්ෂක හා ආපදා කළමනාකරණ රාජ්ය අමාත්යාංශ පරිශ්රයේ දී පැවැත් විනි.
ආයතන පරිශ්රයේ ස්ථාපිත කර ඇති ගිණි ආරක්ෂණ පද්ධතිය පිළිබදව මෙන්ම හදිසි ගිනි තත්වයන් පාලනය කිරීම සහ ගිනි ආපදා තත්වයක දී ආරක්ෂිත මාර්ග ඔස්සේ සුරක්ෂිතාව තහවුරු කරගනිමින් නම් කර ඇති ආරක්ෂිත ස්ථානය වෙත ගමන් කිරීම දක්වා ක්රියාවලිය සිදු කළයුතු ආකාරය පිළිබදව දැනුවත් කිරීම සිදු වු අතර ගිණි නිවීමේ උපකරණ ක්රියාත්මක කිරීම පිළිබදව සිද්ධාන්තික හා ප්රායෝගික පුහුණු සැසියක් මගින් සහභාගී වු නිළධාරීන් දැනුවත් කිරීම මෙම පුහුණු වැඩසටහනට ඇතුලත් විය.
සුනාමි අනතුරු ඇඟවීමේ අවස්ථාවක දී පුද්ගලයින් ඉවත් කර ගැනීම සඳහා ජාතික මට්ටමේ සැළසුමක් සකස් කිරීම සදහා ත්රිවිධ හමුදාවේ සහාය ලබාගැනීම සම්බන්ධව වැඩ මුලුව ආපදා කළමනාකරණ මධ්යස්ථානයේ අධ්යක්ෂ ජෙනරාල්තුමා වන මේජර් ජෙනරාල් (විශ්රාමික) සුදන්ත රණසිංහ ආර්ඩබ්පී ආර්එස්පී යුඑස්පී ඒම්එස්සී එන්ඩීයු පීඑස්සී ජ්යෙෂ්ඨ නිලධාරීගේ ප්රධානත්වයෙන් රාජ්ය ආරක්ෂක සහ ආපදා කළමනාකරණ රාජ්ය අමාත්යාංශයේ ආපදා කළමනාකරණ අංශයේ ශ්රවනාගාරයේ දී ජනවාරි මස 25 වන දින පැවැත්විණි.
සුනාමි අවස්ථාවක පුද්ගලයින් ඉවත් කිරීමේ සැළැස්මක අවශ්යතාවය පිළිබඳ කරුණු පැහැදිලි කිරීම සඳහා ත්රිවිධ හමුදාවේ ජ්යෙෂ්ඨ නිලධාරීන් සහ ආපදා කළමනාකරණ මධ්යස්ථානයේ අධ්යක්ෂකවරුන් ඇතුලු නිළධාරීන්ගේ සහභාගීත්වයෙන් වැඩමුළු වේ දී සුනාමි අනතුරු ඇගවීමක දී ග්රාම සේවා වසම් මට්ටමින් ජනතාව ඉවත් කර ගැනීමේ සැළසුමක් නිර්මාණය කිරීමත්, එය ක්රියාවට නැංවීමේ අවශ්යතාව අධ්යක්ෂ ජෙනරාල්තුමන් පෙන්වා දුන් අතර ත්රිවිධ හමුදාවට තම බල ප්රදේශයේ ග්රාමසේවා මට්ටමින් සුනාමි අනතුරු ඇඟවීම් අවස්ථාවකදී පුද්ගලයින් ඉවත් කිරීම සඳහා අවශ්ය සැළසුම් සකස් කිරීමට උපදෙස් උපදෙස් ලබා දෙන ලදී.
News & Events
- Workshop to Review the "Build Back Better" Guideline for Post-Disaster Recovery
- Multi-Agency Coalition Signs MoU to Operationalize SoP for Flood Anticipatory Action in the Downstream Gal Oya River Basin
- Inaugural meeting of the National Tsunami Ready Board (NTRB) marks a milestone in Sri Lanka’s coastal disaster resilience
- Australian Bureau of Meteorology Delegation Meets Director General of the Disaster Management Centre
- උසස් පෙළ විභාගයට ආපදා හේතුවෙන් ඇතිවිය හැකි බාධා වළක්වා ගැනීම
அவசர தொடர்புகள்
117+94 112 670 002




