මහවැලි ගංගාධාර පහත්බිම්වල ජනතාවට ගංවතුර අවධානම් නිවේදන නිකුත් කෙරේ.
පැවති අධික වර්ෂාව හේතුවෙන් මහවැලි ගංගාවේ ජල මටටම ද වැඩිවෙම්න් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත.
මේ නිසා වැලිකන්ද, කින්නියා, මුත්තූර්, සේරුවිල, කන්තලේ, ලංකාපුර, මැදිරිගිිරිය,තමන්කඩුව සහ දිඹුලාගල යන ප්රාදේශීය ලේකම් කොට්ඨාශවලට අයත් මහවැලි ගංගාධාරයේ පහත්බිම් වල ජනතාවට ඒ පිළිබද අවධානයෙන් කටයුතු කරන ලෙස ආපදා කළමනාකරණ මධ්යස්ථානය දැනුම් දෙයි.
ඉදිරි දින කීපය තුළ පළාත් කීපයකට තද වැසි බලාපොරෝත්තු වේ.
බස්නාහිර, සබරගමුව සහ මධ්යම පළාත්වලත් ගාල්ල දිස්ත්රික්කයේත් ඇතැම් ස්ථාන වලට මි.මී. 100-150 පමණ තද වැසි ද, නැගෙනහිර, ඌව සහ වයඹ පළාත්වලත් මාතර දිස්ත්රික්කයේත් ඇතැම් ස්ථාන වලට මි.මී.75-100 පමණ තරමක් තද වැසි ද ඇතිවිය හැකි බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත.
දිවයින පුරා පවතින වැසි තත්ත්වය තවදුරටත්.
උතුර, වයඹ, බස්නාහිර, සබරගමුව, මධ්යම සහ දකුණු පළාත්වලත් අනුරාධපුර දිස්ත්රික්කයේත් ඇතැම් ස්ථානවලට මි.මී. 100-150 පමණ තද වර්ෂාපතනයන් ඇතිවිය හැක. (විශේෂයෙන්ම යාපනය, කිලිනොච්චි, මන්නාරම, පුත්තලම, කුරුණෑගල, ගම්පහ, කොළඹ, කළුතර, රත්නපුර, කෑගල්ල, මහනුවර, නුවර-එළිය, ගාල්ල, මාතර සහ අනුරාධපුර දිස්ත්රික්කවල) සෙසු ප්රදේශවල ඇතැම් ස්ථාන වලට මි.මී 75-100 ක පමණ තරමක් තද වර්ෂාපතනයන්ද ඇතිවිය හැකි බව කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
එසේම කන්කසන්තුරය සිට මන්නාරම සහ පුත්තලම හරහා ගාල්ල දක්වා වන මුහුදු ප්රදේශවල ඇතැම් ස්ථානවලට තද වැසි ඇති විය හැක. දිවයින වටා මුහුදු ප්රදේශවල සුළඟේ වේගය පැ.කි.මි. 20-40 පමණ වන අතර කන්කසන්තුරය සිට මන්නාරම සහ පුත්තලම හරහා ගාල්ල දක්වා මුහුඳු ප්රදේශවල සුළඟේ වේගය විටින් විට පැ.කි.මි. 50 දක්වා ඉහල ඉහල යාමට හැකියාවක් පවතින අතර දිවයින වටා මුහුදු ප්රදේශ විටින් විට තරමක් රළු විය හැකි බව එම නිවේදනයේ සදහන් වේ. ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම මුහුදු ප්රදේශවල (පැ.කි.මී. 70-80 දක්වා) තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර එවිට එම මුහුදු ප්රදේශ තාවකාලිකව ඉතා රළු විය හැකි බව තවදුරටත් නිවේදනයේ සදහන් වේ.
පසුගිය පැය විසි හතරක කාලය සලකාබලන විය අත්තනගලු ඔයේ ජල මට්ටම දූනමලේ ජල මිනුම් ස්ථානයේ අවධානම් මට්ටමේ පවතී. මා ඔයේ ජල මට්ටම බඩල්ගම ප්රදේශයේ දී අවදානම් මටට්මක පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත.
දිවයිනට බලපා ඇති ආපදා තත්වය පිළිබද අවධානය යොමු කෙරේ.

දිවයිනට බලපාන ආපදා තත්වය පිළිබද සමාලෝචන සැසියක් රාජ්ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්ය ජනක බණ්ඩාර තෙන්නකෝන් අමාත්යතුමාගේ හා රාජ්ය පරිපාලන හා ස්වදේශ කටයුතු රාජ්ය අමාත්ය මහින්ද සමරසිංහ අමාත්යතුමාගේ ප්රධානත්වයෙන් අද දින (02) කොළඔ 07, විද්යා මාවතේ ආපදා කළමනාකරණ අමාත්යාංශ ශ්රවනාගාරයේ දී පැවැත්වීය.
දැනට සක්රියවෙමින් පවත්නා ඊසාන දිග මෝසම් තත්වය පිළිබද විශේෂ අවධානය යොමු කරමින් ඇතිවිය හැකි ආපදා අවදානම් අවම කර ගැනිම හා විපතට පත්වන ජනතාවට සහන සැලසීම සදහා කඩිනම් වැඩපිලිවෙලක් සැලසුම් කිරිමටත් ඒ සදහා ආපදා කළමනාකරණ ක්රියාවලියට සම්බන්ධව කටයුතු කරන සියළුම පාර්ශවකරුවන් සහ සංවිධාන ඒකාබද්ධව ක්රියා කිරීමට අවශ්ය වැඩපිළිවළක් සක්ස් කිරීමට නිළධාරීන්ට උපදෙස් ලබාදෙන ලදී.
එසේම දැනට ආපදාවට ලක්වි ඇති දිස්ත්රික් 11 හි දිස්ත්රික් ලේකම්වරු හා ප්රාදේශීය ලේකම් කොට්ඨාශ 35 හි ප්රාදේශීය ලේකම්වරු හා අනෙකුත් නිළධාරීන් සමග නිරන්තරව ජනතාවට අවශ්ය කඩිනම් සහන සැලසීම කටයුතු කිරීමට උපදෙස් ලබාදෙන ලදී.
වායුගෝලීය අයහපත් තත්වය පිළිබද නිරන්තර අවධානය යොමුකරනවා.
පවතින වායුගෝළීය අයහපත් තත්වය පිළිබදව නිරන්තරයෙන් අදාල කාක්ෂණික ආයතන සමග සම්බන්ධීකරණය පවත්වාගෙන යමින් අදාල තත්වයන් පිළිබදව ජනතාව දැනුවත් කිරීමට කටයුතු කරන බව ආපදා කළමනාකරණ මධ්යස්ථානය පෙන්වා දෙයි. ආපදා කළමනාකරණ මධ්යස්ථානයේ දී අද දින පැවති ප්රවෘත්ති සාකාච්ඡාවකට එක්වෙමින් ආපදා කළමනාකරණ මධ්යස්ථානයේ අධ්යක්ෂ ජෙනරාල් ඩබ්ලිව් ඒ ධර්මසිරි මහතා මේ බව පැවසීය.
News & Events
- Resilience Starts at Home: International Day for Disaster Risk Reduction Commemoration
- 13 සිට ඉදිරි දින කිහිපය තුළවැසි වැඩිවේ – ආපදා කළමනාකරණ මධ්යස්ථානයෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්
- Official Handing Over of Vehicles to Strengthen Relief and Infrastructure Restoration Efforts During Disasters
- Workshop to Review the "Build Back Better" Guideline for Post-Disaster Recovery
- Multi-Agency Coalition Signs MoU to Operationalize SoP for Flood Anticipatory Action in the Downstream Gal Oya River Basin
හදිසි ඇමතුම්
117+94 112 670 002




