ජාතික සුරක්ෂිතා දිනයට සමගාමීව සුනාමි ආපදාවෙන් සහ වෙනත් ආපදා වලින් මියගිය ජනතාව සිහිපත් කරමින් ඔවුන්ට පිං පැමිණවීමේ සර්ව ආගමික වැඩසටහනක් 2018 දෙසැම්බර් 26 දින අද දින රාජ්ය පරිපාලන සහ ආපදා කළමනාකරණ අමාත්යාංශ බිම් මහලේ දී පැවැත්විය.
ලාංකිකයන් වන අපට සුනාමි යන වචනය අසන්නට ලැබුනේ ද සුනාමි ව්යසනයෙන් ලද අමිහිරි අත්දැකීම් වලින් පසුවය. 2004 වර්ෂයේ දෙසැම්බර් 26 දින ශ්රී ලංකා වේලාවෙන් උදෑසන 06.58 ට සුමාත්රා දුපත් ආසන්නයේ සිදුවූ භුමි කම්පාව රික්ටර් පරිමාණ 9.0 ඉක්ම විය. හය එතෙක් ලොව වාර්තා වු තෙවනි විශාලතම භූමි කම්පාව විය. උදෑසන 8.30 ට නැගෙනහිර වෙරළට සුනාමි රළ ලගා විය. දිස්තික්ක 14 ක සුනාමි ආපදාවට මුහුණ දුන් අතර ජීවිත 35,000 ක් අහිමි කර ඇත. කාන්තා, පුරුෂ, ළමා, තරුණ, වැඩිහිඩි සියල්ලම ජාති, ආගම් හෝ දුප්පත් පොහොසත් බේදයකින් තොරව සුනාමි ආපදාවට බිලිවිය.
The National Safety day was announced as per a cabinet approval on 26th of December and this day is continuously commemorated in every year. On this day people who dead due to the Tsunami are commemorated and many religious activities are conducted.
On this Safety day in 2018, priority will be given to multi religious activities and awareness programme around the country.
ආපදාවට පෙර සුදානම ව්යාපෘතිය යටතේ ගංවතුර ආපදා බහුල ප්රදේශ ආශ්රිතව ස්ථාපිත කර ඇති සෙවීම් හා මුදවා ගැනීමේ ඒකක ශක්තිමත් කිරීමේ අරමුණින් බෝට්ටු සදහා එන්ජින් බෙදා දීම ගරු වාරිමාර්ග, ජල සම්පත් සහ ආපදා කළමනාකරණ අමාත්ය දුමින්ද දිසානායක මැතිතුමාගේ ප්රධානත්වයෙන් අද දින (27) වාරිමාර්ග, ජල සම්පත් සහ ආපදා කළමනාකරණ අමාත්යාශ පරිශ්රයේ දී පැවැත්විණි.
ආපදා කළමනාකරණ අමාත්යතුමාගේ සංකල්පයක් අනුව ආපදා නිසා සිදුවන ජීවිත සහ දේපල හානි වළක්වා ගැනීම සඳහා ආපදා පෙරසුදානම් කිරීමේ වැඩසටහනක් වශයෙන් ආරම්භ කරන ලද ආපදාවට පෙර සුදානම වැඩසටහන ආරම්භ කරන ලදී. මෙම වැඩසටහන යටතේ දිවයින පුරා ආපදා බහුල ප්රදේශ කේන්ද්ර කර ගනිමින් ආපදා පෙරසුදානම් සහ දැනුවත් කිරීම් සහ අවම කිරීම් වයාපෘති ක්රියාත්මක කරනු ලැබේ.
දිවයිනට ගිනිකොණ දෙසින් දකුණු බෙංගාල බොක්ක මුහුදු ප්රදේශයේ පවතින අඩු පීඩන තත්වය හේතුවෙන් හම්බන්තොට සිට පොතුවිල් සහ මඩකලපුව හරහා ත්රිකුණාමලය දක්වා මුහුදු ප්රදේශ විටින් විට රළු හෝ ඉතා රළු විය හැකි බැවින් මෙම කලාපයේ ධීවර සහ නාවික කටයුතු වල යෙදීමෙන් වළකින ලෙස කාලගුණවිද්යා දෙපාර්තම්න්තුව අනතුරු අගවා ඇත. එසේම මේ වන විටත් ගැඹුරු මුහුදේ ධීවර කටයුතු සදහා මුහුදු ගොස් සිටින ධීවර ප්රජාව ආරක්ෂිත ප්රදේශ කරා යාත්රා කරන ලෙසත් නිවේදනය කර ඇත.
කාලගුණ විද්යා දෙපාර්තමේන්තුවේ, ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්යස්ථානය විසින් 2018 නොවැම්බර් මස 20 වන දින ප.ව. 15.00 නිකුත් කරන ලද විශේෂ නිවේදනයට අනුව දකුණු දිග බෙංගාල බොක්ක මුහුදු ප්රදේශයේ පවතින අඩු පීඩන කලාපය තවදුරටත් පීඩන අවපාතයක් වර්ධනය වෙමින් බස්නාහිර දෙසට ගමන් කරන බව නිවේදනනයේ සදහන් කර ඇත. මෙම පද්ධතියේ බල පෑම හේතුවෙන් උතුරු සහ මන්නාරම බොක්ක ප්රදේශයේ වැසි සහ සුළං වේගයේ වැඩිවිමක් අද (20) දින සහ හෙට (21) දින වර්ධනය වේ යැයි කාලගුණවිද්ය දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත.
පවතින කාලගුණික තත්වය හේතුවෙන් මුලතිව් සිට කන්කසන්තුරය හරහා මන්නාරම දක්වා වෙරළට ඔබ්බෙන් ඇති මුහුදු ප්රදේශවල අද (20) සහ හෙට (21) දිනයේ දී ධීවර කටයුතු වලින් වැළකී සිටින ලෙස ධීවර ප්රජාවගෙන් ඉල්ලා සිටී.
නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්රදේශය මද රළු ස්වභාවයේ සිට රළු විය හැකි බවත් විටින් විට එය ඉතා රළු විය හැකි බවත් කාලගුණවිද්යා දෙපාර්තමේන්තු නිවේදනයේ සදහන් කර ඇත.
News & Events
- Resilience Starts at Home: International Day for Disaster Risk Reduction Commemoration
- 13 සිට ඉදිරි දින කිහිපය තුළවැසි වැඩිවේ – ආපදා කළමනාකරණ මධ්යස්ථානයෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්
- Official Handing Over of Vehicles to Strengthen Relief and Infrastructure Restoration Efforts During Disasters
- Workshop to Review the "Build Back Better" Guideline for Post-Disaster Recovery
- Multi-Agency Coalition Signs MoU to Operationalize SoP for Flood Anticipatory Action in the Downstream Gal Oya River Basin
Call Center
117+94 112 670 002





