ආපදා අවස්ථාවක දී විශේෂ අවස්ථා සහිත පුද්ගලයින් ගේ අවශ්‍යතා පිළිබදව අවධානය යොමු කිරමින් ආපදා අවස්ථාවක දී විශේෂ අවස්ථා සහිත පුද්ගලයින් වෙනුවෙන් තිරසාර වැඩපිළිවෙළක් සකස් කිරීම සදහා වු සාකච්ඡාවක් අගෝස්තු 15 වන දින අධ්‍යක්ෂ ජෙනරාල්තුමාගේ ප්‍රධානත්වයෙන් ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන ශ්‍රවනාගාරයේ දී පැවැත් විනි.
ගෝලීය උණුසුම, කාලගුණික හා දේශගුණික විපර්යාසයන් හා අනෙකුත් ස්වාභාවික හා මානව ක්‍රියාකාරකම් නිසා රටේ ආපදා අවදානම තීව්‍ර වෙමින් පවතින අතර ආපදා හේතුකොට ගෙන සිදුවන මිනිස් ජීවිත හා දේපල විනාශයන් ද වැඩි වෙමින් පවතී. එබැවින් ආපදා අවස්ථාවල දී දැඩි අවදානම් කණ්ඩායමක් වශයෙන් ආබාධිත ජනතාවගේජිවිත හා දේපල සුරක්ෂිත කිරිම සදහා තිරසාර වැඩපිළිවළක් සැකසීම සදහා අධ්‍යක්ෂජෙනරාල්තුමාගේ උපදෙස් මත මෙම වැඩසටහන සංවිධානය කරන ලදී.
විශේෂ ආබාධ සහිත පුද්ගලයින් සදහා පුර්ව දැනුවත් කිරීම සදහා වැඩපිළිවලක් සකස් කිරීම, විශේෂ ආබාධ සහිත ජනතාව දැනුවත් කිරීම සදහා විශේෂීත වු පුහුණු සහ දැනුවත් වැඩ සටහන් ක්‍රියාත්මක කිරීම සහ ආපදා පිළිබද දැනුවත් කිරීමේ පත්‍රිකා සරල සහ රූපමය භාෂාවෙන් සකස් කිරීම මෙන්ම ආපදා කළමනාකරණ ක්‍රියාවලිය සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ වීඩියෝ සදහා සංඥා භාෂා මාධ්‍ය යොදැගැනීම පිළිබදව මෙහි දී අවධානය යොමු කරන ලදී.
විශේෂ ආබාධ සහිත පුද්ගල සංගම් නියෝජිතයින් සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, වාරිමාර්ග දෙපාර්තමේන්තුව, කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව, ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සහ ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථායේ නිළධාරීන් ඇතුලු පිරිසක් මෙම සාකච්ඡාවට සහභාගී විය.
CADRE basic training, training for instructors and instructor workshop is being conducted from 1st – 12th August 2022 at Sri Lanka School of Military Engineering, Embilipitiya.
Twenty Eight (28) participants from National Youth Corps (15), Sarvodaya Movement (06), Sri Lanka Red Cross Society (02), Sri Lanka Action Network for Community Resilience (02), Disaster Management Center (02) and Asian Disaster Preparedness Center (01) being participating to the progremme. This programme is conducted by Panjab Emergency Service. Department – Pakistan. Inauguration Ceremony was held on 01 Sep 22 and the Chief Guest was Major General Sudantha Ranasinghe, RWP, RSP MSc, ndc, psc Director General, Disaster Management Centre.
පසුගිය දිනවල පැවති වර්ෂාධික කාලගුණ තත්වය හේතුවෙන් නුවරඑලිය දිස්ත්‍රික්කයේ ගංවතුර සහ නායයාම් දැඩි අවදානම් තත්වයක් නිර්මාණය වු අතර නායයාම් සහ කණ්ඩි කඩාවැටීම හේතුවෙන් මාර්ග සහ පත් යටිතල පහසුකම් හානියට පත් විය. මෙම තත්වය කළමනාකරණ කරගනිමින් ජනජීවිතය යථාතත්වයට පත් කරගැනීම සදහා අවශ්‍ය පියවර ගන්නා ලදී.
නුවරඑළිය දිස්ත්‍රික්කයේ නායයාමේ අවදානමට ලක් වී ඇති ස්ථාන සහ දැඩි අවදානමට ලක්වී ඇති මහාමාර්ග පරීක්ෂා කිරීමේ සහ ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය කඩිනම් කිරීමේ අරමුණින් අදාල ප්‍රදේශ නිරීක්ෂණය කිරීමට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජෙනරාල් විශ්‍රාමික මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ මහතා අද දින (08.09) කටයුතු කරන ලදී.
ආපදා කළමනාකරණ ක්ෂේත්‍රයේ නියැලෙන ප්‍රාදේශීය මට්ටමේ රාජ්‍ය නිළධාරීන්ගේ ධාරිතාව වර්ධනය කිරීම සදහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් ශ්‍රී ලංකා පෙරසුදානම් සහයෝගීතාව සමග එක්ව දෙදින නේවාසික පුහුණු වැඩසටහනක් පසුගිය දා කුකුලේ ගග ලයා ලෙෂර් හෝටල් පරිශ්‍රයේ දී පැවැත්විණි
News & Events
- නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පීඩන කළාපයක්. දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අයහපත් කාලගුණික තත්ත්වයක්.
- අක්‍රමවත් මිනිස් ක්‍රියාකාරකම් ස්වභාවික ව්‍යසනවලට හේතුවයි. නීති නිසි ආකාරයෙන් ක්‍රියාත්මක කිරීම නිලධාරින්ගේ වගකීමයි.
- උතුරු, උතුරු මැද සහ නැගෙනහිර පළාත් ගංගාද්‍රෝණි 12 ක් සඳහා ගංවතුර අවදානම් පුර්ව දැනුම්දීමක්.
- ඊසාන දිග මෝසම් තත්ත්වය සක්‍රීයවීමට පෙර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ කමිටු රැස්වීම්.
- පස්සර - ලුණුගල මාර්ගයේ 13 හන්දියේ සිදු වූ නායයෑම හේතුවෙන් ඇති වී ඇති මාර්ග අවහිරතා ඉවත් කිරීමට කඩිනම් වැඩපිළිවෙළක්.
அவசர தொடர்புகள்
117+94 112 670 002