ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයට පැවරී ඇති ජාතික අරමුණු කාර්යක්ෂමව හා ඵලදායී ආකාරයෙන් ඉටු කිරීම ගැනීම අරමුණු කර ගනිමින් හදිසි ආපදාවක දී එහි බලපෑමට ලක් වු ජීවිත බේරාගැනීම සදහා සෙවීම් සහ මුදවාගැනීම් කණ්ඩායම් පුහුණු කිරීම ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් අඛණ්ඩව සිදු කරනු ලැබේ.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ මහතාගේ උපදෙස් මත ශ්‍රි ලංකා යුධ හමුදා 61 වන බල සේනාංකයේ සෙවීම් හා මුදවා ගැනීම් කන්ඩායම් සදහා ආපදා අවස්ථාවක දී බෝට්ටු පැදවීම සහ බෝට්ටු නටත්තු කිරීම පිළිබද න්‍යායාත්මක සහ ප්‍රායෝගික දැනුම ලබාදීමේ පුහුණු වැඩසටහනේ පළමු වැඩසටහන පසුගිය දා ඇඹිලිපිටිය යුධහමුදා ඉංජිනේරු පුහුණු පාසැලේ දී ආරම්භ කරන ලදී.
ගරු විමලවීර දිසානායක අමාත්‍යතුමා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යධුරයේ අද දින රාජකාරි ආරම්භ කිරීම අද (09) දින ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යාංශයේ දී සිදු විය.ආපදාවකින් පසු විපතට පත්වුවන් සදහා සහන සැළසීම, වන්දි ගෙවීම හෝ ආපදාවක් සිදු වු පසු ඒ සදහා විසදුම් සෙවීමට කටයුතු කරන අතර තුර විපතක් සිදුවීම වළක්වා ගැනීමටත් ආපදාවලට අනුවර්නය වී හැකිතාක් දුරට විපත් අවම කරගැනීම සදහා වු පෙරසුදානම ක්‍රියාවලිය සදහා අමාත්‍යාංශයක් වශයෙන් කටයුතු කළ යුතු බව අමාත්‍යතුමා පෙන්වා දෙන ලදී. එසේම ශාරීරික වශයෙන් මෙන්ම මානසික වශයෙන් ද ශත්කිමත් පුරවැසියෙක් බිහි කිරීම ආපදා කළමනාකරණ යේ දී අවධානය යොමු කළ යුතු බවත් අමාත්‍යතුමා මෙහි දී පෙන්වා දෙන ලදී.
අතිගරු ජනාධිපතිතුමා යටතේ ඇති අමාත්‍යාංශයක රාජ්‍ය අමාත්‍යවරයා වශයෙන් සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව අපේක්ෂා කරන ඉලක්ක මුදුන් පමුණුවා ගැනීම සදහා සියලු නිධාරීන්ගේ සහයෝගය සහ කැපවීම අපේක්ෂා කරන බව අමාත්‍යතුමා අවධාරණය කරන ලදී.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයට පැවරී ඇති ජාතික අරමුණු කාර්යක්ෂමව හා ඵලදායී ආකාරයෙන් ඉටු කිරීම ගැනීම අරමුණු කර ගනිමින් හදිසි ආපදාවක දී එහි බලපෑමට ලක් වු ජීවිත බේරාගැනීම සදහා සෙවීම් සහ මුදවාගැනීම් කණ්ඩායම් පුහුණු කිරීම ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් අඛණ්ඩව සිදු කරනු ලැබේ.
සුනාමි ආපදා තත්වයක දී ශ්‍රී ලංකාවේ වාසය කරන සියලු ජනතාවගේ ජීවිත සහ දේපළ සුරක්ෂිත කර ගැනීම සඳහා ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය විසින් දිවයිනේ වෙරළ කලාපය ආවරණය වන පරිදි සුනාමි ආපදා පුර්ව අනතුරු ඇගවීමේ සංඥා කුළුණු ස්ථාපිත කර ඇත.අධ්‍යක්ෂ ජෙනරාල්තුමාගේ මගපෙන්වීම යටතේ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් දෛනිකව මෙම කුළුණුවල ක්‍රියාකාරීත්වය පරීක්ෂා කිරීම සිදු කරනු ලබයි.
සුනාමි ආපදා පුර්ව අනතුරු ඇගවීමේ සංඥා කුළුණු ක්‍රියාකාරීත්වය සහ නඩත්තු කටයුතු විධිමත්ව සිදු කිරීම පිළිබදව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයේ කලුතර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සම්බන්ධීකරණ ඒකයේ මෙහෙයවීම යටතේ කටුකුරුන්ද - ශාන්ත පිලිප් දේවස්ථානයේ දී පසුගිය දා දෙදින පුහුණු වැඩසටහනක් පවත්වන ලදී.
ශ්‍රි ලංකා යුධ, නාවික හමුදා පොලිස්, වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ නිළධාරීන් සුනාමි ආපදා පුර්ව අනතුරු ඇගවීමේ සංඥා කුළුණුවල ක්‍රියාකාරීත්වය පිළිබද ස්ථානීයව පරීක්ෂා කිරීම පිළිබදව සහ කුළුණු නඩත්තු කටයුතු පිළිබදව ප්‍රායෝගිකව දැනුවත් කිරීමට කටයුතු කරන ලදී.


News & Events
- ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජෝර්ජිවා මහත්මිය දිට්වා සුළිකුණාටුව සමයේ නාය යාමට ලක්වූ ස්ථාන නීරීක්ෂණය කරයි. 2026-02-17
- සාමාන්‍ය පෙළ විභාග කාලසීමාව තුළ ආපදා හේතුවෙන් ඇතිවිය හැකි බාධා වළක්වා ගැනීම
- කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පුරෝකථනයට අනුව දිවයින ආසන්නයේ ඇති පීඩන අවපාතය සවස් කාලයේදී පොතුවිල් සහ ත්‍රිකුණාමලය අතරින් දිවයිනට
- දිවයිනට ගිනිකොණ දෙසින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පීඩන අවපාතයක්.
- දිවයිනට ගිනිකොණ දෙසින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ අඩු පීඩන කලාපයක්
හදිසි ඇමතුම්
117+94 112 670 002




