කොළඹ කටුනායක අධිවේගී මාර්ගය අසල කසළ බහාලුම් ස්ථානයේ ඇති වු ගින්න පාලනය කිරීම
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ හදිසි මෙහෙයුම් මැදිරියට ලද ඇමතුමක් අනුව පසුගිය 19 වන දින කටුනායක, සිදූව නගර සභාවට අයත් අම්බලන්මුල්ල ගණ අපද්‍රව්‍ය බහාලුම් අංගනයේ ඇති වු ගින්න නිසා සිදුවිය හැකි හානිය අවම කරගනිමින් පාලනය කිරීම හැකි විය.
සුනාම් පිළිබද කටකථා අසත්‍යයි. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිකුත් කරන නිවේදන අනුව කටයුතු කරන්න.
ඉන්දියානු සාගර කලාපයේ ශ්‍රී ලංකාවට ගිණිකොණ දෙසින් උතුරු අක්ශාංශ අංශක 8 කලා 14 ත් නැගෙනහිර දේශාංශ අංශක 83 කලා 48 ත් අතර ප්‍රදේශයේ රික්ටර් මාපක අංක 5.4 ක භූකම්පනයක් සිදුවී ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිවේදනය කරන ලදී. මෙරට වේලාවෙන් පෙරවරු 2.34 ට සිදුවු මෙම භූ කම්පනය හේතුවෙන් සුනාමි අනතුරු තත්වයක් පිළිබද අවදානමක් නොමැති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිවේදනයක් නිකුත් කරමින් දන්වා ඇත.
නව කොරෝනා වෛරස් රෝගය චීනය තුළ තවදුරටත් ඉහළට. ලෝක සෞඛ්‍ය සංවිධානය
කොරෝනා වෛරසය පිළිබද ගෝලීය තත්ව වාර්තාව ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ඊයේ දින (08) නිකුත් කරන ලද තත්ව වාර්තාවට අනුව රෝගය වැළදුන සංඛ්‍යාව ගෝලීය වශයෙන් 34,886 ක් බව තහවුරු කර ඇති අතර පසුගිය පැය විසිහතර තුළ නව රෝගීන් 3,419 ක් වාර්තා වී ඇති බව එම වාර්තාවේ සදහන් වේ. පෙබරවාරී 07 දින නිකුත් කරන ලද තත්ව වාර්තාවට සාපේක්ෂව රෝගය ව්‍යප්තවීමේ ප්‍රවනතාව සළකා බැලීමේ දී 10.8% ක් දක්වා යම් අඩු වීමක් වාර්තා වී ඇත. රෝගය වැළදුන සංඛ්‍යාවෙන් පුද්ගයින් 34,598 චීන ජාතියින් බව ලෝක සෞඛ්‍ය සංවිධානය තහවුරු කර ඇත. නව නව කොරෝනා ව්‍යාප්තිය සළකා බලනවිට 99.23% ප්‍රමාණයකි. ලෝකයේ අනෙකුත් රටවලින් වාර්තා වන සංඛ්‍යාව 0.8% තරම් අඩු අගයක් වේ. කොරෝනා වෛරස් වැළදුන සංඛ්‍යාවෙන් 6,101 ක ගේ තත්වය බරපතල බවත් කෙරෝනා වෛරස් තත්වය හේතුවෙන් මරණ 723 ක් වාර්තා වී ඇතැයි ද එම වාර්තාව තවදුරටත් පෙන්වා දේ.
කොරොන වයිරස් ගෝලීය උපාය මාර්ගික පෙර සූදානම් සහ ප්‍රතිචාර සැලැස්මට ඇමරිකානු ඩොලර් මිලියන 675 ක් අවශ්‍ය යි. - ලෝක සෞඛ්‍ය සංවිධානය
නව කොරෝනා වයිරස් අවදානම වැළැක්වීම සදහා වන ගෝලීය උපාය මාර්ගික පෙර සූදානම සහ ප්‍රතිචාර සැලැස්ම සදහා ඇමරිකානු ඩොලර් මිලියන 675 ක් අවශ්‍ය බවත් අවදානමට ලක්විය හැකි රටවල් ආරක්ෂා කිරීම වෙනුවෙන් හදිසි සහාය අවශ්‍ය බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නිවේදනය කර ඇත.
ගෝලීය වශයෙන් පැතිර යම්න් පවතින නව කොරෝනා වෛරසය (2019-nCoV) පැතිර යාම වැළැක්වීම සඳහා; ප්‍රමාණවත් සෞඛ්‍ය සේවා පද්ධති නොමැති රටවල් ආරක්ෂා කිරීම සඳහා; සකස් කර ඇති ගෝලීය පෙර සුදානම් සහ හදිසි ප්‍රතිචාර සැලැස්ම ඉදිරි තෙමසක කාලය තුළ (පෙබරවාරී සිට අප්‍රේල් දක්වා) ක්‍රියාත්මක කිරීම සදහා ඇමරිකානු ඩොලර් මිලියන 675 ක මුදලක් වැය වනු ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය ඇස්තමේන්තු කර ඇත.
නව කොරෝනා වෛරස් රෝගය වැළදුන සංඛ්‍යාව ඉහළට, ලෝක සෞඛ්‍ය සංවිධානය
කොරෝනා වෛරසය පිළිබද ගෝලීය තත්ව වාර්තාව ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ඊයේ දින (06) නිකුත් කරන ලද තත්ව වාර්තාවට අනුව රෝගය වැළදුන සංඛ්‍යාව ගෝලීය වශයෙන් 28,276 ක් බව තහවුරු කර ඇති අතර පසුගිය පැය විසිහතර තුළ නව රෝගීන් 3,722 වාර්තා වී ඇති බව එම වාර්තාවේ සදහන් වේ. 05 දින නිකුත් කරන ලද වාර්තාවට සාපේක්ෂව රෝගය ව්‍යප්තවීමේ ප්‍රවනතාව සළකා බැලීමේ දී 15% පමණ වැඩිවීම කි. රෝගය වැළදුන සංඛ්‍යාවෙන් පුද්ගයින් 28,060 චීන ජාතියින් බව ලෝක සෞඛ්‍ය සංවිධානය තහවුරු කර ඇත. නව නව කොරෝනා ව්‍යාප්තිය සළකා බලනවිට 99.23% ප්‍රමාණයකි. ලෝකයේ අනෙකුත් රටවලින් වාර්තා වන සංඛ්‍යාව 0.77% තරම් අඩු අගයක් වේ. කොරෝනා වෛරස් වැළදුන සංඛ්‍යාවෙන් 3,859 ක ගේ තත්වය බරපතල බවත් කෙරෝනා වෛරස් තත්වය හේතුවෙන් මරණ 564 ක් වාර්තා වී ඇතැයි ද එම වාර්තාව තවදුරටත් පෙන්වා දේ.
News & Events
- ආපදා කළමනාකරණ නිළධාරී ධාරිතා වර්ධන වැඩසටහන
- ආපදා කළමනාකරණ ජාතික සැලැස්ම - (2023-2030) පිළිබඳ දැනුවත් කිරීමේ වැඩමුළුව
- පිලිපීන විදේශ අමාත්‍යාංශ අතිරේක ලේකම් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිරීක්ෂණය කරයි.
- දිවයිනේ නිරිත දිග කොටසේ පවතින වැසි තත්ත්වය තවදුරටත් වැඩීවීමක්
- කොරියානු තානාපති කාර්යාල නියෝජිත පිරිසක් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිරීක්ෂණය කරයි.
Call Center
117+94 112 670 002