කොළඹ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ කමිටු රැස්වීම
කොළඹ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ කමිටු රැස්වීම කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ප්‍රධාන ශ්‍රවනාගාරයේ දී දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මේජර් පදීප් උදුගොඩ, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්යක්ෂ ජෙනරාල් විශ්‍රාමික මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ සහ දිස්ත්‍රික් ලේකම් ගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා පැවැත්විණි.
පසුගිය නිරිත දිග මෝසම් වැසි සමග ඇතිවූ ගංවතුර තත්ත්වය හා නිරිත දිග මෝසම් ආපදා හේතුවෙන් ඇති වු ආපදා හානි සහ ගැටලු පිළිබදවත් තව දුරටත් නොවිසදුණු ගැටළු සම්බන්ධයෙන් මෙහි දී සාකච්චා කළ අතර එම ගැටළු විසදීම සදහා ගතයුතු ක්‍රියා මාර්ග පිළිබද ව මෙහි දී අවධානය යොමු කරන ලදී.
“සෙවීමේ සහ මුදවා ගැනීමේ සිවිල්-මිලිටරි සංවාදය”පිළිබද ජ්‍යාතන්තර සම්මනන්රණය ආපදා කළමනාකරනණ මධ්‍යස්ථානයේ අධ්යක්ෂ ජෙනරාල් විශ්‍රාමික මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ මහතා ගේ ප්‍රධානත්වයෙන් ජපාන තානාපති කාර්යාලයේ පළමු ලේකම් කොෂි අයි චියාගෝ මෙනවිය ගේ සහ නියෝජ්‍ය සෞඛ්‍ය අධ්යක්ෂ ජෙනරාල් වෛද්‍ය හේමන්ත හේරත් මහතාගේ සහභාගීත්වයෙන් ජාතික ආරක්ෂක හා ආපදා කළමනාකරණ අමාත්‍යාංශ ශ්‍රවනාගාරයේ දී පැවැත්විණි.
රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ විද්වත් සහභාගීත්වයක් සහිතව මීට සමගාමීව ආපදා කළමනාකරණ ක්‍රියාවලිය තුළ “සෙවීමේ සහ මුදවා ගැනීමේ සිවිල්-මිලිටරි සංවාදය” තේමා කරගනිමින් විද්වත් කථිකාවතක් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්යක්ෂ ජෙනරාල්තුමාගේ ප්‍රධානත්වයෙන් පැවැති විනි.
නුවරඑලිය දිස්ත්‍රික්කයේ ගංගරාගොල්ල නායයාම් අවම කිරීමේ ව්‍යාපෘතිය
නුවරඑළිය දිස්ත්‍රික්කයේ වලපනේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ මඩුල්ල උතුර ග්‍රාම නිලධාරී වසමේහි කඳු සහිත දැඩි බැවුම් ප්‍රදේශයක ගංරාගේල්ල ගම පිහිටා ඇත. මෙම ගම්මානයට ඉහළ කඳු සහිත ප්‍රදේශයේ භූමිය අස්ථාවර විමෙන් නිරන්තරයෙන් නායයෑම් හා ගල් පෙරලිම් ආපදා හේතුවෙන් නිවාස, දේපළ හා ජිවිත හානි වාර්තා විය. පැවති නායයාම් ආපදා අවදානම් තත්වය අවම කිරීම සදහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්යක්ෂ ජනෙරාල්ගේ සෘජු මැදිහත්වීම යටතේ මෙම ප්‍රදේශයේ ජනතාව මුහුණ දුන් නායයාම් ආපදා අවදානම් අවම කිරීමේ ව්‍යාපෘතියක් 2021 ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ ප්‍රතිපාදන මත ආරම්භ කිරීමට සැලසුම් කෙරිණි. ගංගරාගොල්ල නායයාම් අවම කිරීමේ ව්‍යාපෘතිය සදහා රුපියල් මිලියන 21.6 වැය වන අතර අද දින (10) වනජිවී හා වන සම්පත් ගරු අමාත්‍ය සි.බි.රත්නායක මැතිතුමාගේ ප්‍රධානත්වෙන් ව්‍යාපෘතියේ කටයුතු ආරම්භ කෙරිණි.
ආපදා සහන ලබා දෙන බවට වංචනික ක්‍රියාවලට නොරැවටෙන මෙන් මහජනතාව වෙත කරනු ලබන දැනුම්දීම
නුවරඑලිය දිස්ත්‍රික්කයේ වලපනේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ දඹගොල්ල ගමේ පදිංචි හීන්මැණිකා යන අයගේ නිවසට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නිළධාරී මහතකු වශයෙන් 2021.08.10 දින පැමිණි පුද්ගලයකු ආපදා නිසා හානු වු එම නිවසට වු හානිය වෙනුවෙන් රුපියල් ලක්ෂ පහක මුදලක් අනුමත වී ඇති බවත් එම මුදල ලබා ගැනීමට නම් රුපියල් 13,500 ක මුදලක් ලංකා බැංකුවේ ගිණුමක තැන්පත් කළ යුතු බවත් පවසා ඇත.
අන්දමන් දුපත් ආසන්නයේ ප්‍රබත්වය රික්ටර් මාපක 6.5 ක් වු භූ චලනයෙන් සුනාමි අවදානමක් නොමැත.
උතුරු අක්ෂාංශ අංශක 10.68 ත් නැගෙනහිර දේශාංශ අංශක 92.36 ත් පිහිටීම දැක්වෙන අන්දමන් දුපත් ආසන්නයේ රික්ටර් මාපක 6.5 ක් වු භූ චලනයෙන් ශ්‍රී ලංකාවට සුනාමි අවදානමක් නොමැති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේනදය කරන ලදී.
වැඩි විස්තර සදහා කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කරන ලද නිවේදනය සදහා පිවිසෙන්
News & Events
- මුහුදුරළ ගොඩබිමට පැමිණිමෙන් දක්ෂිණ වෙරළබඩ මාර්ගයේ සිදුවු ගමණාගමන අවහිරතා යථාතත්වයට පත් කිරිම.
- අන්තර්ජාතික සෙවීම් මුදවාගැනීමේ උපදේශක කණ්ඩායම් (INSARAG) පුහුණු කිරීමේ පාඨමාලාව.
- Stakeholder consultation to validate the handbook on Gender, Sexual and Gender Based Violence in Disasters
- පුත්තලම නගර සීමාවෙහි ජලය බැස යන කානු පද්ධති ඩ්‍රෝන යානා මගින් නිරීක්ෂණය කිරීම
- Meeting on Conducting Program Related to Humanitarian Assistance and Disaster Relief (HADR)
හදිසි ඇමතුම්
117+94 112 670 002