ආපදාවකට ගොදුරු වු ජනතාව මුදවාගැනීම සදහා වන හදිසි මෙහෙයුම් ක්‍රියාවලිය වඩාත් කාර්යක්ෂම කිරීම සදහා දිස්ත්‍රික් මට්ටමින් හදිසි මෙහෙයුම් මැදිරි ස්ථාපිත කිරීමට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් කටයුතු කරමින් පවතී. රත්නපුර දිස්ත්‍රික්කය වාර්ෂිකව ගංවරතුර හා නායයාම් යන ආපදාවලට ගොදුරු වන දිස්ත්‍රික්කයක් වන අතර නිරිත මෝසම් ක්‍රියාත්මකවීමත් සමග දැඩි ගංවතුර ආපදා අවදානම තත්වයක් නිර්මාණය වේ. දැඩි ආපදා අවදානමක් සහිත දිස්ත්‍රික්කයක් වශයෙන් රත්නපුර දිස්ත්‍රික්කයේ ආපදා අවදානම් කළමනාකරණ ක්‍රියාවලිය සම්බන්ධීකරණය සහ ක්‍රියාත්මක කිරීමේ සදහා දිස්ත්‍රික් හදිසි මෙහෙයුම් මැදිරියක් ස්ථාපිත කිරීමට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කටයුතු කර ඇත.
හදිසි ආපදාවක බලපෑමට ලක් වු ජීවිත බේරාගැනීම වෙනුවෙන් කටයුතු කළ යුතු ආකාරය පිළිබදව දීප ව්‍යාප්ත මට්ටමින් මහ ජනතාව දැනුවත් කිරීමට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් කටයුතු කරනු ලැබේ. ඒ අනුව ගිනි ආපදාවක දී සිදුවිය හැකි ජීවිත හා දේපල හානිය අවමකර ගැනීම සදහා විධිමත් ක්‍රමවේ ද අනුගමනය කිරීම පිළිබදව මහජනතාව, රාජ්‍ය නිළධාරින්, ආරක්ෂක අංශ දැනුවත් කිරීම අරමුණු කරගනිමින් ගිනි ආරක්ෂණය පිළිබද දැනුවත් කිරීමේ පෙරහුරු වැඩසටහන් මාලාවක් අම්පාර දිස්ත්‍රික්කයේ අක්කරේපත්තු සහ සමන්තුරේ නගර ආශ්‍රිතව පසුගිය දා සංවිධානය කරන ලදී.
රත්නපුර දිස්ත්‍රික්කය තුළ ක්‍රියාකාරී යෞවන සමාජ සාමාජිකයන් සඳහා ජීවිතාරක්ෂක පුහුණු වැඩසටහනක් සංවිධානය කර ඇති අතර එම වැඩසටහන යටතේ පුහුණු වැඩසටහන් 02 ක් ඇඹිලිපිටිය චන්ද්‍රිකා වැව ආශ්‍රිතව පසුගිය දා පවත්වන ලදී.
නිරිත දිග මෝසම් හේතුවෙන් ගංවතුර ආපදා අවදානමට මුහුණ දෙන දිස්ත්‍රික්කයක් වශයෙන් ඉදිරියේදී සක්‍රීය වන මෝසම් වැසි සමය තුළ ඇතිවිය හැකි ගංවතුර තත්ත්වයක දී හදිසි ප්‍රතිචාර කටයුතු සඳහා මෙම පුහුණු සාමාජිකයන්ගේ සහාය ලබා ගැනීමේ අරමුණින් මෙම පුහුණු වැඩසටහන සංවිධානය කෙරිනි.
ගම්පහ දිස්ත්‍රික්කයේ යුධ හමුදා සෙවීම් හා මුදවාගැනීම් කණ්ඩායම් සඳහා ජීවිතාරක්ෂක පුහුණු වැඩසටහනක් මීරිගම මා ඔය වැව ආශ්‍රිතව පසුගිය දා පවත්වන ලදී.
නිරිත දිග මෝසම් හේතුවෙන් ගංවතුර ආපදා අවදානමට මුහුණ දෙන දිස්ත්‍රික්කයක් වශයෙන් ඉදිරියේ දී සක්‍රීය වන මෝසම් වැසි සමය තුළ ඇතිවිය හැකි ගංවතුර තත්ත්වයක දී හදිසි ප්‍රතිචාර කටයුතු සඳහා මෙම පුහුණු සාමාජිකයන්ගේ සහාය ලබා ගැනීමේ අරමුණින් මෙම පුහුණු වැඩසටහන සංවිධානය කෙරිනි. ගම්පහ දිස්ත්‍රික්කයේ තුළ රාජකාරි කටයුතු සිදු කරන 141 සේනාංකයට අනුයුක්තව සේවය කරන යුධ හමුදා සාමාජිකයින් 70 දෙනෙකු මෙම පුහුණුව සදහා සහභාගී විය.
ආපදා කළමනාකරණ ක්‍රියාවලිය ග්‍රාමීය මට්ම දක්වා සක්‍රීයව ක්‍රියාත්මක කිරීම සහ පුර්ව දැනුවත් කිරීම් පණිඩිඩ ලබාදීමේ ක්‍රියාවලිය ශක්තිමක් කිරීම අරමුණු කරගනිමින් ග්‍රාමීය ආපදා කමිටු පිහිටුවීම, පවතින ග්‍රාමීය කමිටු ශක්තිමත් කරමින් ආපදා අවදානම් කළමනාකරණ ක්‍රියාවලිය පිළිබද දිස්ත්‍රික් මට්ටමින් ග්‍රාමීය කමිටු දැනුවත් කිරීමට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කටයුතු කරනු ලැබේ.
News & Events
- ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජෝර්ජිවා මහත්මිය දිට්වා සුළිකුණාටුව සමයේ නාය යාමට ලක්වූ ස්ථාන නීරීක්ෂණය කරයි. 2026-02-17
- සාමාන්‍ය පෙළ විභාග කාලසීමාව තුළ ආපදා හේතුවෙන් ඇතිවිය හැකි බාධා වළක්වා ගැනීම
- කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පුරෝකථනයට අනුව දිවයින ආසන්නයේ ඇති පීඩන අවපාතය සවස් කාලයේදී පොතුවිල් සහ ත්‍රිකුණාමලය අතරින් දිවයිනට
- දිවයිනට ගිනිකොණ දෙසින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පීඩන අවපාතයක්.
- දිවයිනට ගිනිකොණ දෙසින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ අඩු පීඩන කලාපයක්
හදිසි ඇමතුම්
117+94 112 670 002




