විස්සයි විස්ස නව වර්ෂයේ වැඩ ආරම්භය
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ 2020 වර්ෂයේ වැඩ ආරම්භ කිරීම ආරක්ෂක අමාත්‍යාංශයේ ආපදා කළමනාකරණ අංශය, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සහ ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය නිළධාරීන් සහභාගීත්වයෙන් ආපදා කළමනාකරණ අමාත්‍යාංශ පරිශ්‍රයේ දී පැවැත්විණි.
නව වසරේ වැඩ ආරම්භ කිරීමට ප්‍රථම ආපදා නිසා ජීවිත අහිමි වු ජනතාව රණ විරුවන් සිහිපත් කරිමින් විනාඩියක නිශ්ශබ්දතාවයක් පල කළ අතර 2020 වර්ෂයේ වෙනුවෙන් රාජ්‍ය සේවා ප්‍රතිඥාව ලබා දෙන ලදී.
ජාතික සුරක්ෂිත දින ආපදාවලින් මිය ගිය පිරිස සිහිපත් කෙරේ.
2019 වර්ෂයේ ජාතික සුරක්ෂිත දිනය වෙනුවෙන් සර්ව ආගමික වතාවත් ඉටු කිරීම දිවයින පුරා සංවිධානය කිරීමට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කටයුතු කරන ලදී. ජාතික සුරක්ෂිතා දිනයට සමගාමීව සුනාමි ආපදාවෙන් සහ වෙනත් ආපදා වලින් මියගිය ජනතාව සිහිපත් කරමින් ඔවුන්ට පිං පැමිණවීමේ සර්ව ආගමික වැඩසටහනක් අද දින (26) ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ දී පැවැත්විය. එසේම පෙ.ව. 9.25 සිට පෙ.ව.9.27 දක්වා නිශ්ශබ්දතාව රකිමින් සුනාමි ව්‍යසනයෙන් හා විවිධ ආපදාවලින් මියගිය ශ්‍රී ලාංකිකයින් සිහිපත් කිරීම සිදු කරන ලදී
ගාල්ල, තෙල්වත්ත, පැරෑලිය සුනාමි ස්මාරකය අබියස දී ජාතික සුරත්ෂිතා දින ප්‍රධාන වැඩසටහන පැවැත්වූ අතර සර්ව ආගමික වැඩසටහන්වලට මුල්තැන දෙමින් ව්‍යසන කළමනාකරණය කරගැනීම පිළිබදව මහජනතාව දැනුවත් කරමින් ඔවුන්ගේ ජීවිත සහ දේපළ සුරක්ෂිත කරගැනීමේ වැඩසටහන් දිස්ත්‍රික් මට්ටමින් ක්රික කිරීමට ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන කටයුතු කරන ලදී.
2004 වර්ෂයේ සුනාමි ව්‍යසනයෙන් මියගිය ජනතාව සිහිපත් කිරිම උදෙසා 2005 වර්ෂයේ අමාත්‍ය මණ්ඩල සංදේශයක් මගින් සෑම වසරකම දෙසැම්බර් මස 26 වන දින ජාතික සුරක්ෂිත දිනය ලෙස නම්කර ඇත. එදින කේන්ද්‍ර කරගනිමින් සෑම වර්ෂයකම දෙසැම්බර් 26 දින සුනාමි ව්‍යසනයෙන් සහ අනෙකුත් ව්‍යසන නිසා මියගිය ජනතාව සිහිපත් කරමින් පිං පැමිණවීම ප්‍රධාන තේමාව කරගනිමින් ජාතික සුරක්ෂිතා දිනය සැමරේ.
ආරක්ෂක අමාත්‍යාංශ ආපදා කළමනාකරණ අංශයේ අතිරේක ලේකම්, ආපදා කළමනාරකණ මධ්‍යස්ථානයේ අධ්යක්ෂ ජෙනරාල්, ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ අධ්යක්ෂ ජෙනරාල්, කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජෙනරාල් පොලිස් නාවික ජීවිතාරක්ෂක සහ ආපදා කළමනාකරණ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඇතුලු ආමත්‍යාංශය යටතේ ඇති ආයතන වල සේවය කරන නිළධාරීන් ආපදා කළමනාරකණ මධ්‍යස්ථාන පරිශ්‍රය තුළ පැවති ජාතික සුරක්ෂිත දිනය සර්ව ආගමික වැඩසටහන සදහා අවස්ථාට සහභාගී විය.
මී ඔය අවට පහත්බිම්වල ජනතාවට ඉවත්වීමේ නිවේදන නිකුත් කෙරේ.
අධික වර්ෂාව හේතුවෙන් තබ්බෝව ජලාශයෙන් තප්පරයට ගණ මීටර් 11500 ක පමණ ජල ප්‍රමාණයක් මී ඔයට මුදා හැරේ. මේ නිසා මීඔය දෙපස පහත්බිම්වල ජීවත් වන ජනතාව සුරක්ෂිත ස්ථාන කරා කඩිනමින් ඉවත් වීමට කටයුතු කරන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවට දන්වා සිටී
අධික වැසි හේතුවෙන් අද (20) පස්වරු 5.00 සිට 21 දින පෙරවරු 6.00 දක්වා කාලය තුළ බදුල්ල, පස්සර, බිබිල, ලුනුගල මාර්ගය මාර්ගය වසා තැබේ. මෙම මාර්ගය භාවිතා කරන ජනතාව විකල්ප මාර්ග භාවිතා කරන මෙන් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ලා සිටී.
මහවැලි ගංගාධාර පහත්බිම්වල ජනතාවට ගංවතුර අවධානම් නිවේදන නිකුත් කෙරේ.
පැවති අධික වර්ෂාව හේතුවෙන් මහවැලි ගංගාවේ ජල මටටම ද වැඩිවෙම්න් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත.
මේ නිසා වැලිකන්ද, කින්නියා, මුත්තූර්, සේරුවිල, කන්තලේ, ලංකාපුර, මැදිරිගිිරිය,තමන්කඩුව සහ දිඹුලාගල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලට අයත් මහවැලි ගංගාධාරයේ පහත්බිම් වල ජනතාවට ඒ පිළිබද අවධානයෙන් කටයුතු කරන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දෙයි.
News & Events
- Australian Bureau of Meteorology Delegation Meets Director General of the Disaster Management Centre
- උසස් පෙළ විභාගයට ආපදා හේතුවෙන් ඇතිවිය හැකි බාධා වළක්වා ගැනීම
- ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වෙත ජීවිතාරක්ෂක බෝට්ටු නිල වශයෙන් භාරදීම
- ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වෙත මානුෂීය සහ සෙවීම් හා ගලවා ගැනීමේ උපකරණ නිල වශයෙන් භාරදෙයි
- ‘සුපිළිපන් සංස්කෘතියක් - ක්ලීන් ශ්‍රී ලංකාවක්’ ජාතික මෙහෙයුම් වැඩසටහන ආරම්භ කරමින් සුපිළිපන් ප්‍රතිඥාව ලබාදීම.
Call Center
117+94 112 670 002




