මහනුවර - වලපනේ මාර්ගයේ මල්ලපට්ටාව නායයාම් අවදානම් ප්‍රදේශය නිරීක්ෂණය කිරීම.
2019 වර්ෂයේ දී නායයාමට ලක්වූ මහනුවර-වලපනේ මාර්ගයේ මල්ලපට්ටාව ප්‍රදේශය තවදුරටත් නායයාම් අධි අවදානම් කලාපයක් මෙන්ම සක්‍රිය වු නායයාම් තත්වයක් සහිත කලාපයක් වශයෙන් ජාතික ගොඩනැගිලි පර්යේෂණය සංවිධානය විසින් නම්කර ඇත. එබැවින් වර්ෂා කාලයේ දී ඇතිවිය හැකි අවදානම තත්වය අවම කර ගනිමින් මහජනතාවගේ ජීවිත සහ දේපළ සුරක්ෂිත කර ගැනීම සදහා බොහෝ අවස්ථාවල මහනුවර-වලපනේ මාර්ගය මලපට්ටාව ප්‍රදේශයෙන් තාවකාලිකව වසා දැමීමට කටයුතු කෙරේ.
අම්පිටියකන්ද සහ මකල්දෙනිය නිවාස සංකීර්ණ සම්බන්ධයෙන් ඉදිරිපත් වු මහජන පැමිණිලි පිළිබද සොයාබැලීම.
මීරියබැද්ද සිදුවු නායයාම් ආපදාව නිසා නිවාස අහිමිව අවතැන් වු පිරිස නැවත පදිංචි කර ඇති මකල්දෙනිය නිවාස සංකීර්ණයේ සහ නාය යාම් දැඩි අවදානම පවතින ප්‍රදේශවල ජනතාව නැවත පදිංචි කිරීමේ වැඩ සටහන යටතේ අධි අවදානම් ප්‍රදේශවල ජීවත් වු ජනතාව නැවත පදිංචි කර ඇති අම්පිටිය කන්ද නිවාස සංකීර්ණයේ පවතින අඩුපාඩු සම්බන්ධයෙන් ඉදිරිපත් වු මහජන පැමිණිලි පිළිබඳව සොයා බැලීම සදහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්යක්ෂ ජෙනරාල් විශ්‍රාමික මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ මහතා එම නිවාස සංකීර්ණ අද දින (01) නිරීක්ෂණ කරන ලදී.
රත්නපුර දිස්ත්‍රික්කයට ගංවතුර අවදානම් පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධතියක්
නිරන්තරයෙන් ගංවතුර අවදානමට පාත්රවන රත්නපුර දිස්ත්‍රික්කයේ ගංවතුර ආපදා අවදානම් කලපාවල ජීවත්වන ජනතාවට ගංවතුර අවදානම පිළිබදව දැනගැනීමට හැකිවන පරිදි ආපදා පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධතියක් වාරිමාර්ග දෙපාර්තමේන්තුව, සබරගමුව පළාත් සභාව, රත්නපුර දිස්ත්‍රක් ලේකම් කාර්යාලය හා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය එක්ව ස්ථාපිත කර තිබේ.
හම්බන්තොට දිස්ත්‍රිත්කයේ පානීය ජල අවශ්‍යතා ඇති පාසල් සදහා ජල ටැංකි ලබාදීම.
අභ්‍යන්තර ආරක්ෂක, ස්වදේශ කටයුතු සහ ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යංශය හා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ මෙහෙයවීමෙන් හම්බන්තොට දිස්ත්‍රික්කය තුළ පානීය ජල අවශ්‍යතා ඇති පාසල් සදහා ජල ටැංකි බෙදාදීම අභ්‍යන්තර ආරක්ෂක, ස්වදේශ කටයුතු සහ ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ අමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා සිදුකෙරිණි.
ආපදා ප්‍රතික්‍රියා මුලික පාඨමාලාව හදාරණ යුධ හමුදා භට පිරිස් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිරීක්ෂණය.
ගම්පොල පිහිටි ශ්‍රී ලංකා යුධ හමුදා මුලික ආපදා ප්‍රතික්‍රියා පුහුණු මධ්‍යස්ථානයේ ආපදා ප්‍රතික්‍රියා මුලික පාඨමාලාව හදාරණ යුධ හමුදා භට පිරිස් පාඨමාලාවේ අංගයක් වශයෙන් ආපදා කළමනාකරණ ක්‍රියාවලිය පිළිබදවත් හදිසි මෙහෙයුම් මැදිරි ක්‍රියාකාරීත්වය සහ පුර්ව අනතුරු ඇගවීමේ ක්‍රමවේදය පිළිබදවත් සිද්ධාන්තික මෙන්ම ප්‍රායෝගිග දැනුම ලබාගැනීමේ අරමුණින් ආපදා කළමානරකණ මධ්‍යස්ථානයේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.
News & Events
- මියන්මාරයේ ඇති වූ භූමිකම්පාවෙන් පීඩාවට පත් ජනතාවට මානුෂීය ආධාර
- ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදා සහන කණ්ඩායම මියන්මාරයේ මානුෂීය කටයුතු අඛණ්ඩව ඉදිරියට
- කඩිනමින් හදිසි ප්‍රතිචාර සේවා සඳහා ත්‍රිවිධ හමුදා විශේෂ කණ්ඩායමක් මියන්මාරය බලා පිටත් වේ.
- කඩිනමින්හදිසි ප්‍රතිචාර සේවා සඳහා ත්‍රිවිධ හමුදා විශේෂ කණ්ඩායමක් මියන්මාරය බලා පිටත් වේ.
- අකුණු අනතුරු වලින් ආරක්ෂා වෙමු.
හදිසි ඇමතුම්
117+94 112 670 002