පර්යේෂණ විද්‍යාත්මක දැනුම මෙන්ම නවීන තාක්‍ෂණික දැනුම හුවමාරු කර ගැනීම සඳහා ආපදා කළමනාකරණ ක්‍ෂේත්‍රයේ වැඩ කරන ජාතික හා ජාත්‍යන්තර සංවිධානවල සහභාගීත්වයෙන් බහු-ආපදා පූර්ව අනතුරු ඇඟවීම් සහ ආපදා අවදානම අවම කිරීම පිළිබඳ ජාත්‍යන්තර සම්මන්ත්‍රණය ඊයේ දින (14) කොළඹ බංඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී ආරම්භ විය.
සමාරම්භක උත්සවයට අභ්‍යන්තර ආරක්ෂක, ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරණ අමාත්‍ය ගරු චමල් රාජපක්ෂ අමාත්‍යතුමා සහ ආරක්ෂක අමාත්‍යාංශ සහ අභ්‍යන්තර ආරක්ෂක, ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරණ අමාත්‍යාංශ ලේකම් මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා වීඩියෝ තාක්ෂණය හරහා මෙම සම්මන්ත්‍රණය සදහා සහභාගී විය.
බුරවි සුළි කුණාටුව දිවයිනෙන් ඉවතට මුහුදු යාම පිළිබද තවදුරටත් අනතුරු අගවයි.
බුරවි සුළි කුණාටුව දිවයිනෙන් බැහැරට ගමන් කරමින් පවතින බවත් එම හේතුවෙන් සුළිකුණාටුවෙන් ගොඩබිමට සිදුවිය හැකි බලපෑම ක්‍රමයෙන් අඩුවෙමින් පවතින බවත් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිවේදනය කර ඇත.
බුරවි සුළි කුණාටුව රාත්‍රී කාලයේ දිවයින තුළට ඇතුලු වේ යැයි කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අගවයි
බුරවි සුළි කුණාටුව රාත්‍රී කාලයේ දිවයින තුළට ඇතුලු වේ යැයි කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අගවයි
බුරවි සුළි කුණාටුව නිරිත බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ත්‍රිකුණාමලයට කිලෝමීටර් 240 ක් නැගෙනහිරට බරව ගිණිකොණ දෙසින් උතුරු අක්ශාංශ අංශක 8 කලා 4 ත් නැගෙනහිර දේශාංශ අංශක 83. කලා 4 ටත් ආසන්නව ස්ථානගතව පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් අදි දින (දෙසැම්බර් 02) නිවේදනය කර ඇත.
මෙම පද්ධතිය ත්‍රිකුණාමලය සහ පේදුරුතුඩුව අතරින් මුලතිව්වලට ආසන්නව ශ්‍රී ලංකාවේ ඊසාන දිග වෙරළින් අද දින (දෙසැම්බර් 02) රාත්‍රී කාලයේ දිවයිනට ඇතුලු වේ යැයි එම නිවේදනයේ සදහන් වේ.
සුළං තත්වයක දී ඔබගේ සුරක්ෂිතතාව තහවුරු කර ගැනීමට පහත පියවර අනුගමනය කරමු.
සුළි සුළගක් යනු උණුසුම් ජල පෘෂ්ඨ මත ඇති වන නිවර්තන කුණාටුවකි.එහි ලක්ෂණ ලෙස අධික වැසි ද,තද සුළං ද,ඇතැම් විට ගංගා හෝ ඇළ මාර්ග දිගේ රට තුළට ඇදෙන ඉහළ ගිය මුහුදු රළ හදුනාගත හැක.
සුළි සුළං නිසා ඇති වන තද වැසි නිසා ගංවතුර වගා බිම්වලට හානි වීම, යටිතල පහසුකම් විනාශ වීම, ගොඩනැගිලි, විදුලිබලය, දුරකථන කම්බි ආදීය විනාශ විය හැකි අතර ජීවිත පවා විනාශ විය හැක.
ශ්‍රී ලංකාවේ ඊසාන දිග මෝසම් කාලයේ දී උතුරු සහ නැගෙනහිර පළාත් වල බොහෝ විට සුළි සුළං ඇති වේ. වසර 2000 දී පැයට සැතපුම් 75 ක වේගයක අධික වේගයෙන් ශ්‍රී ලංකාවට හැමූ සුළි සුළඟ නිසා නිවාස හානි සහ ජනතාවගේ ජිවන කටයුතු අඩාල විය.
ගිනිකොණ දිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ අඩු පීඩන කලාපය මේ වන විට ත්‍රිකුණාමලයට කිලෝමීටර් 750 ක් දුරින් ස්ථාන ගත වී ඇත.

ගිනිකොණ දෙසින් බෙංගාල බොක්ක ප්‍රදේශයේ අඩු පීඩන කලාපයක් වර්ධනය වී ඇති අතර මේ වන විට ත්‍රිකුණාමලයට ගිනිකොණ දෙසින් කිලෝමීටර් 750 ක් දුරින් ස්ථාන ගත වී ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත. මෙම පද්ධතිය ඉදිරි පැය ඉදිරි පැය 12 ක කාලය තුළ ගැඹුරු පීඩන අවපාතයක් දක්වාත් ඊළග පැය 12 ක කාලය තුළ සුළි කුණාටුවක් දක්වා ත් වර්ධනයවීමේ හැකියාවක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අද (30) දින නිවේදනය කර ඇත.
මෙම සුළි කුණාටුව බටහිරට නැඹුරුව වයඹ දෙසට ගමන් කරමින් මඩකලපුව සහ මුලතිව් අතරින් වෙත දෙසැම්බර් මස 02 වැනි බදාදා දින සවස් කාලයේ දී ශ්‍රී ලංකාවේ නැගෙනහිර වෙරළබඩ ප්‍රදේශට ඇතුලු වනු ඇති බව තවදුරටත් එම නිවේදනයේ සදහන් වේ.
මෙම හේතුවෙන් ඉදිරි පැය 24 තුළ දී දිවයිනේ උතුරු සහ නැගෙනහිර ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශ වල නිරන්තරයෙන් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවත් සුළගේ වේගය ක්ෂණිකව පැයට කිලෝමීටර් 80 - 100 පමණ ඉහළ යාමට ඉඩ ඇති බවත් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් සදහන් කර ඇත.
මේ හේතුවෙන් කන්කසන්තුරය, ත්‍රිකුණාමලය, මඩකලපුව හරහා හම්බන්තොට දක්වා වන මුහුදු ප්‍රදේශ වල ධීවර සහ නාවුක කටයුතු වලින් වැළකෙන ලෙස දැනුම් දී ඇත. එසේම දැනට මෙම ප්‍රදේශවලින් මුහුදු ගොස් ඇති ධීවර යාත්‍රා හැකි ඉක්කමනින් ගොඩබිමට පැමිණෙන හෝ ආරක්ෂිත කලාපයකට ගමන් කරන ලෙසත් ධීවර ජනතාවට දැනුම් දේ.
එසේම දෙසැම්බර් දෙවැනි දින සිට නැවත දැනුම් දෙන තුරු දිවයින වටා මුහුදු ප්‍රදේශවල ධීවර සහ නාවුක කටයුතු වල නිරත වීමෙන් වැළකෙන ලෙසත් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව මෙම නිවේදනයේ සදහන් කර ඇත.
මඩකලපුව සිට මුලතිව් දක්වා වෙරළට ආසන්න මුහුදු ප්‍රදේශ වල රළ මට්ටම මීටර් 02 සිට මීටර් 03 ක් දක්වා ඉහළ යාමේ හැකියාවක් පවතින බවත් මේ හේතුවෙන් මුහුදු රළ ගොඩබිම් ප්‍රදේශවලට පැමිණිය හැකි බවත් මෙම නිවේදනයේ සදහන් වේ.
මෙම පද්ධතියේ බලපෑම හේතුවෙන් උතුරු, උතුරු මැද, නැගෙනහිර, වයඹ සහ බස්නාහිර පළාත්වල සුළගේ වේගය විටින් විට ඉහළ යා හැකිය. ඒ අනුව දෙසැම්බර් 01 දින උතුරු, නැගෙනහිර, වයඹ, සහ බස්නාහිර පළාත් වල සුළගේ වේගය පැයට කිලෝමීටර් 50 ත් 60 අතර විය හැකි අතර දෙසැම්බර් දෙවැනි සහ තුන්වන දිනයන් හි උතුරු, උතුරු මැද, නැගෙනහිර, වයඹ, සහ බස්නාහිර පළාත්වල සුළගේ වේගය පැයට කිලෝටීමර් 80 සිට 100 දක්වා ඉහළ යා හැකි බව එම නිවේදනයේ සදහන් වේ.
උතුරු, උතුරු මැද, නැගෙනහිර, වයඹ, සහ බස්නාහිර පළාත්වලට මිලිමිටර් 150 ඉක්ව වු වැසි බලාපොරෝත්තු විය හැකි බවත් සෙසු පළාත් වලද තද වැසි බලාපොරෝත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත.
ඇතිවිය හැකි ආපදා අවදානම් තත්වය පිළිබද දැඩි විමසිල්ලෙන් පසුවන ලෙසත් දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන නිළධාරීන් හෝ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ හදිසි ඇමතුම් අංක 117 අමතා මේ පිළිබදව වැඩි දුර තොරතුරු ලබා ගැනීමට කටයුතු කරන ලෙසත් මේ පිළිබදව නිරන්තරයෙන් ජනතාව දැනුවත් කිරීමට කටයුතු කරන බැවින් මාධ්‍යට සවන් දෙන ලෙසත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය මහජනතාවගෙන් ඉල්ලා සිටී.
මේ සම්බන්ධයෙන් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇති නිවේදන.
News & Events
- කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පුරෝකථනයට අනුව දිවයින ආසන්නයේ ඇති පීඩන අවපාතය සවස් කාලයේදී පොතුවිල් සහ ත්‍රිකුණාමලය අතරින් දිවයිනට
- දිවයිනට ගිනිකොණ දෙසින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පීඩන අවපාතයක්.
- දිවයිනට ගිනිකොණ දෙසින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ අඩු පීඩන කලාපයක්
- 2026 වර්ෂයේ වැඩ ආරම්භය
- ජාතික සුරක්ෂිත දින වැඩසටහන - 2025
හදිසි ඇමතුම්
117+94 112 670 002




