බදුල්ල ආපදා කළමනාකරණ සම්බන්ධීකරණ ඒකකයේ විසින් Save the Children, සර්වෝදය යන රාජ්‍ය නොවන සංවිධානවල සම්බන්ධීකරණයෙන් එක්සත් ජනපද නියෝජිතායතනයේ මානුෂීය ආධාර සඳහා කාර්යාංශය (USAID-BHA) සහාය ඇතිව බදුල්ල ආපදා අධි අවදානම් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 06 ක ග්‍රාම නිලධාරි වසම් 40 ක් තෝරාගෙන ආපදා පෙරසූදානම, නිවැරදි ප්‍රතිචාර දැක්වීම සහ ප්‍රතිසාදනය පිළිබඳ ප්‍රජාව ශක්තිමත් කිරීමේ දෑ අවුරුදු ව්‍යාපෘතියක් බදුල්ල දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කරන ලදී.
තෝරාගත් අධි අවදානම් ග්‍රාම නිළධාරී වසම් තුළ වසමේ ආපදා අවදානම් තක්සේරු කිරීමේ, ආපදා කළමනාකරණ සැලසුම් සකස් කිරීම හා ග්‍රාමීය ආපදා කළමනාකරණ කමිටු ස්ථානගත කිරිම ආරම්භ කරන ලදී. මෙම වැඩසටහන යටතේ මෙම ව්‍යාපෘතිය යටතේ හාලිඇළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ගොඩේගම බී ග්‍රාම නිළධාරී වසම තුළ මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම පසුගිය (ජන) 23 වන දින ආරම්භ කරන ලදී.
මොනරාගල දිස්ත්‍රික්කයේ බඩල්කුඹුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ අකංඩ ග්‍රාම නිළධාරී වසමෙහි වරාදොලවත්ත වතු නිවාස ආශ්‍රිත ප්‍රදේශය අද උදෑසන නායයාමක් වාර්තාවිය. මෙම ප්‍රදේශයේ නාය සක්‍රීය වීමට පෙර නායායම් ලක්ෂණ හදුනාගැනීම නිසා වරාදොලවත්ත වතු නිවාස 21 ක පුද්ගලියන් 61 ක් ආරක්ෂිත මධ්‍යස්ථානඅ වෙත යොමු කිරීමට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් කටයුතු කරනු ලැබීය. අවදානම් නිවාස වල ජීවත් වු පිරිස් ඉවත් කිරීමත් සමග සක්‍රීය වු නාය හේතුවෙන් නිවාස සම්පපුර්ණයෙන්ම විනාශ වී ඇති අතර විමසිලිමත් කම සහ නිසි සම්බන්ධීකරණය තුළින් මෙම නිවාස වල ජීවත් වු පිරිස ඉවත් කිරීම කටයුතු කිරීම නිසා සිදු වීමට තිබු හානි අවම කරගැනීමටත් නිවාසවල ජීවත් වු පුද්ගලයින් ගේ ජීවිත ආරක්ෂා කරගැනීමටත් හැකි විය.
පසුගිය දිනවලදී ඇද හැලුණු වර්ෂාව හේතුවෙන් දැඩි බලපෑමට ලක් වූ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ තමන්කඩුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ මනම්පිටිය සහ ගල්ලෑල්ල ප්‍රදේශවල පහත් බිම් හරහා වැටී ඇති මාර්ග ජලයෙන් යට විය. මේ හේතුවෙන් මෙවර අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට පෙනී සිටින දරුවන් හට ඇති විය හැකි ප්‍රවාහන දුෂ්කරතා මගහැර විභාගයට පෙනී සිටීම සඳහා ක්‍රමවේදයක් සකස් කිරීම පිළිබඳව පොලොන්නරුව දිස්ත්‍රික් ලේකම් සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් සිදු කරන ලැබු ඉල්ලීම මත විභාග දෙපාර්තමේන්තුව විසින් විශේෂිත විභාග මධ්‍යස්ථානයක් පො/මනම්පිටිය සිංහළ මහා විද්‍යාද්‍යාලයේ ස්ථාපිත කරන ලදී.
මෙම විභාග මධ්‍යස්ථානය තුළ සියළු විෂය ධාරා යටතේ ඕනෑම මාධ්‍යයකින් විභාගයට පෙනී සිටීමට අවශ්‍ය පහසුකම් සලසා ඇත. ඒ අනුව මනම්පිටිය, දිඹුලාගල, අරලගංවිල හා වැලිකන්ද යන කොට්ටාශ වල සිට විභාගයට පෙනී සිටීම සඳහා පොළොන්නරුව නගරයේ ඇති පාසැල් වෙත පැමිණීමට නියමිත සිසුන් හට බාධාවකින් තොරව මෙම මධ්‍යස්ථානයේ දී උසස් පෙළ විභාගයට පෙනී සිටීම හැකි වී ඇත.
පවතින අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක දිස්ත්‍රික්ක 07 ක පවුල් 53,641 ක් පමණ පීඩාවට පත් වී ඇති බැවින් ජනතාව මුහුණ දී ඇති පිඩා අවම කිරීම සම්බන්ධව ගෙන ඇති ක්‍රියාමාර්ග සහ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව සොයාබැලීම ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ගරු ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා විසින් අද දින (12) සිදු කරන ලදී.
පවතින ආපදා තත්වය හේතුවෙන් සිදුවී ඇති බලපෑම් සම්බන්ධ දත්ත සහ තොරතුරු සහ පෘඩාවට පත් ජනතාව වෙනුවෙන් මේ දක්වා ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව සොබැලීම සදහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වෙත පැමිණි ආරක්ෂක රාජ්‍ය අමාත්‍යතුමා ජනතාවට අවශ්‍ය සහන සලාසාදීම සම්බන්ධයෙන් නිළධාරීන්ට අවශ්‍ය උපදෙස් ලබා දෙන ලදී.
ඊසාන දිග මෝසම් වර්ෂාව හේතුවෙන් ආන්තික කාලගුණික තත්වයන් නොසලකා හැරිය නොහැකි බැවින් මෙවර උසස් පෙළ විභාග පැවැත්වෙන කාල සීමාව තුළ ආපදාවලින් බාධා නොවී විභාගය පවත්වා ගෙන යාම සදහා හදිසි ප්‍රතිචාර යාන්ත්‍රණය ශක්තිමත් කිරීම සහ ආපදා පූර්ව සූදානම අත්‍යවශ්‍ය කරුණකි. අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා හේතුවෙන් ඇතිවිය හැකි බාධා වළක්වා ගැනීම සදහා විශේෂ ඒකාබද්ධ වැඩපිළිවෙළක් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සහ විභාග දෙපාර්තමේන්තුව ඒකාබද්ධ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කරන ලදී. මේ පිළිබඳව අදාල අංශ දැනුවත් කිරීම ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනෙරාල් විශ්‍රාමික මේජර් ජනෙරාල් සුදන්ත රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් විභාග දෙපාර්තමේන්තුව ඇතුලු පාර්ශව ආයතන නිළධාරීන්ගේ ප්‍රධානත්වයෙන් අද දින (02) ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ දී සිදු කරන ලදී.
News & Events
- මෙවර ශිෂ්‍යත්ව විභාග කාලසීමාව තුළ ආපදා හේතුවෙන් ඇතිවිය හැකි බාධා වළක්වා ගැනීම සදහා වැඩපිළිවෙළක්.
- ජනාධිපතිවරණ සමයේ ඇතිවිය හැකි ආපදා කළමනාකරණය සඳහා විශේෂ වැඩපිළිවෙලක්
- බදුලු ඔය ආශ්‍රිත ආපදා අවදානම අවමකිරීම සහ බදුලු ඔය පරිසර පද්ධතිය තිරසර භාවිතය සඳහා ස්ථිරසාර වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් පාර්ශවකරුවන් අතර විශේෂ සාකච්ජාවක්.
- නිරිතදිග මෝසම් ආපදාවෙන් බලපෑමට ලක් වූ ජනතාවගේ ජන ජීවිතය යලි නගාසිටුවීමට සහ හදිසි ප්‍රතිචාර දැක්වීමේ යාන්ත්‍රණය ශක්තිමක් කිරීම සඳහා ආධාර.
- ඉංගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයට අයත් රත්මල්ගොඩ නැගෙනහිර ග්‍රාම නිළධාරි වසමේ නායයෑම් අවදානම නිරීක්ෂණය කර ජනාතගේ ආරක්ෂාව තහවුරු කරයි.
Call Center
117+94 112 670 002