rss

Distribution Seach and Rescue Eqipment to Army 2023-02-12  11මානුෂීය කටයුතු පිළිබඳ ජාත්‍යන්තර සංවර්ධන කාර්යයන් පිළිබද ඇමරිකා එක්සත් ජනපද නියෝජිතායතනයේ සහ ආසියානු ආපදා පෙරසුදානම් මධ්‍යස්ථානය (ADPC) සහය ඇතිව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වෙත ලබා දුන් සෙවීම් හා මුදවාගැනීම් සඳහා ගෝලීය වශයෙන් භාවිතා කරනු ලබන අති නවීන උපකරණ තොගයක් සිරියානු-තුර්කි භුමිකම්පාවෙන් විපතට පත්වුවන් සෙවීම්, මුදවාගැනීම් සහ සහන සැලසීම වෙනුවෙන් පිටත්ව යාමට නියමිත ශ්‍රී ලංකා යුධ හමුදාවේ විශේෂඥ කණ්ඩායමවලට භාවිතා කිරීම සදහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් විශ්‍රාමික මේජර් ජනරාල් සුදන්ත රණසිංහ මහතා විසින් ගම්පොල පිහිටි ශ්‍රී ලංකා යුධ හමුදා මුලික ආපදා ප්‍රතික්‍රියා පුහුණු මධ්‍යස්ථානය වෙත භාරදිම අද දින (12) සිදු කරන ලදී.

 

EarthQuake 2
බුත්තල 
ප්‍රදේශය ආශ්‍රිතව සුළු භූ කම්පන තත්ත්වයක්

බුත්තලපැලවත්ත සීනි කර්මාන්ත ශාලාව ආසන්න ප්‍රදේශය ආශ්‍රිතව සුළු භූ කම්පන තත්ත්වයක් වාර්තා වී ඇති බව භූවිද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය විසින් දැනුම් දී ඇති අතර එය රික්ටර් මාපකයේ 3.0ක අගයක් බවද වාර්තා වී ඇති බව එම නිවේදනයේ සදහන් වේ.

මෙම භූ කම්පනය නිසා කිසිදු හානියක් වාර්තා වී නොමැති අතර මේ සම්බන්ධයෙන් කලබල නොවන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය මහජනතාවට දැනුම් දේ.

භූවිද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් නිකුත් කරන ලද නිවේදනය  සදහා පිිවිසෙන්න

 

 

Preparation of report on the current status of preparedness  1

The Disaster Management Centre (DMC) with the support of the Asian Preparedness Partnership assisted by the Asian Disaster Preparedness Centre (ADPC) made arrangements to engage in a detail study to determine the current status and level of preparedness and response of public, private and community organisations at national, district, divisional and local level in Sri Lanka in disaster management.

The Sri Lanka Preparedness Partnership (SLPP) assisted DMC to facilitate this programme with a view of obtaining recommendations and suggestions for improvement of the overall effectiveness and adeptness in line with the Sendai Framework for Disaster Risk Reduction (SFDRR).

Air Force Officers Training Programme 2023-02-09 1මුලතිව් ගුවන් හමුදා පුහුණු මධ්‍යස්ථානයේ ‍ ආපදා කළමනාකරණය සහ ප්‍රතිචාර දැක්වීම පිළිබද මුලික පුහුණු පාඨමාලාව හදාරණු ලබන ශ්‍රී ලංනා ගුවන් සහ නාවික හමුදා නිළධාරීන් කණ්ඩායමක් ආපදා කළමනාකරණ කටයුතු පිළිබදව පුහුණු වැඩමුලුවකට අද දින (09) සහභාගී විය.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල්තුමාගේ උපදෙස් අනුව සංවිධානය කරන ලද මෙම පුහුණු වැඩසටහනට ශ්‍රී ලංකාවේ ආපදා කළමනාකරණ ක්‍රියාවලිය, ආපදා අවදානම් කළමනාකරණය සම්බන්ධ ගෝලීය වශයෙන් පවතින රමුගත වැඩ සටහන් සහ ආපදා හදිසි මෙහෙයුම් ක්‍රියාවලිය පිළිබද සිද්ධාන්තික කරුනු මෙන්ම මැදිරියේ ක්‍රියාකාරීත්වය සහ හදිසි ඇමතුම් මැදිරිය නිරීක්ෂණය කිරීම මෙම දැනුවත් කිරීමේ පුහුණු සැසියට ඇතුලත් විය.

වර්තමානය තුළ අප අත්දකිම්න් තිබෙන ගෝලීය අවදානම් තත්වයන් සළකා බැලීමේ දී ආපදා අවදානම් කළමනාකරණය කිරීමේ දී ආපදා පෙරසුදානම, සෙවීම් සහ මුදවාගැනීම් ක්‍රියාවලිය මෙන්ම ප්‍රතිෂ්ඨාපන සහ ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය සාර්ථකව සිදු කිරීම සදහා නිශ්චිත ක්‍රියාකාරී සැලසුම් අප සතුවිය යුතු බවත් එම සැලසුම් අනුව ක්‍රියා කිරීම සදහා මනා පුහුණුවක් ලබා තිබිය යුතු බවත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් විශ්‍රාමික මේජර් ජනරාල් සුදන්ත රණසිංහ මහතා පෙන්වා දෙන ලදී.

පීඩන අවපාතය දිවයිනෙන් ඉවතට.
එල්ල වන බලපෑම ක්‍රමයෙන් අඩුවනු ඇතැයි කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදන කරයි.

Bad Weather 2019

දිවයින හරහා ගමන් කරමින් පැවති පීඩන අවපාතය ඊයේ රාත්‍රියේ අඩු පීඩන කලාපයක් බවට පත්ව දිවයිනෙන් ඉවතට ගමන් කර ඇති බවත් අද දිනයේ සිට දිවයිනේ කාලගුණයට ඉන් එල්ලවන බලපෑම අඩුවනු ඇති බවත් අපේක්ෂා කරන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත.

මේ අතර අද දිනයේ උතුරු, නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොලොන්නරුව දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව ද දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තු නිවේදනයේ සදහන් වේ. බස්නාහිර, සබරගමුව, වයඹ, ඌව සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවල මිලිමීටර් 50 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බව තවදුරටත්  එම නිවේදයේ සදහන් වේ.

Call Center

117
General: +94 112 136 136
Emergency Operation Center:+94 112 136 222 /
+94 112 670 002
Fax: +94 11 2670079