ඉදිරියේ දී ඇතිවිය හැකි ආපදා අවස්ථාවක දී ඊට මුහුණදීම සඳහා දිස්ත්‍රික්කය තුළ පවතින තාක්ෂණික උපකරණවල ක්‍රියාකාරිත්වය පරීක්ෂා කිරීම හා එම උපකරණ නිරන්තරයෙන් ක්‍රියාකාරී තත්ත්වයේ පවත්වා ගැනීම සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ වැඩසටහනක් කලුතිර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සම්බන්ධීකරණ ඒකකය විසින් පසුගිය දා පැවැත් විනි.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයට පැවරී ඇති ජාතික අරමුනු කාර්යක්ෂමව හා ඵලදායී ආකාරයෙන් ඉටු කිරීම ගැනීම අරමුණු කර ගනිමින් හදිසි ආපදාවක දී එහි බලපෑමට ලක් වු ජීවිත බේරාගැනීම සදහා සෙවීම් සහ මුදවාගැනීම් කණ්ඩායම් පුහුණු කිරීම ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් අඛණ්ඩව සිදු කරනු ලැබේ.
වෛද්‍ය විද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ පශ්චාත් උපාධී හදාරණ ශ්‍රී ලංකා යුධ, නාවික සහ ගුවන් හමුදා වෛද්‍ය නිළධාරීන් සදහා ආපදා කළමනාකරණ ක්‍රියාවලිය පිළිබද පුහුණු වැඩසටහන 2022.03.14 දින පැවැත්විණි.
රට තුළ ක්‍රියාත්මක ආපදා කළමනාකරණ යාන්ත්‍රණය හදිසි මෙහෙයුම් මැදිරි ක්‍රියාකාරීතවය සහ පුර්ව අනතුරු ඇගවීමේ ක්‍රමවේදය පිළිබදව මෙන්ම හදිසි මෙහෙයුම්දිරියේ ක්‍රියාකාරීත්වය පිළිබදව ප්‍රායෝගික දැනුම ලබාදීම මෙම පුහුණු වැඩමුළුට ඇතුලත් විය.
අධ්යක්ෂ ජනරාල්තුමාගේ උපදෙස් පරිදි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, අධ්‍යාපන අමාත්‍යංශය, ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය, ශ්‍රී ලංකා බාලදක්ෂිකා සංගමය සහ ජාතික ශිෂ්‍යබට බලකාය යන ආයතනවල සහභාගීත්වයෙන් “සුරක්ෂිත පාසලක් තුළින් සුරක්ෂිත ප්‍රජාවක්” තේමාව යටතේ පාසල් හා ප්‍රජාව සඳහා ආපදා කළමනාකරණ ක්‍රියාවලිය අනුගත කිරීමේ ජාතික වැඩසටහන පළාත් මට්ටමින් ක්‍රියාකාරී නියෝජිතයින් දැනුවත් කිරීමේ වැඩසටහන ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය විසින් දීප ව්‍යාප්ත මට්ටමින් සංවිධානය කර ක්‍රියාත්මක කරමින් පවතී.
මෙම වැඩසටහන ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන සමඟ අධ්‍යාපන අමාත්‍යාංශය, ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය, ශ්‍රී ලංකා බාලදක්ෂිකා සංගමය සහ ජාතික ශිෂ්‍යභට බලකාය ද ඇතුළුව ඒකාබද්ධ වැඩසටහනක් ලෙස ක්‍රියාත්මක කෙරේ. මෙම වැඩසටහන පිළිබදව මධ්‍යම පළාත් නිළධාරීන් දැනුවත් කිරීම සහ දිස්ත්‍රික් මටිටමින් ක්‍රියාකාරී සැලැස්ම සකස් කිරීම මාර්තු මස 16 දින පොල්ගොල්ල ජාතික සමූපකාර සංවර්ධන මධ්‍යස්ථානයේ දී පැවැත් විනි.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයට පැවරී ඇති ජාතික අරමුණු කාර්යක්ෂමව හා ඵලදායී ආකාරයෙන් ඉටු කිරීම ගැනීම අරමුණු කර ගනිමින් හදිසි ආපදාවක දී එහි බලපෑමට ලක් වු ජීවිත බේරාගැනීම සදහා සෙවීම් සහ මුදවාගැනීම් කණ්ඩායම් පුහුණු කිරීම ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් අඛණ්ඩව සිදු කරනු ලැබේ.
News & Events
- க.பொ.த.சாதாரண தர பரீட்சைக் காலத்தில் அனர்த்தங்களினால் ஏற்படக்கூடிய இடையூறுகளைத் தடுப்பதற்கான வேலைத்திட்டம்.
- ධීවර සහ නාවුක ප්‍රජාවට කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් රතු නිවේදනයක්
- ගිණිකොණ දිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ අඩු පීඩන කලාපයක්.
- නිරිතදිග මෝසම් පුර්ව සුදානම වෙනුවෙන් පාර්ශවකාර ආයතන දැනුවත් කෙරේ.
- පුත්තලම දිස්ත්‍රික් නිරිතදිග මෝසම් පෙරසූදානම් කමිටු රැස්වීම
හදිසි ඇමතුම්
117+94 112 670 002