Bad Weather 2024අද දින (02) මධ්‍යම, වයඹ සහ උතුරු-මැද පළාත්වලත් මන්නාරම සහ වව්නියා දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 100ට වැඩි තද වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍ය දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත. එසේම දකුණු සහ නැගෙනහිර පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවත් දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවත් එම දෙපාර්තමේන්තුව අද දිනට අදාලව නිකුත් කර ඇති කාලගුණ වාර්තාවේ සදහන් කර ඇත.

එසේම බස්නාහිර,සබරගමුව, මධ්‍යම, උතුරු-මැද සහ ඌව පළාත්වලත් සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිවේදනය කර ඇත.

Initial discussion on providing aid to Myanmar 1පසුගිය මාර්තු 28 වන දින මියන්මාරයේ ඇති වූ ප්‍රබල යුතු භූමිකම්පාව හේතුවෙන් මේ වන විට අද දින වන (31) විට අවම වශයෙන් පුද්ගලයින් 1,700 දෙනෙකු පමණ මියගොස් ඇති අතර කවත් සිය ගණනක් අතුරුදන් වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. එසේම ගොඩනැගිලි සුන්බුන් අතර සිරවී සිටින පුද්ගලයින් මුදා ගැනීමේ කටයුතු තවදුරටත් සිදු කරමින් පවතී. එරට මැන්ඩලේ, නේපිඩෝ සහ භුමිකම්පා කේන්ද්‍රය ආසන්න ප්‍රදේශවලට මෙම භුමිකම්පාව තත්ත්වය හේතුවෙන් දැඩි ලෙස බලපෑම් එල්ල වී ඇති අතර පීඩාවට පත් ජනාතව මුදවාගැනීඹ සහ සහන සැලසීම් කඩ්නම් කිරීම සඳහා මියන්මාර් රජයට කලාපීය වශයෙන් ලබාදිය යුතු මානුෂීය ආධාර අවශ්‍යතා පවතී.

කලාපීය රටත් වන මියන්මාරය සහ ශ්‍රී ලංකාව අතර ඓතිහාසික වශයෙන් ආගමික සහ සමාජ ආර්ථික වශයෙන් වසර ගණනාවක් ඉපැරණි ඉතා සමීප සම්බන්ධතාවයක් පවති. දෙරට අතර පවතින සමීප සම්බන්ධතාව සහ මියන්මාර් රාජ්‍යයට මානුෂිය ආධාර අවශ්‍යතාව සැලකිල්ලට භාජනය කරමින් පීඩාවට පත් ජනතාවට‍ අවශ්‍ය මානුෂීය ආධාර සහ හදිසි ප්‍රතිචාර දැක්වීමේ කණ්ඩායම් ලබාදීම සම්බන්ධව රජයේ අවධානය යොමු වී ඇත.

ඒ අනුව පීඩාවට පත් ජනතාවට‍ අවශ්‍ය මානුෂීය ආධාර සහ සෙවීම් මුදවාගැනීම් කණ්ඩායම් ලබාදීම සම්බන්ධීකරණ කිරීම සඳහා අවශ්‍ය මුලික සාකච්ඡාවක් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනෙරාල්ගේ ප්‍රධානත්වයෙන් අද දින (මාර්තු 31) ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන ශ්‍රවනාගාරයේ දී පැවැත්විනි .

UNFP  2025-03-28 at 09.01 1එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලෙහි සහකාර නියෝජිත ආචාර්ය දයාන් රණතුංග, මානුෂිය සංවර්ධන විශේෂඥ ආචාර්ය රායි බුනනවෙන්තුරා යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් යුතු එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලෙහි නියෝජිත කණ්ඩායමක් මාර්තු 27 වන දින ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනෙරාල් විශ්‍රාමික මේජර් ජනෙරාල් සම්පත් කොටුවේගොඩ මහතා හමුවිය.

ආපදා කළමනාකරණය ක්ෂේත්‍රය තුළ කටයුතු කරන ප්‍රධාන පාර්ශවකාර ආයතනයක් වශයෙන් එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සමග සමීපව කටයුතු කරනු ලබන අතර ඉදිරි වසර තුළ ආපදා අවදානම් කළමනාකරණ ක්ෂේත්‍රයට අදාලව එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල විසින් ක්‍රියාත්මක කරනු ලබන ව්‍යාපෘති පිළිබදව සාකච්ඡා කිරීම මෙම හමුවේ මුලික අරමුණ විය.

ඉදිරි වර්ෂයේ දී එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල විසින් අවදානම් කළමනාකරණ ක්ෂේත්‍රයට අදාලව ක්‍රියාත්මක කරනු ලබන ව්‍යාපෘති ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ ප්‍රමුඛතාවයට අනුකූලව ක්‍රියාත්මක කළ යුතු අංශ කෙරෙහි අවධානය යොමු කිරීමේ වැදගත් කම පිළිබඳව අධ්‍යක්ෂ ජනෙරාල් විසින් අවධානය ලක් කළ අතර අදාළ කාල රාමුව අනුව සැලසුම් කර ඇති වැඩසටහන් ක්‍රියාත්මක කිරීම කෙරෙහි වැඩි අවදානයක් යොමු කිරීමේ වැදගත් කම පෙන්වා දෙන ලදී.

Progress Meeting  4

ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයේ වාර්ෂික ප්‍රගති සමාලෝචන රැස්වීම අධ්‍යක්ෂ ජෙනරාල්ගේ ප්‍රධානත්වයෙන් මාර්තු 29 වන දින ආපදා කළමණාකරණ මධ්‍යස්ථාන ශ්‍රවනාගාරයේ දී පැවැත්විණි. ආපදා කළමනාකරණ ක්ෂේත්‍රය තුළ කටයුතු කරනු ලබන නිලධාරීන් වශයෙන් ඉතා භාරදූර කාර්යභාරයක් ඉටු කරනු ලබන බවත් එබැවින් අධ්‍යක්ෂ ජනෙරාල් වශයෙන් ඒ සඳහා අවශ්‍ය පහසුකම් සැපයීමටත් රාජකාරී ඉටුකිරීමේ දී ඉතා සුහදව කටයුතු කරන බවත් පෙන්වා දුන් අධ්‍යක්ෂ ජනෙරාල්වරයා සුහදත්වය සහ රාජකාරීය පටලාව ගත යුතු නැති බව අවධාරණය කරන ලදී.

එසේම සෑම විටම පවතින නීති සහ රීති වලට අනුකූල වෙමින් කටයුකු කිරීමේ අවශ්‍යතාව පෙන්වාදුන් අතර රාජකාරීයේ දී නීතිය සහ සුහදත්වය පටලවාගත නොගත යුතු බව පෙන්මා දෙන ලදී. නිදහසින් පසු රට ගොඩගැනීම සදහා අවස්ථා හිමි වී ඇති බවත් එම අවස්ථා පැහැර හැරීම නිසා අප සමාජථ ආර්ථික වශයෙන් ගැටලු රාශීයකට මුහුණ දී අැති බවත් පෙන්වා දෙන ලදී. එබැවින් ඉදිරි පරමිපරා කිහිපයකට මෙම රට ගොඩනැගීම භාරදිය යුතු නැති බවත් මේ ලැබී ඇති අවස්ථාව තුළ රාජ්‍ය නිළධාරීන් වශයෙන් රට ගොඩනැගීමේ කාර්යය අප ඉටු කළ යුතු බවත් මෙහි දී අවධාරණය කරන ලදී.

ආපදා කළමනාකණ මධ්‍යස්ථාන සුනාමි ව්‍යසනයෙන් පසු නැවත එවැනි ව්‍යසනය තත්ත්වයක දී සිදුවිය හැකි හානි අවම කරගනිමින් ඉතා හොදින් මුහුණ දීම සඳහා ස්ථාපිත කර ඇති ආයතනය වන බැවින් රට ගොඩනැගීමේ කාර්යභාරය තුළ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වශයෙන් අප විසින් යුතු විශාල කාර්යභාරයක් පවතින බවත් ඒ වගකීම ඉටු කිරීමට සියලු දෙනා අදිටන් කරගත යුතු බවත අවධාරණය කරන ලදී.

DSC 3998 599x400බුත්තල යුධ හමුදා යුධ විද්‍යාලයේ 13 වන ජ්‍යෙෂ්ඨ අණදෙන්නන්ගේ පාඨමාලාව හදාරණු ලබන යුධ හමුදා නිළධාරීන් පිරිසක් සිය පුහුණු පාඨමාලාවට ඇතුලත් විෂය ක්ෂේත්‍රයක් වන ආපදා අවදානම් කළමනාකරණ පිළිබද සිද්ධාන්තික දැනුමක් සහ ආපදාවකට ලක්විය හැකි ජනතාවට පුර්ව අවදානම පිළිබද දැනුවත් කිරීමේ ක්‍රමවේදය සහ හදිසි මෙහෙයුම් මැදිරිය තුළ අදාළ සම්බන්ධීකරණය සිදු කරන ආකාර පිළිබද ප්‍රායෝගික දැනුමක් ලබගැනීමේ අරමුණින් අද දින (03/27) ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිරීක්ෂණ චාරිකාවක නිරත විය.

නිරීක්ෂණ චාරිකාවට පළමුව ආපදා අවදානම් කළමනාකරණ ක්‍රමවේදය පිළිබදව සහ ආපදා කළමනාකරණ හදිසි මෙහෙයුම් ක්‍රමවේදය පිළිබද සිද්ධාන්තික දේශන මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ පැවැත් වු අතර හදිසි මෙහෙයුම් මැදිරිය සහ හදිසි ඇමතුම් මැදිරිය නිරීක්ෂණය සහ ආපදා අවදානම් කළමනාකරණ ක්‍රියාවලිය රට තුළ ක්‍රියාත්මක කරනු ලබන ක්‍රමවේදය පිළිබඳ සාකච්චාමය සංවාදයක් සිදු කෙරිනි.

කාවන්තිස්ස රජ සමයේ ඇති වු මුහුද ගොඩගැලීම් ව්‍යසනයේ දී ද අප විශ්වාශ මත පදනම් කරගනිමින් කටයුත කර ඇති බවත් ආපදා හදිසි ප්‍රතිචාර දැක්වීමේ දී ගත යුතු පියවර පිළබඳ අනුගමනය කරනු ලබන විද්‍යාත්මක ක්‍රමවේද පිළිබදව අප දැනුවත් වී නොසිටි බවත් පෙන්වා දෙන ලදී. එම තත්ත්වය සුනාමි ආපදා හානි සම්බන්ධව සළකා බැලීමේ දී ද මෙම තත්ත්වය මැනවින් අධ්‍යයනය කළ හැකි බවත් මෙම අවස්ථාවට සහභාගී වෙමින් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනෙරාල් සම්පත් කොඩුවේගොඩ මහත පෙන්වා දෙන ලදී.

Call Center

117
General: +94 112 136 136
Emergency Operation Center:+94 112 136 222 /
+94 112 670 002
Fax: +94 11 2670079