මාර්ගයට ගල් පෙරලීමේ අවදානම හේතුවෙන් මහනුවර මහියංගනය මාර්ගය දහඅට වංගුවෙහි දෙවන වංගුව (උඩුදුම්බර) පුදේශයෙන් නැවත දැනුම් දෙන තුරු තාවකාලිකව වසා ඇත.
මෙම මාර්ගය භාවිත කරන්නන් විකල්ප මාර්ග භාවිතා කිරීමටත් හදිසි ඇමතුම් අංත 117 ඇමතීමෙන් මේ පිලිබද විස්තර දැනගැනීමට කටයුතු කරන මෙන් ද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ලා සිටී.
පසුගිය වකවානුව තුළ තුර්කි සිරියානු දේශ සීමාව තුළ සිදු වු භූමිකම්පාව හා ඒ ආශ්‍රිතව සිදු වූ මිනිස් ජීවිත හා දේපළ විනාශය හේතුවෙන් භූමිකම්පා පිළිබඳව ගෝලීය වශයෙන් වැඩි අවධානයක් යොමු විය. එමෙන්ම පෙබරවාරි මාසය තුළ මොනරාගල දිස්ත්‍රික්කයේ බුත්තල ප්‍රදේශය ආශ්‍රිතව අවස්ථා කීපයක දී ඇති වු සුලු භූචලන හේතුකොට ගෙන අප රට තුළ ද භූමිකම්පා පිළිබඳව වැඩි අවධානයක් යොමු වී ඇත. මෙම පසුබිම තුළ ගෝලීය මෙන්ම දේශීය විද්‍යාඥයින්, පර්යේෂකයින් මෙන්ම ජ්‍යෙතීර්වේදීන් ද භූමිකම්පා පිළිබදව විවිධ මත පළ කරන බව නිරීක්ෂණය වේ.
භූවිද්‍යාව පිළිබදව විශේෂඥ දැනුමක් සහිත තාක්ෂණ ආයතනය වන භූවිද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් මේ සම්බන්ධයෙන් සිදුකරනු ලැබු විමසුමේ දී ලොව ඕනෑම තැනක, ඕනෑම වෙලාවක කිසිදු පූර්ව සංඥාවක් නොමැතිව භූමිකම්පාවක් සිදුවි විය හැකි බවත් ඒ සදහා පුරෝකථන ඉදිරිපත් කිරීම අසීරු බවත් එබැවින් ජ්‍යෙතිශය වශයෙන් සිදු කරනු ලබන කරුනු දැක්වීම් සදහා කිසිදු විද්‍යාත්මක හෝ තාක්ෂණික පදනමක් නොමැති බවත් දන්වා ඇත.
ආපදා අවස්ථාවකදී, ආපදාවට පෙර මෙන්ම ආපදාවට පසු කටයුතු කළ යුතු ආකාරය පිළිබඳ වැඩිහිටියන් වශයෙන් අපගේ අවධානය එල්ල විය යුතු කරුණු බොහොමයක් පවති. ආපදාවක දී ජාතික මට්ටමේ සිට ග්‍රාමීය මට්ටම දක්වා ජනතාවගේ ජීවිත සුරක්ෂිත කිරීම සදහා පුර්ව අනතුරු ඇගවීමේ නිවේදන ලබාදීම, අපාදා තත්වයක දී කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව ආපදා අවදානම් ප්‍රදේශවල මහජනතාව, රාජ්‍ය නිළධාරීන් සහ පාසැල් සිසුන් ඇතුලුව අවදානම් ප්‍රදේශවල ජීවත්වන ප්‍රජාවන් දැනුවත් කිරීම, පුහුණු කිරීම හා පුර්ව සුදානම තර කිරීම සදහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සහ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සම්බන්ධීකරණ ඒකක මඟින් විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලැබේ.
ජාතික සමාජ විද්‍යායතනයේ උපාධි හදාරණ උපාධි අපේක්ෂකයින් සදහා ආපදා කළමනාකරණ ක්‍රියාවලිය පිළිබඳ දැනුවත් කිරීම මාර්තු 07 දින ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන ශ්‍රවනාගාරයේ දී පැවැත්විනි. ආපදා අවදානම් අවම කිරිම් සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල ප්‍රජාව දැනුවත් කිරිමේ ජාතික වැඩසටහන යටතේ මෙම දැනුවත් කිරීම සංවිධානය කරන ලදී.
විශ්වවිද්‍යාල ප්‍රජාව දැනුවත් කිරිමේ ජාතික වැඩසටහන යටතේ විශ්වවිද්‍යාල සිසුන් දැනුවත් කිරීම, පර්යේෂණ අවස්ථා ලබාදීම හා සිදු කරනු ලබන පර්යේෂණ සදහා අවශ්‍ය තොරතුරු ලබාදීම, පුස්තකාල පහසුකම් සැලසීම මෙන්ම තෝරාගත් අංශ ඔස්සේ ප්‍රායෝගික පුහුණු අවස්ථා ලබාදීම තුළින් ආපදා කළමනාකරණ ක්ෂේත්‍රය තුළ කටයුතු කිරීමට බලාපොරොත්තු වන විශ්වවිද්‍යාල සිසුන්ගේ දැනුම හා කුසලතාව වර්ධනය කිරීමට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කටයුතු කරනු ලබයි.
“සුනාමියට පෙරහුරුවක් ” සුනාමි ආපදා අවදානම් පාසැල් සදහා සුනාමි ආපදා පෙරසුදාම් පෙරහුරු වැඩසටහන මේ මාර්තු මස 01 දින සිට මාර්තු 03 දින දක්වා දකුණු පළාත තුළ සුනාමි ආපදා අධි අවදානම් පාසැල් මුලික කරගනිමින් ක්‍රියාත්මක කරමින් පවතී. එබැවින් මේ දිනවල සුනාමි ආපදා තත්වයක් පිළිබද පුර්ව අවදානම් නිවේදනයක් ඔබ වෙත ලැබුණ හොත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයෙන් එහි සත්‍ය අසත්‍යතාව විමසන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය මහජනතාවට දැනුම් දෙයි.
මෙම පෙරහුරු වැඩසටහන යටතේ අද (02) දින මාතර මහාමායා විද්‍යාලය, සහ ගාල්ල සුදර්මා මහා විද්‍යාලය යන විද්‍යාලයන්හි පෙරහුරු වැඩසටහන් පැවැත්වූ අතර හෙට දින (03) මාතර කඹුරුගමුව ද්විතීක විද්‍යාලය සහ ගාල්ල මාදම්පාගම මධ්‍යවිද්‍යාලය සහ කුමාර කාශ්‍යප යන පාසල් සදහා සුනාම් පෙරහුරු වැඩසටහන් පැවැත්වීමට නියමිතය. අද දින පැවති පෙරහුරු වැඩසටහන සදහා නිකුත් කරන ලද සුනාම් අවදානම් පිළිබද පුර්ව දැනුම්දීමේ නිවේදනය එම පුහුණු සැසිය සදහා සහභාගී වු නිළධාරියෙතු විසින් මුහුණු පොතට එක්කර ඇති අතර එය මුහුණු පොත හරහා සංසරණය වී ඇත.
මේ සම්බන්ධයෙන් කළබල නොවන ලෙසත් හුදෙක් මෙය පුහුණු සැසියක් සදහා නිතුක් කරන ලද සුනාමි පුර්ව අනතුරු ඇගවීමේ නිවෙිදනයක් පමණක් බවත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දේ. එසේම එවැනි ආපදා පුර්ව අනතරු ඇගවීමක් පිළබව හෝ යම් අවිශ්වාස පුවතක සත්‍යතාව දැනගැනීම සදහා 117 දුරකථන අංකයෙන් විමසන ලෙසත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දේ.
News & Events
- ජනාධිතපතිවරණ කාලසීමාව තුළ විශේෂ ඒකාබද්ධ ආපදා මෙහෙයුම් ඒකකයක්
- මෙවර ශිෂ්‍යත්ව විභාග කාලසීමාව තුළ ආපදා හේතුවෙන් ඇතිවිය හැකි බාධා වළක්වා ගැනීම සදහා වැඩපිළිවෙළක්.
- ජනාධිපතිවරණ සමයේ ඇතිවිය හැකි ආපදා කළමනාකරණය සඳහා විශේෂ වැඩපිළිවෙලක්
- බදුලු ඔය ආශ්රිත ආපදා අවදානම අවමකිරීම සහ බදුලු ඔය පරිසර පද්ධතිය තිරසර භාවිතය සඳහා ස්ථිරසාර වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් පාර්ශවකරුවන් අතර විශේෂ සාකච්ජාවක්.
- නිරිතදිග මෝසම් ආපදාවෙන් බලපෑමට ලක් වූ ජනතාවගේ ජන ජීවිතය යලි නගාසිටුවීමට සහ හදිසි ප්‍රතිචාර දැක්වීමේ යාන්ත්‍රණය ශක්තිමක් කිරීම සඳහා ආධාර.
හදිසි ඇමතුම්
117+94 112 670 002