හදිසි අනතුරු ඇඟවීම්

rss

WhatsApp Image 2025-09-15 at 1.26.26 PMආපදාවක් හෝ සුරක්ෂිත පාසල් ස්ථාපිත කිරීම ආපදා අවදානම් කළමනාකරණය සඳහා වන සෙන්දායි රාමුව අනුව ප්‍රමුඛතා ගතකොට ඇති අතර තිරසාර සංවර්ධනය ඉලක්ක යටතේ ගුණාත්මක අධ්‍යාපනයක් තහවුරු කිරීම සඳහාද අත්‍යාවශ්‍ය වේ.

 

Swiss Camenra Handover Programme 2025 1ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ ඉල්ලීම අනුව ස්විස්ටර්ලන්ත රජයේ ආධාර සහ තාක්ෂණික උපදේශකත්වය මත එක්සත් ජාතීන්ගේ කාර්යාලයේ(OCHA) අනුමැතිය ලත් සෙවිම් හා මුදවා ගැනිම් පුහුණු වැඩසටහනට(INSARAG) අනුකූලව මෙරට ආපදා කළමනාකරණ ක්ෂේත්‍රයේ නියැළෙන නිළධාරීන්ගේ ධාරිතාව වර්ධනය කිරීමේ පුහුණු වැඩසටහනට සමගාමීව අධි තාක්ෂණික සෙවීම් සහ මුදවාගැනීම් උපකරණ භාවිතය සම්බන්ධයෙන් නිලධාරීන්ගේ ධාරිතාව වර්ධනය කිරීම සහ සෙවීම් මුදවාගැනීම් යාන්ත්‍රණය ශක්තිමත් කිරීම අරමුණු කරගනිමින් රුපියල් මිලියන 11.2 ක පමණ වටිනාකමින් යුත් සෙවීම් සහ මුදාගැනීමේ කැමරා කට්ටල (FL360LR USAR) දෙකක් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වෙත පරිත්‍යාග කිරීමට ස්විස්ටර්ලන්ත සංවර්ධන හා සහයෝගීතා ආයතනය(SDC) විසින් කටයුතු කරන ලදී.

SLIDA 2025  1ආපදා කළමනාකරණ ක්ෂේත්‍රයේ කටයුතු කරන රාජ්‍ය, ත්‍රිවිධ හමුදා සහ පෞද්ගලික අංශයේ කටයුතු කරන නිලධාරීන්ගේ ධාරිතාව වර්ධනය කිරීම සදහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කටයුතු කරනු ලැබේ. ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ (SLIDA) ඉල්ලීමක් අනුව ශ්‍රී ලංකා පරිපාලන සේවා නිළධාරීන් ආපදා කළමනාකරණ ක්‍රියාවලිය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් අද දින (08/27) ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ දී පැවැත්විනි.

අදියර කීපයක් යටතේ පැවැත්වුණු මෙම දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාව තුළින් ආපදා අවදානම් කළමනාකරණය ක්‍රියාවලිය, ආපදා කළමනාකරණය පිළිබද නෛතික සහ ආයතනික රාමුව, ආපදා පෙරසුදානම් සැළසුම්කරණය, ආයතනික ආපදා කළමනාකරණ සැළසුම් සකස් කිරීම, ආපදා පුර්ව දැනුවත් කිරීමේ ක්‍රියාවලිය සහ සම්බන්ධීකරණ ක්‍රියාවලිය පිළිවදව දැනුවත් කිරීමට කටයුතු කරන ලදී.

 

Mainstreamning DRR Urban Development 2025 16තිරසාර ආපදා අවදානම් කළමනාකරණය සඳහා සියලුම පාර්ශ්වකරුවන් විසින් සම්බන්ධීකරණය කරන ලද සහ කැපවූ ප්‍රවේශයක තීරණාත්මක අවශ්‍යතාවය සහ ආපදා අවදානම් කළමනාකරණය ආංශික සංවර්ධන ක්‍රියාවලීන්ට ඵලදායී ලෙස ඒකාබද්ධ කිරීම සඳහා පවතින ක්‍රමවේද ප්‍රමාණවත් නොවීම හඳුනා ගනිමින්, අදාළ අංශවල වගකිවයුතු ආයතනවල නිලධාරීන්ගෙන් සමන්විත තාක්ෂණික කමිටුවක අධීක්ෂණය යටතේ අංශ-නිශ්චිත මාර්ගෝපදේශ සංවර්ධනය කිරීම සඳහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ව්‍යාපෘතියක් ආරම්භ කරන ලදී.

Disinvwntar Workdhop  15ආපදා අවදානම් කළමනාකරණය සඳහා සංඛ්‍යාත්මක හා අවකාශීය දත්ත භාවිතා කිරීම පිළිබඳ වැඩමුළුවක් 2025 අගෝස්තු මස 20 සහ 21 දිනවලදී ආපදා කළමනාරකණ මධ්‍යස්ථානය ශ්‍රවනාගාරයේ දී පැවැත්විනි.රාජ්‍ය අංශ නියෝජිතයින් සහ 21 පුද්ගලික අංශ නියෝජිතයින් සඳහා පැවැත්වූ අතර, එහි ප්‍රධාන අරමුණ වූයේ ආපදා අවදානම් අවමකිරීමේ ක්ෂේත්‍රයේ නියැලෙන වෘත්තීයවේදීන්ගේ තාක්ෂණික හැකියාව වැඩිදියුණු කිරීමයි.

හදිසි ඇමතුම්

117
පොදු අංකය: +94 112 136 136
හදිසි මෙහෙයුම් මධ්‍යස්ථානය:+94 112 136 222 /
+94 112 670 002
ෆැක්ස් අංකය: +94 112 878 052