දිවයිනට ගිණිකොණ දිශාවෙන් පොතුවිල්වල සිට කිලෝමිටර 1150 දුරින් බෙංගාල බොක්ක ප්‍රදේශයේ අඩු පීඩන කලාපයක් නිර්මාණය වි ඇති බවත් එය සුලිකුණාටුවක් බවටත් වර්ධනයවීමේ හැකියාවක් ඇතිවිය හැකි බවත් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවේ අතුල කරුණාරත්න මහතා සදහන් කරයි. ඒනිසා අපරභාගයේදි හෝ සන්ධ්යකාලයේදි වැසි සහිත තත්වයක් අද සහ හෙට දිනයේදි පැවතිය ද අප්‍රේල් මස 28, 29 හා 30 දින වල සිට මේ තත්වය වෙනස්වන බව ඒ මහතා පෙන්වා දේ.
නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ශ්‍රී ලංකාවට ගිනිකොණ දෙසින් අඩු පීඩන කලාපයක් වර්ධනය වී ඇත. එය පීඩන අවපාතයක් දක්වා වර්ධනය වීමටත් හැකියාවක් පවතින බවත් අප්‍රේල් මස 27 දින සිට මැයි මස 03 දින දක්වා මෙහි බලපෑම නිසා අයහපත් කාලගුණික තත්වයක් නිර්මාණය වියහැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත. මේ පිළිබදව දැනුවත් කිරීමේ සාකච්ඡාවක් අද දින (26) රාජ්‍ය පරිපාලන සහ ආපදා කළමනාරණ අමාත්‍ය ගරු රජිත් මද්දුමබණ්ඩාර අමාත්‍යතුමාගේ ප්‍රදානත්වයෙන් ආපදා කළමනාකරණ අමත්‍යාංශ ශ්‍රවනාගාරයේ දී පැවැත්විනි.
සබරගමුව, මධ්‍යම, දකුණ, ඌව, බස්නාහිර සහ වයඹ පළාත්වල සවස 2න් පසු වැසි සමග ප්‍රබල අකුණු සහ ගිගුරුම් ඇතිවීමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ගිගුරුම් සහිත වැසි ඇතිවන අවස්ථාවලදී පැයට කිලෝමීටර් 70-80 ක පමණ කෙටිකාලීන තද සුළං ඇති විය හැකි බවත් එම නිවේදනයේ දක්වා ඇත.
අකුණු සහ ගිගිරුම් සහිත වැසි ඇතිවන අවස්ථාවල පහත ආරක්ෂිත පියවර අනුගමනය කිරීමට පියවර ගන්නා ලෙස තවදුරටත් ජනතාවට දැනුම් දේ.
අප්‍රේල් මස 25 වන දින වන විට සමකය ආසන්නයේ නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ශ්‍රී ලංකාවට ගිනිකොණ දෙසින් අඩු පීඩන කලාපයක් වර්ධනය වීමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිවේදනය කර ඇත.
ඇතිවිය හැකි ව්‍යයසන තත්වයන් පිළිබදව ජනතාව සැළකිලිමත් වන ලෙසත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන කාලගුණ නිවේදන පිළිබදව අවධානය යොමුකරන ලෙසත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවගෙන් සහ ධීවර සහ නාවික ප්‍රජාවගෙන් ඉල්ලා සිටී.
2019 අප්‍රේල් 21 දින දිවයිනේ ස්ථාන කීපයක සිදුවු බෝම්බ ප්‍රහාර හේතුවෙන් ජීවිතක්ෂයට පත්වූ පිරිස වෙනුවෙන් ශෝකය ප්‍රකාශ කිරීම සඳහා රජය විසින් අද (23) දින ජාතික ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කෙරුනු අතර 23 දින උදෑසන 8.30 සිට 8.33 දක්වා විනාඩි 03ක නිශ්ශබ්දතාවක් පවත්වා ජීවිතක්ෂයට පත් වූ ජනතාව සිහිපත් කිරීමට කටයුතු කරන උපදෙස් ලබාදී තිබිණි.
News & Events
- Australian Bureau of Meteorology Delegation Meets Director General of the Disaster Management Centre
- උසස් පෙළ විභාගයට ආපදා හේතුවෙන් ඇතිවිය හැකි බාධා වළක්වා ගැනීම
- ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වෙත ජීවිතාරක්ෂක බෝට්ටු නිල වශයෙන් භාරදීම
- ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වෙත මානුෂීය සහ සෙවීම් හා ගලවා ගැනීමේ උපකරණ නිල වශයෙන් භාරදෙයි
- ‘සුපිළිපන් සංස්කෘතියක් - ක්ලීන් ශ්‍රී ලංකාවක්’ ජාතික මෙහෙයුම් වැඩසටහන ආරම්භ කරමින් සුපිළිපන් ප්‍රතිඥාව ලබාදීම.
හදිසි ඇමතුම්
117+94 112 670 002




