පසුගිය දිනවල පැවති අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් ඇතිවු ආපදා නිසා නුවරඒලිය දිස්ත්‍රික්කයේ පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සහ හානියට පත් යටිතල පහසුකම් ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය කඩිනම් කිරීමේ අරමුණින් අදාල නිළධාරීන්ගේ සහභාගීත්වයෙන් ඒම ප්‍රදේශ නිරීක්ෂණය කිරීමට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජෙනරාල් විශ්‍රාමික මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ මහතා අද දින (2021.11.12) කටයුතු කරන ලදී.
නුවරඒලිය දිස්ත්‍රික්කයේ ගංවතුර සහ නායයාම් ආපදා අවම කරගැනීම සම්බන්ධයෙන් පවතින ගැටලු සහ ගත හැකි ක්‍රියාමාර්ග පිළිබදව නුවරඒලිය නගරාධිපති සහ අතිරේක දිස්ත්‍රික් ලේකම් ඇතුලු රාජ්‍ය නිළධාරීන් සමග දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති සාකච්ඡාවෙන් අනතුරුව නුවරඑලිය නගරයේ සහ තදාසන්න ප්‍රදේශවල හානියට හානියට පත් වු නිවාස සහ යටිතල සහසුකම් සහ ඒම ප්‍රදේශවල ගංවතුර අවදානම සදහා බල පා ඇති සාධක පිළිබදව සොයා බැලීම සිදු කරන ලදී.
මෙහි දී නගරයේ ගංවතුර අවදානම අවම කිරීම සදහා පළාත්පාලන ආයතනය සමග දිගුකාලීන ඒ්කාබද්ධ වැඩසටහනක් ආරම්භ කිරීම පිළිබදව නිළධාරීන්ට අවශ්‍ය උපදෙස් ලබා දෙන ලදී.



පසුගිය දිනවල පැවති අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් ඇතිවු ආපදා නිසා බදුල්ල දිස්ත්‍රික්කයේ පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සහ හානියට පත් යටිතල පහසුකම් ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය කඩිනම් කිරීමේ අරමුණින් අදාල නිළධාරීන්ගේ සහභාගීත්වයෙන් ඒම ප්‍රදේශ නිරීක්ෂණය කිරීමට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජෙනරාල් විශ්‍රාමික මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ මහතා අද දින (2021.11.11) කටයුතු කරන ලදී.
බදුල්ල දිස්ත්‍රික්කයේ හාලිඇල ප්‍රාදේශීය ලේකම් කොඨටාශයේ ආපදා අවදානම් සුරක්ෂිත නිවාස ඉදිකිරීම් නිරීක්ෂණය කිරීම ද සිදු කළ අතර බදුල්ල දිස්ත්‍රික්කයේ ගංවතුර ආපදා හේතුවෙන් අවතැන් වු ජනතාවට රජයේ වන්දි ලබා දීම සහ ප්‍රතිසංස්කරණ සහ පුනුරුත්තාපන කටයුතු කඩිනමින් ඉටු කිරීමට පියවර ගන්නා ලෙස අධ්‍යක්ෂ ජෙනරාල්තුමා විසින් අදාල නිළධාරීන්ට උපදෙස් ලබා දෙන ලදී.



ඉදිරි පැය 24 තුළ ගිනිකොණ දිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ අඩු පීඩන කලාපයක් වර්ධනය වීමේ හැකියාවක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිවේදනය කර ඇත. මෙම අඩු පීඩන කලාපය තවදුරටත් වර්ධනය වෙමින් ශ්‍රී ලංකාවේ උතුරු දෙසට ගමන් කරනු ඇති බවත් එම නිවේදනයේ සහන් වේ.
මෙම අඩුපීඩන කලාපය හේතුවෙන් ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ සහ දිවයිනේ දකුණු දිග මුහුදු ප්‍රදේශවල තද වැසි සමග විටින් විට හමන සුළග පැයට කිලෝමීටර් හැටක් හැත්තෑවක් දක්වා ඉහළ හැකි බැවින් ගිණිකොණ දිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ සහ දිවයිනේ දකුණු දිග මුහුදු ප්‍රදේශවල ධිවර සහ නාවුක කටයුතු වලින් වැළකී සිටින මෙන් කාලගුණවිද්‍යා පාර්තමේන්තුව විසින් නිකුත් කර ඇති නිවේදනයේ සදහන් වේ.
එසේම ඉහත පද්ධතියේ බලපෑම හේත්වෙන් ඉදිරි දින කීපය තුළ ද දිවයිනේ පවතින වැසි සහිත කාලගුණික තත්වය තවදුරටත් පැවැතිය හැකි බවත් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කර ඇත. උතුරු, වයඹ, බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් අනුරාධපුර, ත්‍රිකුණාමලය, නුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 150ට වැඩි ඉතා තද වැසි ඇතිවිය හැකි බවත් මාතලේ, පොලොන්නරුව, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මි.මී. 100 පමණ තද වැසි ඇති විය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත.
මෙවර ආපදා තත්වය ක්‍රමිකව ඇති වු තත්වයක් බවත් ආපදා තත්වය පිළිබදව මහජනතාව දැනුවත් කිරීමට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ඇතුලු තාක්ෂණික ආයතන විසින් කටයුතු කළ අතර විශේෂයෙන් ම ආපදා අවදානම් ඇති ප්‍රදේශවල ජනතාව ඒම ප්‍රදේශ වලින් ඉවත් නොවීම නිසා සහ අපරීක්ෂා කාරී ආකාරයෙන් කටයුතු කිරීම නිසා මෙවර ආපදා හානි වාර්තා වී ඇති බවත් මහජන ආරක්ෂාව සැලසීම රජයේ වගකීමක් බැවින් අවදානම් නොතකා කටයුතු කරන්නේ නම් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සිදුවෙන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන අධ්‍යක්ෂ ජෙනරාල් විශ්‍රාමික මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ මහතා පැවසීය. පවතින අයහපත් කාලගුණය හේතුවෙන් ඇතිවිය හැකි ආපදා තත්වය පිළිබදව මහජනතාව දැනුවත් කිරීම සම්බන්ධයෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද (10) දින පැවති මාධ්‍ය හමුවේ දී අධ්‍යක්ෂ ජෙනරාල්තුමා මේ අදහස් පල කරන ලදී.
සුනාමි ආපදාවක සුරක්ෂිතාව තවහුරු කර ගැනීම සම්බන්ධයෙන් ලෝක අවධානය යොමු කරවීම සදහා 2015 වර්ෂයේ දී එක්සත් ජාතීන්ගේ මහා මංඩල සැසිවාරයේ දී සුනාමි ආපදා පිළිබදව දැනුවත් කිරීම සදහා සෑම වර්ෂයකම නොවැම්බර් 05 දින “ලෝක සුනාමි ආපදා දැනුවත් කිරීමේ දිනය” වශයෙන් නම් කර ඇත. එ් අනුව සෑම වර්ෂයකම නොවැම්බර් 05 වන දින ලෝක සුනාම් ආපදා දැනුවත් කිරීමේ දිනය සැමරිමට එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුලු බොහෝ රටවල් කටයුතු කරන අතර ආපදා අවදානම් අවමකිරීම සදහා වන ජාත්‍යන්තර සම්මුතිය වන සෙන්දායි රාමුව තුළ මුදුන් පමුනුවාගත යුතු ඉලක්ක අතරින් සත්වන ඉලක්කය වන “සංවර්ධනය වෙමින් පවතින රටවල ආපදා අවදානම සහ ආපදා පාඩු අවම කර ගැනීම සඳහා ජාත්‍යන්තර සහයෝගීතාව”කෙරෙහි අවධානය යොමු කිරීම මෙවර “ලෝක සුනාමි ආපදා දැනුවත් කිරීමේ දින” තේමාව විය.
“උගනිමු, බෙදාදෙමු, ක්‍රියාකරමු” යන තේමාව මුල් කරගනිමින් ලෝක සුනාමි ආපදා දැනුවත් කිරීමේ දිනට සමගාමීව 2021 නොවැම්බර් 05 දින සිට 08 දිනය දක්වා වැඩ සටහන් මලාවක් පැවැත්වීට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කටයුතු සංවිධානය කරන ලදී. ශ්‍රී ලංකාව සුනාමි අවදානම අවම කිරීම සඳහා පසුගිය දශක දෙක තුළ කටයුතු කර ඇති ආකාරය ලොවට පෙන්වීමට ඇවස්ථාවක් කර ගනිමින් “ලෝක සුනාමි ආපදා දැනුවත් කිරීමේ දිනය” සැමරුම් ජාතික වැඩසටහන ජාත්‍යන්තර, ජාතික සහ ප්‍රාදේශීය මට්ටමේ සියළු පාර්ශ්වකරුවන්ගේ සහභාගීත්වයෙන් අද දින (09) ආපදා කනාකරණ මධ්‍යස්ථාන ශ්‍රවනාගාරයේ දී පැවැත්විණි.
News & Events
- ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජෝර්ජිවා මහත්මිය දිට්වා සුළිකුණාටුව සමයේ නාය යාමට ලක්වූ ස්ථාන නීරීක්ෂණය කරයි. 2026-02-17
- සාමාන්‍ය පෙළ විභාග කාලසීමාව තුළ ආපදා හේතුවෙන් ඇතිවිය හැකි බාධා වළක්වා ගැනීම
- කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පුරෝකථනයට අනුව දිවයින ආසන්නයේ ඇති පීඩන අවපාතය සවස් කාලයේදී පොතුවිල් සහ ත්‍රිකුණාමලය අතරින් දිවයිනට
- දිවයිනට ගිනිකොණ දෙසින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පීඩන අවපාතයක්.
- දිවයිනට ගිනිකොණ දෙසින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ අඩු පීඩන කලාපයක්
හදිසි ඇමතුම්
117+94 112 670 002




