ආපදා කළමනකාරණ මධයස්ථානය ඉදිරිපිට විද්‍යාමාවතේ පිහිටා තිබු ගසක් පසුගිය දා පැවැති අයහපත් කාලගුණික තත්වය නිසා ඉදිරී යාම හේතුවෙන් ඉවත් කිරීමට කටයුතු කරන ලදී.
ශ්‍රී ලංකා ගුවන් හමුදා මොරවැව පුහුණු මධ්‍යස්ථානයේ සෙවීම් සහ මුදවාගැනීම් පිළිබද පුහුණු පාඨමාලාව හදාරණු ලබන ගුවන් හමුදා නිළධාරීන් පිරිසක් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ දී ආපදා කළමනාරකණ කටයුතු පිළිබදව පුහුණු වැඩසටහනකට 2011.11.25 දින සහභාගී විය.

ඉදිරියේ දී ඊසාන දිග මෝසම් සක්‍රීයවීමත් සමග දිවයිනට බලපෑ හැකි ආපදා හානි අවම කර ගැනීම උදෙසා පූර්ව සූදානම් කටයුතු පිළිබඳව පාර්ශවකාර ආයතන දැනුවත් කිරීම හා සම්බන්ධීකරණය කිරීම වෙනුවෙන් ආපදා කළමනාකරණ මධ්‍යසථානය විසින් සංවිධානය කරන ලද වැඩසටහනක් 2021 නොවැම්බර් මස 16 වන දින දින ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන ශ්‍රවනාගාරයේ දී පැවැත්විණි.
පසුගිය වසර වල දී ඊසාන දිග මෝසම් තත්ත්වය යටතේ සිදු වූ ආපදා තත්ත්වයන් හා හානි පිළිබඳව දැඩි අවධානයක් යොමු කරමින් එලඹෙන මෝසම් වර්ෂාව නිසා ඇතිවිය හැකි ආපදා හේතුවෙන් සිදුවිය හැකි හානිය අමව කර ගැනීම සදහා පාර්ශව කාර ආයතන වල පුර්ව සුදානම සොයා බැලීම සහ ඇතිවිය හැකි ආපදා අවදානම හැකිතාක් දුරට අවම කරලීමට අවශ්‍ය කටයුතු සූදානම් කිරීම මෙම දැනුවත් කිරීමේ මූලික අරමුණ විය.
දිවයින ආසන්නයේ පැවති පහළ වායුගෝලීය කැළඹිලි ස්වභාවය ඉදිරි පැය 24 තුළ අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය විය හැකි බවත් එය බටහිරට බරව වයඹ දෙසට ගමන් කරනු ඇතැයි අපේක්ෂා කරන බවත් කාලගුණ නිවේදනයක් නිකුත් කරමින් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අද දින (23) නිවේදනය කරයි.
වායු ගෝලීය කැලඹිලි ස්වභාවය හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තු නිවේදනයේ සදහන් වේ.
අධ්‍යක්ෂ ජනරාල්තුමාගේ උපදෙස් පරිදි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, අධ්‍යාපන අමාත්‍යාංශය එක්ව ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය, ශ්‍රී ලංකා බාලදක්ෂිකා සංගමය, ජාතික ශිෂ්‍යබට බලකාය සහභාගීත්වයෙන් පාසල් විෂය මාලාවේ විෂය බාහිර ක්‍රියාකාරකම් තුළ ආපදා අවදානම් කළමනාකරණය අනුගත කිරිමේ වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට සැලසුම් කර ඇත. අද දවසේ පාසල් සිසුන් හෙට දවසේ රටේ වගකීම් දරමින් සමාජගත වන පුරවැසියන් වන බැවින් ආපදා අවදානම් අවම කිරීම සම්බන්ධයෙන් න්‍යායාත්මක සහ ප්‍රායෝගික දැනුම ලබාදීම සදහා විෂය බාහිර ක්‍රියාකාරකම් සදහා අන්තර් ග්‍රහණය කිරීම මෙම වැඩසටහනේ අරමුණ වේ.
උක්ත වැඩසටහන ක්‍රියාත්මක් කිරීම පිළිබදව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, අධ්‍යාපන අමාත්‍යංශය, ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය, ශ්‍රී ලංකා බාලදක්ෂිකා සංගමය සහ ජාතික ශිෂ්‍යබට බලකාය යන ආයතනය ප්‍රධානීන්ගේ සහ කේන්ද්‍රීය නිළධාරීන් ඇතුලුව එම ආයතන පළාත් බද නිලධාරීගේ සහභාගීත්වයෙන් අද මාර්ගත ක්‍රමවේදය ඔස්සේ දින (16) ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේදී පැවැත්විණි.
News & Events
- ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජෝර්ජිවා මහත්මිය දිට්වා සුළිකුණාටුව සමයේ නාය යාමට ලක්වූ ස්ථාන නීරීක්ෂණය කරයි. 2026-02-17
- සාමාන්‍ය පෙළ විභාග කාලසීමාව තුළ ආපදා හේතුවෙන් ඇතිවිය හැකි බාධා වළක්වා ගැනීම
- කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පුරෝකථනයට අනුව දිවයින ආසන්නයේ ඇති පීඩන අවපාතය සවස් කාලයේදී පොතුවිල් සහ ත්‍රිකුණාමලය අතරින් දිවයිනට
- දිවයිනට ගිනිකොණ දෙසින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පීඩන අවපාතයක්.
- දිවයිනට ගිනිකොණ දෙසින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ අඩු පීඩන කලාපයක්
Call Center
117+94 112 670 002




