WhatsAppImage2023-11-05

2004 වර්ෂයේදී අප රටට බලපෑ සුනාමි ව්‍යසනයෙන් වූ හානිය සිහිපත් කිරිම උදෙසා 2005 වර්ෂයේදී අමාත්‍ය මණ්ඩල සංදේශයක් අනුව සෑම වසරකම දෙසැම්බර් මස 26 වන දින ජාතික සුරක්ෂිත දිනය ලෙස නම් කර ඇත. එමෙන්ම 2015 වර්ෂයේදී එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින්   සෑම වසරකම   නොවැම්බර් 05 වන දින " ලෝක සුනාමි දැනුවත් කිරීමේ දිනය "ලෙස නම් කර ඇත. මෙම වසරේදී ද එය ජාත්‍යන්තරව සැමරෙන අතර,“ ආපදා ප්‍රත්‍යස්ථික අනාගතයක් වෙනුවෙන් අසමානතාවය දුරලීම සඳහා පෙරසුදානම” (Fighting Inequality for a Resilience Future) මෙම වසරේ තේමාව වේ.

DSC 9825

ශ්‍රී ලංකාවේ කාළගුණය පිළිබඳ බලපෑම් ඇතිකරනු ලබන ඊසානදිග මෝසම ඉදිරි මාසවලදී ඇතිවීමට නියමිත බැවින් ඒ පිළිබඳව තාක්ෂණික ආයතනවල විශේෂයෙන්ම කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය, වාරිමාර්ග දෙපාර්තමේන්තුව සහ සෞඛ්‍ය අමාත්‍යංශයෙහි නිළධාරීන් සහභාගී වෙමින් 2023.11.01 දින දැනුවත් කිරීමේ වැඩසටහනක් පැවත්විය.

එහිදී ආපදා අවදානම් පිළිබඳ පුරෝකථන, එමගින් බලපෑමට ලක්විය හැකි ප්‍රදේශ සහ ඒ සඳහා ගෙන ඇති සහ ඉදිරියේදී ගතයුතු පියවර මෙන්ම පාර්ශවකාර ආයතන දැනුවත් කිරීම මගින් එම ආයතන ඇතිවිය හැකි ආපදා අවදානම් කළමනාකරණය සඳහා දායක කරගැනීම මෙහි අරමුණ විය. මේ සඳහා එක් එක් අංශ නියෝජනය වෙමින් නිළධාරීන් 70 පමණ සහභාගී වූ අතර මාර්ගගත ක්‍රමය ඔස්සේ 50 දෙනෙකු සහභාගී විය.

DSC 9807 DSC 9813 DSC 9816

 

 

RIMES 2023 6

 ගංවතුර සහ නායයාම් ආපදා පුර්ව අනතුරු ඇඟවීමේ යාන්ත්‍රණය යාවත්කාලීන කිරීම සදහා වන නියමු ව්‍යාපෘතියක් කලාපීය බහු ආපදා පුර්ව අනතුරු ඇගවීමේ පද්ධතිය (RIMES) සමග එක්ව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් ආරම්භ කරන ලදී. ඒ අනුව මෙම නියමු ව්‍යාපෘතිය ගංවතුර සහ නායයාම් ආපදා බහුල දිස්ත්‍රික්ක වන කලුතර සහ රත්නපුර යන දිස්ත්‍රික්ක වලින් තෝරාගත් ග්‍රාම නිළධාරී වසම් 29 ක ක්‍රියාත්මක කෙරේ.

මෙම ව්‍යාපෘතිය යටතේ ආපදා අවදානම හඳුනාගැනීම, ආපදාවකට මුහුණදීමට සඳහා වන පෙර සූදානම්වීම, ආපදා පුර්ව දැනුම්දීමේ ක්‍රමවේද සහ ආපදා අවදානම් ප්‍රදේශවල ජීවත්වන සෑම පුද්ගලයෙකුටම ආපදා පූර්ව දැනුවත් කිරීම් තොරතුරු සන්නිවේදනය කිරීම, ස්ථාපිත කර ඇති පූර්ව දැනුවත් කිරීමේ සන්නිවේදන ක්‍රමවේද සහ ජීවත්වන ප්‍රදේශයේ උවදුරු සිතියම් නිර්මාණය කිරීම තුළින් තමන් ජීවත් වන ප්‍රදේශය තුළ පවතින අවදානම පිළිබඳව ප්‍රජාව දැනුවත් කිරීම සිදු කරනු ලබන අතර ආපදා පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදන ග්‍රාමීය මට්ටම දක්වා සංනිවේදනය කිරීමේ දී අනුගමන කරනු ලබන ක්‍රමවේද හා එම ක්‍රමවේදවල පවතින ගැටළු පිළිබඳව විශේෂ අවධානයක් යොමු කෙරේ.

DSC 9601මුලතිවු ගුවන් හමුදා පුහුණු මධ්‍යස්ථානයේ අංක 34 ආපදා කළමණාකරණ හා පළමු මූලික පාඨමාලාව හදාරණ ශ්‍රී ලංකා ගුවන් හමුදා නිළධාරීන් 30කින් සමන්විත කණ්ඩායමක් සහ ශ්‍රී ලංකා නාවික හමුදාවේ ක්ෂණික ක්‍රියාකාරී යාත්‍රා බලඝන සුදුසකම් ලැබීමේ පාඨමාලවේ 27 වන බදවා ගැනීමට අයත් නාවික නිළධාරීන් 38 දෙනෙකු සඳහා ආපදා කළමනාකරණ ක්‍රියාවලිය පිළිබද පුහුණු වැඩසටහනක් ඔක්තෝම්බර් 24 හා 25 දිනයන්හි ආපදා කළමනාකරණ අංශ ශ්‍රවනාගාරයේ දී පැවැත්විණි.

ආපදා කළමනාකරණ ක්‍රියාවලිය, හදිසි අවස්ථා කළමනාකරණය සහ පුර්ව අනතුරු ඇගවීමේ ක්‍රමවේදය, ආපදා කළමනාකරණ ක්‍රියාවලිය තුළ භාවිතා කරනු ලබන සංනිවේදන පද්ධති හා ක්‍රමෝපායන් පිළිබදව මෙන්ම හදිසි මෙහෙයුම් සහ හදිසි ඇමතුම් මැදිරියේ ක්‍රියාකාරීත්වය පිළිබදව ප්‍රායෝගික දැනුම ලබාදීම මෙම පුහුණු වැඩමුළුට ඇතුලත් විය.

 

Grade 05 Scholarship 6

ශිෂ්‍යත්ව විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා හේතුවෙන් ඇතිවිය හැකි බාධා වළක්වා ගැනීම සදහා විශේෂ ඒකාබද්ධ වැඩපිළිවළක් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සහ විභාග දෙපාර්තමේන්තුව ඒකාබද්ධ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කරන ලදී ගංවතුර හේතුවෙන් මාර්ග ජලයෙන් යටවීම හේතුවෙන් ප්‍රවාහන අපහසුතාවලට මුහුණ දුන් දරුවන් සහ විභාග මධ්‍යස්ථාන රාජකාරීවල නියුතු වුවන් ප්‍රවාහනය කිරීමට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, දිස්ත්‍රික් ලේකම්වරු, ත්‍රිවිධ හමුදාව සහ පොලීසිය ඇතුලු පාර්ශවකාර ආයතන සම්බන්ධීකරණයෙන් කටයුතු කරන ලදී.

හදිසි ඇමතුම්

117
පොදු අංකය: +94 112 136 136
හදිසි මෙහෙයුම් මධ්‍යස්ථානය:+94 112 136 222 /
+94 112 670 002
ෆැක්ස් අංකය: +94 112 878 052