ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයට පැවරී ඇති ජාතික අරමුණු කාර්යක්ෂමව හා ඵලදායී ආකාරයෙන් ඉටු කිරීම ගැනීම අරමුණු කර ගනිමින් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ මහතාගේ උපදෙස් අනුව දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සම්බන්ධීකරණ ඒකක භාර සහකාර අධ්යක්ෂවරු වශයෙන් අනුයුක් වූ ශ්‍රී ලංකා යුධ, ගුවන් හමුදා නිළධාරීන් පුහුණු කිරීමේ දෙදින වැඩමුලුව අද දින (25) ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ දී ආරම්භ කෙරිණි.
ආපදා කළමනාකරණ නෛතික පසුබිම සහ ආපදා කළමනාකරණ ක්‍රියාවලිය පිළිබදව මෙන්ම ආයතනික මෙහෙයුම් පටිපාටි පිළිබදව නිළධාරීන් දැනුවත් කිරීම සිදු කෙරේ.
කලුතර දිස්ත්‍රික්කයේ වලල්ලාවිට ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශය තුළ ආපදා අවදානම් ප්‍රදේශ වල ජීවත් වන ජනතාවගේ ජීවිත ආපදාවක දී සුරක්ෂිත කිරීම සදහා කටයුුතු කරනු ලබන රාජ්‍ය නිළධාරීන් ප්‍රථමාධාර හා කඳවුරු කළමනාකරණය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩ ගිය දා (24) සංවිධානය කරන ලදී.
ශ්‍රී ලංකා ගුවන් හමුදා මුලතිව් පුහුණු මධ්‍යස්ථානයේ ආපදා කළමනාකරණය සහ ප්‍රතිචාර දැක්වීම පිළිබද මුලික පුහුණු පාඨමාලාව හදාරණු ලබන ශ්‍රී ලංනා යුධ, ගුවන් සහ නාවික හමුදා, පොලිස් විශේෂ කාර්යබලකා නිළධාරීන් සහ සෙසු නිළයන්ගෙන් සමන්විත කණ්ඩායමක් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ දී ආපදා කළමනාකරණ කටයුතු පිළිබදව පුහුණු වැඩසටහනකට 2022.02.24 දින සහභාගී විය.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්යක්ෂ ජෙනරාල්තුමාගේ උපදෙස් අනුව සංවිධානය කරන ලද මෙම පුහුණු වැඩසටහනට ශ්‍රී ලංකාවේ ආපදා කළමනාකරණ ක්‍රියාවලිය සහ කාලගුණික විපර්යාස හේතුවෙන් ඇතිවන ආපදා අවදානම පිළිබදව මෙන්ම හදිසි මෙහෙයුම් මැදිරියේ ක්‍රියාකාරීත්වය පිළිබදව මෙම පිරිස දැනුවත් කිරීමට කටයුතු කරන ලදී.
Under the guidance and advice of Major General Sudantha Ransinghe (Retd.), Director General of the Disaster Management Centre (DMC), a two day residential consultative workshop was held on 17th & 18th of February 2022 at Hotel Laya Leisure – Kukuleganga, to develop a suitable framework and appropriate humanitarian standards, for safety centers in Sri Lanka.
වෛද්‍ය විද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ වෛද්‍ය ක්ෂේත්රයට අදාලව ආපදා අවදානම් කළමනාකරණ ඩිප්ලෝමා පාඨමාලා හදාරණ වෛද්‍යවරුන් සදහා ආපදා කළමනාකරණ ක්‍රියාවලිය පිළිබද පුහුණු වැඩසටහන 2022.02.15 දින පැවැත්විණි.
News & Events
- க.பொ.த.சாதாரண தர பரீட்சைக் காலத்தில் அனர்த்தங்களினால் ஏற்படக்கூடிய இடையூறுகளைத் தடுப்பதற்கான வேலைத்திட்டம்.
- ධීවර සහ නාවුක ප්‍රජාවට කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් රතු නිවේදනයක්
- ගිණිකොණ දිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ අඩු පීඩන කලාපයක්.
- නිරිතදිග මෝසම් පුර්ව සුදානම වෙනුවෙන් පාර්ශවකාර ආයතන දැනුවත් කෙරේ.
- පුත්තලම දිස්ත්‍රික් නිරිතදිග මෝසම් පෙරසූදානම් කමිටු රැස්වීම
හදිසි ඇමතුම්
117+94 112 670 002