2020 අර්ධ වාර්ෂික ප්‍රගති සමාලෝචනය රැස්වීම.
ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයේ දිස්ත්‍රික් අර්ධ ප්‍රගති සමාලෝචන රැස්වීම අදියර 04 ක් යටතේ අධ්‍යක්ෂ ජෙනරාල්තුමාගේ ප්‍රධානත්වයෙන් ප්‍රධානත්වයෙන් පැවැත්විණි. කොවිඩ් 19 ව්‍යයසන තත්වය හේතුවෙන් සෞඛ්‍ය නිර්දේශ අනුව ආයතනික කටයුතු පවත්වාගෙන යාම නිසා දිස්ත්‍රික් අර්ධවාර්ෂික ප්‍රගති සමාලෝචනය අධ්‍යක්ෂ ජෙනරාල්තුමාගේ උපදෙස් මත අදියර 04 ක් යටතේ පැවැත්වීමට කටයුතු කරන ලදී.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ දකුණු පළාත්වලට මිලිමීටර් 150 වඩා වැසි ඇතිවිය හැකියි.
දිවයිනට දකුණු දෙසින් වන මුහුදු ප්‍රදේයේ පවතින ක්‍රියාකාරී වළාකුළු පද්ධතිය හේතුවෙන් බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ දකුණු පළාත්වල දැනට පවතින වැසි තත්වය තවදුරටත් වැසි බලාපොරොතුත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිවේදනය කර ඇත.
බස්නාහිර, සබරගමුව, දකුණ සහ මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථාන වල මිලිටීටර් 150 කට වැඩි වර්ෂාපතනයක් ඇති විය හැකි බව එම නිවේදනයේ තවදුරටත් දක්වා ඇත.
දිවයින හරහා පැයට කිලෝමීටර් 40 – 50 දක්වා සුළං පැවතිය හැකි අතර තද වැසි ඇතිවන අවස්ථාවල දී සුළගේ වේගය පැයට කිලෝමීටර් 70 -80 දක්වා ඉහළ යා හැකි බව නිවේදනය කර ඇත.
එසේම පුත්තලම සිට කොළඹ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වන මුහුදු ප්‍රදේශයේ සුළගේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 50-60 දක්වා වැඩිවිය හැකි අතර විවින් විට ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවත් ගිගුරුම් සහිත වැසි ඇතිවන අවස්ථාවල දී සුළගේ වේගය ක්ෂණිකය පැයට කිලෝමීටර් 70 -80 දක්වා වැඩිවිය හැකි බවත් කාළගුණවිද්‍යා දෙපාර්තමේන්තු නිවේදනයේ තවදුරටත් සදහන් කර ඇත.
Introduction Training Programme of MOBILISE Platform
The MOBILISE project (www.mobilise-project.org.uk) has been working with DMC over the last two years to establish the foundation for developing a digital platform that can support multi-agency collaboration and decision making in disaster risk management in Sri Lanka.
දිස්ත්‍රික්ක කීපයකට නායයෑම් අනතුරු පුර්ව ඇගවීම්
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් කොළඹ, කලුතර, කෑගල්ල, රත්නපුර සහ ගාල්ල යන දිස්ත්‍රික්ක සදහා නායයාම් පුර්ව අනතුරු ඇගවීම් නිවේදන නිකුත් කර ඇත. පසුගිය පැය විසි හතර තුළ වර්ෂාපතනය මිලිමීටර් 100 ඉක්මවා ඇති ගාල්ල දිස්ත්‍රික්කයේ ඇල්පිටිය, නාගොඩ සහඑ නියාගම යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල නායයාම් අවදානම් කලාප වල ජීවත් වන ජනතාව තවදුරටත් වර්ෂාව ලැබේ නම් ආරක්ෂත ස්ථාන කරා ඉවත් වීමට සුදානම් වෙන ලෙස නායයාම් අවදානම් නිවේදන නිකුත් කර ඇත.
මුහුදු රළඉහළ යාම සහ ගොඩබිමට පැමිණීමේ අවදානමක් පවතී
අද (15) දින කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් රළඉහළ යාම සහ ගොඩබිමට මුහුදු රළ පැමිණීම පිළිබද අවවාධාත්මක නිවේදනයක් නිකුත් කර ඇත. බේරුවල සිට ගාල්ල මාතර සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා මුහුදු ප්‍රදේශවල මුහුදු රළ මීටර් 2.00 සිට 2.50 ක් දක්වා ඉහළ යා හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද මෙම නිවේදනයේ සදහන් වේ. එසේම මෙම මුහුදු සීමාව තුළ මුහුද රළුවිය හැකි නිසා මෙම මුහුදු සීමාවේ ධීවර සහ නාවුක ප්‍රජාව මේ පිළිබදව සැළකිලිමත් වන ලෙස මෙම නිවේදනයේ තවදුටත් පෙන්වා දී ඇත.
News & Events
- ඊසාන දිග මෝසම් පුර්ව සුදානම වෙනුවෙන් පාර්ශවකාර ආයතන දැනුවත් කෙරේ.
- Coordination of Emergency Donations to Rebuild the Country
- දිවයින වටා වැසි සහිත කාලගුණ තත්ත්වයක්.
- උසස් පෙළ විභාග කාලසීමාව තුළ ආපදා හේතුවෙන් ඇති විය හැකි බාධා වළක්වා ගැනීම
- “ලෝක සුනාමි ආපදා දැනුවත් කිරීමේ දිනට” සමගාමීව පැවැත්වීමට නියමිත ඉන්දියානු සාගර සුනාමි පෙරහුරු අභ්‍යාසය.
Call Center
117+94 112 670 002




