හදිසි අනතුරු ඇඟවීම්

rss

 

ආපදා අවදානම් කළමනාකරණය ක්‍රියාවලිය පිළිබද දැනුම අවබෝධය වැඩිදියුණු කිරීම වෙනුවෙන් පැවැත්වුණු දීප ව්‍යාප්ත චිත්‍ර නිර්මාණ තරගාවලියේ ත්‍යාග ප්‍රදානය

චතර තරගය තග බද දම 2020

පාසල් සිසුන් තුළ ආපදා අවදානම් කළමනාකරණය පිළිබඳ දැනුම අවබෝධය වැඩිදියුණු කිරිම සහ ආපදා අවදානම කළමනාකරණ ක්‍රියාවලියට පාසල් සිසුන්ගේ දායකත්වය ලබා ගැනිම සඳහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සහ අධ්‍යාපන අමාත්‍යාංශය ඒකාබද්ධව සංවිධානය කරන ලද දීප ව්‍යාප්ත චිත්‍ර තරඟාවලියක් පැවැත්විණි.

 

වයස් කාණ්ඩ තුනක් යටතේ පැවැත්වුණු මෙම තරගාවලියේ ජයග්‍රහණ ලබාගත් දරුදැරියන් සදහා ත්‍යාග සස සහතික පත්‍ර ප්‍රදානය කිරීම ලෝක ආහාර වැඩසටහනේ ශ්‍රි ලංකා නේවාසික නියෝජිත බෙන්ඩ්‍රා බාර්ටන් (BRENDA BARTON) මහත්මියගේ ප්‍රධානත්වයෙන් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ ශ්‍රවනාගාරයේ දී පැවැතත්විණි.

 

අභ්‍යන්තර ආරක්ෂාව ස්වදේශ කටයුතු සහ ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය ගරු චමල් රාජපක්ෂ අමාත්‍යතුමා පසුගිය දා ආපදා කළමනාකරණ අංශය නිරීක්ෂණය

Minister Visit 2020අභ්‍යන්තර ආරක්ෂාව ස්වදේශ කටයුතු සහ ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය ගරු චමල් රාජපක්ෂ අමාත්‍යතුමා පසුගිය දා ආපදා කළමනාකරණ අංශය නිරීක්ෂණය කරන ලද අතර කළමනාකරණ මධ්‍යස්ථානය ද නිරීක්ෂණය කරන ලදී. ආපදා කළමනාකරණ අංශයේ ආයතන ප්‍රධානීන් විසින් ආයතනවල ප්‍රගතිය සහ ඉදිරි වැඩසටහන් පිළිබද අමාත්‍යතුමා දැනුවත් කරන ලදී.

 

ආපදා කළමනාකරණ ක්ෂේත්‍රයේ නියැලෙන රාජ්‍ය නිළධාරීන්ගේ අවදානම් කළමනාකරණ පිළිබද පුහුණු පාඨමාලාවක්.

SLIDA Training Course 2020-09-02-05ආපදා කළමනාකරණ ක්ෂේත්‍රයේ නියැලෙන රාජ්‍ය නිළධාරීන්ගේ ධාරිතාව වර්ධනය කිරීම සදහා ලෝක ආහාර සංවිධානයේ මුල්‍ය දායකත්වය යටතේ සිව් දින නේවාසික පුහුණු වැඩසටහන් මාලාවක් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් සංවිධානය කර ඇත. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ පුර්ණ අධීක්ෂණය යටතේ ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනය මගින් මෙම වැසසටහන ක්‍රියාත්මක කරනු ලබන මෙම වැඩසටහන් මාලාවේ පළමු වැඩසටහන පසුගිය දා ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ (SLIDA) දී පැවැත් විය.

ආපදා අවදානම් කළමනාකරණ සංකල්ප, ආපදා කළමනාකරණය පිළිබද නෛතික සහ ආයතනික රාමුව, ආපදා පෙරසුදානම් සැළසුම් සකස්කිරීම, ආයතනික ආපදා කළමනාකරණ සැළසුම් සකස් කිරීම, අන්තර් ජාතික මානුෂීය ආධාර, කාලගුණික හා දේශගුණික වෙනස්කම් හේතුවෙන් ඇතිවිය හැකි ආපදා සහ එහි බලපෑම, ගංවතුර ආපදා කළමනාකරණය, නායයෑම් ආපදා අවදානම් කළමනාකරණය, භූකම්පන අවදානම් කළමනාකරණ, ජාතික මට්ටමේ සිට ග්‍රාමීය මට්ටම දක්වා ආපදා සහන සේවා ක්‍රියාත්මක කිරීමේ ක්‍රියාවලිය, ප්‍රජා මුලික ආපදා කළමනාකරණ ක්‍රියාවලිය, හදිසි ආපදා තත්වයක දී මහජන සෞඛ්‍ය පවත්වාගෙන යාම සහ ඒ සදහා පවතින ජාත්‍යන්තර ප්‍රමිති, ආපදා අවස්ථාවක දී මෘත ශරීර කළමනාකරණය යන විෂය ක්ෂේත්‍ර පුහුණු වැඩසටහන තුළින් ආවරණය කෙරේ.

මධ්‍යම, ඊසාන සහ නැගෙනහිර බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශවල ධීවර සහ නාවුක කටයුුතුවල යෙදීමෙන් වළකින්න.

Multiday Fishing baotsඊසාන දිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ අඩු පීඩන කලාපයක් වර්ධනය වීමේ හැකියාවක් පවතී. අද (18) දින සිට ඉදිරි දින කීපයේ දී උතුරු අක්ෂාංශ 060 ත් 160 ත් අතර සහ නැගෙනහිර දේශාංශ 830-960 අතර මධ්‍යම, ඊසාන සහ නැගෙනහිර බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශවල තද හෝ ඉතා තද ප්‍රහාරාත්මක සුළං සහ තද වැසි ඇතිවිය හැකි බවත් මේ හේතුවෙන් මෙම මෙම මුහුදු ප්‍රදේශ රළු විය හැති බවත් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත.

මේ හේතුවෙන් මෙම මුහුදු කලාපයේ සැප්තැම්බර් 19 දින සිට 22 දින දක්වා යාත්‍රා කිරීමෙන් වැළකී සිටින ලෙස ධීවර සහ නාවුක ප්‍රජාව වෙත දැනුම් දී ඇති අතර මේවන විටත් එම මුහුදු ප්‍රදේශවල ධීවර සහ නාවුක කටයුුතු වල යෙදෙමින් සිටින යාත්‍රා හැකි ඉක්මනින් වාඩාත් ආරක්ෂිත මුහුදු ප්‍රදේශ වෙත යාත්‍රා කරන ලෙස තවදුරටත් දැනුම් දෙනු ලැබේ.

 

බුත්තල පිහිටි නිළධාරී ප්‍රගමන ප්‍රවර්ධන මධ්‍යස්ථානය පුහුණු නිළධාරීන් කළමනාකරණ මධ්‍යස්ථානයේ නිරීක්ෂණ චාරිකාව.

student in Buthtala OCDC visit to dmcබුත්තල පිහිටි නිළධාරී ප්‍රගමන ප්‍රවර්ධන මධ්‍යස්ථානයේ පුහුණුව ලබන යුධ හමුදා නිළධාරීන් පිරිසක් සිය පුහුණු පාඨමාලාවට ඇතුලත් විෂය ක්ෂේත්‍රයක් වන ආපදා අවදානම් කළමනාකරණ පිළිබද සිද්ධාන්තික දැනුමක් සහ ආපදාවකට ලක්විය හැකි ජනතාවට පුර්ව අවදානම පිළිබද දැනුවත් කිරීමේ  ක්‍රමවේදය සහ හදිසි මෙහෙයුම් මැදිරිය තුළ අදාළ සම්බන්ධීකරණය සිදු කරන ආකාර පිළිබද ප්‍රායෝගික දැනුමක් ලබගැනීමේ අරමුණින් අද දින (07) ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිරීක්ෂණ චාරිකාවක නිරත විය.

හදිසි ඇමතුම්

117
පොදු අංකය: +94 112 136 136
හදිසි මෙහෙයුම් මධ්‍යස්ථානය:+94 112 136 222 /
+94 112 670 002
ෆැක්ස් අංකය: +94 112 878 052