කලුතර දිස්ත්‍රික්කයේ මෙවර සාමාන්‍ය පෙළ විභාගය බාධාවකින් තොරව පවත්වාගෙන යාම සදහා පියවර
මෙවර සාමාන්‍ය පෙළ විභාගය බාධාවකින් තොරව පවත්වා ගෙන යාම සදහා සකස් කරන ලද ආපදා පෙරසුදානම් සැළසුම අනුව සියලු දිස්ත්‍රික්ක තුළ ආපදා තත්වයන් නිසා ඇතිවන බාධා මගහැර ගනිමින් සාමාන්‍ය පෙළ විභාගය සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාමට සදහාවිභාග දෙපාර්තමේන්තුව සමග ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් ප්‍රාදේශීය මට්ටමේ සිට ජාතික මට්ටම දක්වා සම්බන්ධීකරණ යාන්ත්රණයක්දිවයින පුරා ක්‍රියාත්මක කෙරිණි.
කලුතර දිස්ත්‍රික්කය තුළ පැවැති අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් දොඩංගොඩ, වලල්ලාවිට යන ප්‍රදේශීය ලේකම් කොට්ඨාශ වල විභාග මධ්‍යස්ථාන වෙත යාම සදහා ඇති ප්‍රවේශ මාර්ග ජලයෙන් යටවිය. මේ නිසා විභාගයට පෙනී සිටින සිසු දරුවන් සහ විභාග රාජකාරීවල යෙදෙන කාර්ය මංඩල සදහා ප්‍රවාහන දුෂ්කරතා මගහැරීම සදහා අවශ්‍ය කටයුතු සම්බන්ධීකරණය කිරීමට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කටයුතු කරන ලදී.
සාමාන්‍ය පෙළ විභාගය බාධාවකින් තොරව පවත්වාගෙනයාම සදහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ මැදිහත්වේ.
මෙවර සාමාන්‍ය පෙළ විභාගය බාධාවකින් තොරව පවත්වා ගෙන යාම සදහා සකස් කරන ලද ආපදා පෙරසුදානම් සැළසුම අනුව සියලු දිස්ත්‍රික්ක තුළ ආපදා තත්වයන් නිසා ඇති වන බාධා මගහැර ගනිමින් සාමාන්‍ය පෙළ විභාගය සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාමට සදහා ප්‍රාදේශීය මට්ටමේ සිට ජාතික මට්ටම දක්වා විභාග දෙපාර්තමේන්තුව සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය එක්වසම්බන්ධීකරණ යාන්ත්‍රණයක් සකස් කර එය දිවයින පුරා ක්‍රියාත්මක කරනු ලැබේ.
ඒ අනුව පසුගිය දිනවල දී කළු ගංගා ද්‍රෝණියට ඇද හැලුණු වර්ෂාව නිසා කලුතර දිස්ත්‍රික්කයේ බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් පහළ කුඩලිගම ප්‍රදේශයේ ක්ෂණික ගංවතුර තත්වයක් වාර්තා වු අතර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින දරුවන් හට මෙම තත්වය තුළ මුහුණ පෑමට සිදු විය හැකි දුෂ්කරතා මග හැර ගැනීම සදහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය අදාල පියවර ගැණිනි.
සාමාන්‍ය පෙළ විභාග කාලසීමාව තුළ ආපදා හේතුවෙන් ඇතිවිය හැකි බාධා වළක්වා ගැනීම සදහා වැඩපිළිවෙළක්.
සාමාන්‍ය පෙළ විභාගය කාලසීමාව තුළ ආපදා හේතුවෙන් සිදුවිය හැකි බාධා අවම කිරීම වෙනුවෙන් සකස් කරන ලද හදිසි ආපදා ප්‍රතිචාර පෙරසුදානම් සැලැස්ම නිළ වශයෙන් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්යක්ෂ ජනෙරාල් විශ්‍රාමික මේජර් ජෙනරාල් සුදන්ත රණසංහ මහතා විසින් විභාග කොමසාරිස් අමිත් ජයසුන්දර මහතා වෙත භාරදීම අද (15) දින විභාග දෙපාර්තමේන්තු ශ්‍රවනාගාරයේ දී සිදු කෙරිණි.
නිරිතදිග මෝසම් කාල සීමාව තුළ ඇතිවිය හැකි ආන්තික කාලගුණික තත්වයන් නොසලකා හැරිය නොහැකි බැවින් මෙවර සාමාන්‍ය පෙළ විභාග පැවැත් වෙන කාල සීමාව තුළ ආපදා වලින් බාධාවක් නොවී විභාගය පවත්වා ගෙන යාම සදහා හදිසි ප්‍රතිචාර යාන්ත්‍රණය ශක්තිමත් කිරීම සහ ආපදා පූර්ව සූදානම අත්‍යවශ්‍ය කරුණකි. එපමණක් නොව, ඩෙංගු උවදුර හේතුවෙන් විභාගයට පෙනී සිටින දරුවන්ට සිදුවිය හැකි බලපෑම වළක්වා ගැනීම සදහා වන සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කිරීම ද අත්‍යවශ්‍ය වේ. මෙම කරුනු පිළිබද අවධානය යොමු කරනමින් මෙවර සාමාන්‍ය පෙළ විභාග කාල සීමාව තුළ ආපදා හේතුවෙන් ඇතිවිය හැකි බාධා වළක්වා ගැනීම සදහා විශේෂ ඒකාබද්ධ වැඩපිළිවළක් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සහ විභාග දෙපාර්තමේන්තුව ඒකාබද්ධ ක්‍රියාත්මක කෙරිණි. මෙහි දී ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සහ විභාග දෙපාර්තමේන්තුව අනෙකුත් පාර්ශවකාර ආයතන එක්ව ආපදා හේතුවෙන් සාමාන්‍ය පෙළ විභාගයට ඇතිවිය හැකි බාධා අවම කරගැනීම සදහා අවශ්‍ය මෙම ආපදා පෙරසුදානම් සැළස්ම සකස් කිරීමට පියවර ගන්නා ලදී.
අධික උෂ්ණත්වයෙන් ඇතිවිය හැකි පීඩා අවම කරගැනීමට කටයුතු කරන්න.
දිවයිනේ බොහෝ පළාත්වලට මිනිස් සිරුරට දැනෙන උෂ්ණත්වය වැඩිවීමක් පවතින වාර්තා වේ. මෙනිසා ඔබට ඇතිවිය හැකි පීඩා අවම කරගැනීම සදහා සෞඛ්‍ය උපදෙස් පිළිපදින ලෙස ආපදා කළමානාකරණ මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ලා සිටී.
උණුසුම් දර්ශකය කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් ගෝලීය ගණිතම කාලගුණ අනාවැකි ආකෘති දත්ත විශ්ලේෂණ දත්ත මගින් ලබාගත් වායුගෝල ආර්ද්‍රතාව සහ උපරිම උෂ්ණත්ව අගයන් යොදාගනිමින් ගණනය කර ඇති අතර මෙය වායුගෝලීය උෂ්ණත්වය නොවන බවත් ශරීරයට දැණෙන උණුසුම බවත් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එබැවින් අධික උෂ්ණත්වය හේතුවෙන් විජලන තත්වයට පත්වීම සහ ලවන ඉවත්වීම නිසා ඇතිවිය හැකි මස්පිඩු පෙරලීම, අධික උෂ්ණත්වය නිසා ඇතිවන අධික මහන්සිය ඇතිවිය හැකි ය. එසේම ළමුන් අධික උෂ්ණත්වයේ ක්‍රීඩාකිරීම වැනි උෂ්ණත්වයට නිරාවරණය වන ආකාරයේ ක්‍රියාකාරකම්වල නිරතවීම නිසා ශරීර උෂ්ණත්වය නියාමනය කිරීම අඩපන වී ආඝාත තත්වය ඇතිවිය හැකය.
ඉදිරියේ දී නිරිත දිග මෝසම් සක්‍රීයවීමත් සමග දිවයිනට බලපෑ හැකි ආපදා හානි අවම කර ගැනීම උදෙසා පූර්ව සූදානම් කටයුතු පිළිබඳව පාර්ශවකාර ආයතන දැනුවත් කිරීම හා සම්බන්ධීකරණය කිරීම වෙනුවෙන් සංවිධානය කරන ලද වැඩසටහනක් ආපදා කළමනාකරණ මධ්‍යසථානයේ අධ්යක්ෂ ජෙනරාල් විශ්‍රාම මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මැයි මස 11 වන දින දින ආපදා කළමනාකරණ අංශ ශ්‍රවනාගාරයේ දී පැවැත්විණි.
මැයි මස අවසන් සතිය වන විට නිරිත දිග මෝසම් සක්‍රීය විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තු පුරෝකථනය කරයි. මෝසම් වර්ෂාව නිසා ඇතිවිය හැකි ආපදා හේතුවෙන් සිදුවිය හැකි හානිය අමව කර ගැනීම සදහා පාර්ශව කාර ආයතන වල පුර්ව සුදානම සොයා බැලීම සහ ඇතිවිය හැකි ආපදා අවදානම හැකිතාක් දුරට අවම කරලීම සදහා අවශ්‍යය කටයුතු සූදානම් කිරීම මෙම වැඩසටහනේ මූලික අරමුණ විය.
News & Events
- ජාතික හදිසි මෙහෙයුම් සැලැස්ම (2023-2028) යාවත්කාලීන කිරීම වෙනුවෙන් සංවිධානය කරන ලද වැඩමුළුව
- ආපදා හා දේශගුණික තොරතුරු විශ්ලේෂණය සහ ප්‍රතිචාර සඳහා කාලානුරූපී තීරණ ගැනීම පිළිබඳව ධාරිතා වැඩි දියුණු කිරීම පිළිබඳව වැඩමුළුව
- Mainstreaming Disaster Risk Reduction into Development based on Basin Investment Plan- Kelani River Basin
- National level workshop to incorporate recommendation of Midterm Review report of SFDRR
- Child fund ආයතනය සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සමඟ පැවති අවබෝධතා ගිවිසුම
Call Center
117+94 112 670 002