බස්නාහිර, වයඹ, සබරගමුව, දකුණට අධික උණුසුම් කාලගුණ තත්වයක්.මේ දිනවල බස්නාහිර, වයඹ, සබරගමුව, දකුණ යන පළාත් සහ මොනරාගල දිස්ත්‍රික්කයට අධික උණුසුම් කාලගුණ තත්වයක් පැවතිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත.
මෙම කලාපයේ උණුසුම් දර්ශකය (Heat Index) වැඩි අවදානය යොමු කළ යුතු මට්ටමක පවතී යැයි අපේක්ෂා කරන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කරමින් දන්වා සිටී.
බම්බලපිටිය ප්‍රදේශයේ ඇතිවු ගින්න පාලනය කිරීමට පියවර
අද පස්වරුවේ (28) බම්බලපිටිය, ආර්.ඒ ද මෙල් මාවතේ පිහිටි ඉදිකිරීම් ගොඩනැගිල්ලක ගින්නක් හටගෙන ඇති බවට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ හදිසි මෙහෙයුම් මැදිරියට ලැබුණු දුරකථන ඇමතුමක් අනුව ගිණිනිවීමේ දෙපාර්තමේන්තුව සම්බන්ධීකරණයෙන් මෙම ගිනිගැනීම මැඩ පැවැත්වීමට කටයුතු කරන ලදී.
කොළඹ කටුනායක අධිවේගී මාර්ගය අසල කසළ බහාලුම් ස්ථානයේ ඇති වු ගින්න පාලනය කිරීම
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ හදිසි මෙහෙයුම් මැදිරියට ලද ඇමතුමක් අනුව පසුගිය 19 වන දින කටුනායක, සිදූව නගර සභාවට අයත් අම්බලන්මුල්ල ගණ අපද්‍රව්‍ය බහාලුම් අංගනයේ ඇති වු ගින්න නිසා සිදුවිය හැකි හානිය අවම කරගනිමින් පාලනය කිරීම හැකි විය.
දිවයිනේ ප්‍රදේශ කීපයකට අධික උණුසුම් කාලගුණ තත්වයක්.
මේ දිනවල බස්නාහිර, වයඹ පළාත්වලට සහ මන්නාරම, රත්නපුර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලට අධික උණුසුම් කාලගුණ තත්වයක් පැවතිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත.
මෙම කලාපයේ උණුසුම් දර්ශකය (Heat Index) වැඩි අවදානය යොමු කළ යුතු මට්ටමක පවතී යැයි අපේක්ෂා කරන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කරමින් දන්වා සිටී.
සුනාම් පිළිබද කටකථා අසත්‍යයි. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිකුත් කරන නිවේදන අනුව කටයුතු කරන්න.
ඉන්දියානු සාගර කලාපයේ ශ්‍රී ලංකාවට ගිණිකොණ දෙසින් උතුරු අක්ශාංශ අංශක 8 කලා 14 ත් නැගෙනහිර දේශාංශ අංශක 83 කලා 48 ත් අතර ප්‍රදේශයේ රික්ටර් මාපක අංක 5.4 ක භූකම්පනයක් සිදුවී ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිවේදනය කරන ලදී. මෙරට වේලාවෙන් පෙරවරු 2.34 ට සිදුවු මෙම භූ කම්පනය හේතුවෙන් සුනාමි අනතුරු තත්වයක් පිළිබද අවදානමක් නොමැති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිවේදනයක් නිකුත් කරමින් දන්වා ඇත.
News & Events
- පිලිපීන විදේශ අමාත්‍යාංශ අතිරේක ලේකම් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිරීක්ෂණය කරයි.
- දිවයිනේ නිරිත දිග කොටසේ පවතින වැසි තත්ත්වය තවදුරටත් වැඩීවීමක්
- කොරියානු තානාපති කාර්යාල නියෝජිත පිරිසක් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිරීක්ෂණය කරයි.
- නිරිතදිග මෝසම් වර්ෂාව හේතුවෙන් හට ගන්නාගංවතුරපෙරහුරුඅභ්යාසය
- නිරිතදිග මෝසම් පුර්ව සුදානම වෙනුවෙන් පාර්ශවකාර ආයතන දැනුවත් කිරීම
Call Center
117+94 112 670 002