මුලතිව් ගුවන් හමුදා පුහුණු මධ්‍යස්ථානයේ ආපදා කළමනාකරණය සහ ප්‍රතිචාර දැක්වීම පිළිබද මුලික පුහුණු පාඨමාලාව හදාරණු ලබන ශ්‍රී ලංනා ගුවන් සහ නාවික හමුදා නිළධාරීන් කණ්ඩායමක් ආපදා කළමනාකරණ කටයුතු පිළිබදව පුහුණු වැඩමුලුවකට අද දින (09) සහභාගී විය.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල්තුමාගේ උපදෙස් අනුව සංවිධානය කරන ලද මෙම පුහුණු වැඩසටහනට ශ්‍රී ලංකාවේ ආපදා කළමනාකරණ ක්‍රියාවලිය, ආපදා අවදානම් කළමනාකරණය සම්බන්ධ ගෝලීය වශයෙන් පවතින රමුගත වැඩ සටහන් සහ ආපදා හදිසි මෙහෙයුම් ක්‍රියාවලිය පිළිබද සිද්ධාන්තික කරුනු මෙන්ම මැදිරියේ ක්‍රියාකාරීත්වය සහ හදිසි ඇමතුම් මැදිරිය නිරීක්ෂණය කිරීම මෙම දැනුවත් කිරීමේ පුහුණු සැසියට ඇතුලත් විය.
වර්තමානය තුළ අප අත්දකිම්න් තිබෙන ගෝලීය අවදානම් තත්වයන් සළකා බැලීමේ දී ආපදා අවදානම් කළමනාකරණය කිරීමේ දී ආපදා පෙරසුදානම, සෙවීම් සහ මුදවාගැනීම් ක්‍රියාවලිය මෙන්ම ප්‍රතිෂ්ඨාපන සහ ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය සාර්ථකව සිදු කිරීම සදහා නිශ්චිත ක්‍රියාකාරී සැලසුම් අප සතුවිය යුතු බවත් එම සැලසුම් අනුව ක්‍රියා කිරීම සදහා මනා පුහුණුවක් ලබා තිබිය යුතු බවත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් විශ්‍රාමික මේජර් ජනරාල් සුදන්ත රණසිංහ මහතා පෙන්වා දෙන ලදී.
The Disaster Management Centre (DMC) with the support of the Asian Preparedness Partnership assisted by the Asian Disaster Preparedness Centre (ADPC) made arrangements to engage in a detail study to determine the current status and level of preparedness and response of public, private and community organisations at national, district, divisional and local level in Sri Lanka in disaster management.
The Sri Lanka Preparedness Partnership (SLPP) assisted DMC to facilitate this programme with a view of obtaining recommendations and suggestions for improvement of the overall effectiveness and adeptness in line with the Sendai Framework for Disaster Risk Reduction (SFDRR).
නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය නැගෙනහිර වෙරළ දෙසින් දිවයිනයට ඇතුළු වී ශ්‍රී ලංකාව හරහා ගමන් කරමින් පවතී.
මේ හේතුවෙන්, දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වලාකුළින් බරව පවතින අතර උතුරු, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වල විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වෙන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිවේදනය කර ඇත. දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බවත් උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් පුත්තලම දිස්ත්‍රික්කයේත්, ඇතැම් ස්ථානවලට මිලි මීටර් 100 ක ට වැඩි තද වැසි ඇතිවිය හැකිය. උතුර, උතුරු-මැද,නැගෙනහිර සහ වයඹ පළාත්වල විටින් විට හමන පැයට කිලෝමීටර් 40 - 50 පමණ තද සුළං බලාපොරොත්තු විය හැකි බව සදහන් කර ඇත.
ගාල්ල සිට කොළඹ, පුත්තලම, මන්නාරම, කන්කසන්තුරය, ත්‍රිකුණාමලය සහ මඩකළපුව හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල ධීවර සහ නාවික කටයුතුවල නොයෙදන ලෙස දැනුම් දෙනු ලබන අතර දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශවල කටයුතු කරන ධීවර සහ නාවික ප්‍රජාව මේ පිළිබඳව අවධානයෙන් කටයුතු කරනමෙන් අවධාරණය කර ඇත.
දිවයින හරහා ගමන් කරමින් පැවති පීඩන අවපාතය ඊයේ රාත්‍රියේ අඩු පීඩන කලාපයක් බවට පත්ව දිවයිනෙන් ඉවතට ගමන් කර ඇති බවත් අද දිනයේ සිට දිවයිනේ කාලගුණයට ඉන් එල්ලවන බලපෑම අඩුවනු ඇති බවත් අපේක්ෂා කරන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත.
මේ අතර අද දිනයේ උතුරු, නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොලොන්නරුව දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව ද දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තු නිවේදනයේ සදහන් වේ. බස්නාහිර, සබරගමුව, වයඹ, ඌව සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවල මිලිමීටර් 50 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බව තවදුරටත් එම නිවේදයේ සදහන් වේ.
නිරිත දිග බෙංගාල බොක්ක ප්‍රදේශය ආශ්‍රිත පීඩන අවපාතය නැගෙනහිර වෙරළ තීරයට ලඟා වනු ඇත.
නිරිත දිග බෙංගාල බොක්ක ආශ්‍රිත පීඩන අවපාතය ඊයේ රාත්‍රියේ ත්‍රිකුණාමලයට කිලෝමීටර් 180 ක් පමණ නැගෙනහිර දෙසින් අක්ෂාංශ 8.4°N සහ දේශාංශ 82.9°E ආසන්නයේ කේන්ද්‍රගතව පවතින බවත් එය ක්‍රමයෙන් බටහිර දෙසට බරව නිරිත දෙසට ගමන් කරමින් 2023 පෙබරවාරි 01 (අද) පෙරවරුවේ දී ශ්‍රී ලංකාවේ නැගෙනහිර වෙරළ තීරය වෙතට ලඟා වෙනු ඇතැයි අපේක්ෂා කරන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
එබැවින් උතුරු අක්ෂාංශ 05 ත් 12ත් සහ නැගෙනහිර දේශාංශ 78 සහ 88 ත් අතර මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය පැයට කිලෝමීටර් 30-50පමණ වන අතර විටින් විට පැයට කිලෝමීටර් 60-70 දක්වා වැඩිවිය හැක. ඉහත කී මුහුදු ප්‍රදේශ ඉතා රළු හෝ රළු වන අතර තද වැසි හෝ ගිගුරුම් සහිත වැසිද ඇතිවිය හැක.
එබැවින්, ඉහත සඳහන් මුහුදු ප්‍රදේශයට පෙබරවාරි මස 02 දින දක්වා යාත්‍රා නොකරන ලෙසත් දිවයින වටා මුහුදු ප්‍රදේශවල නැවත දැනුම් දෙන තුරු තවදුරටත් ධීවර සහ නාවික කටයුතුවල නොයෙදන ලෙස ධීවර සහ නාවික ප්‍රජාවන්ට දැනුම් දී ඇත.
News & Events
- අධික උෂ්ණත්වයෙන් ඇතිවිය හැකි පීඩා අවම කරගැනීමට කටයුතු කරන්න.
- සාමාන්‍ය පෙළ විභාග කාලසීමාව තුළ ආපදා හේතුවෙන් ඇතිවිය හැකි බාධා වළක්වා ගැනීම සදහා වැඩපිළිවෙළක්.
- නිරිතදිග මෝසම් පුර්ව සුදානම වෙනුවෙන් පාර්ශවකාර ආයතන දැනුවත් කෙරේ.
- දිවයින පුරා වැසිබර කාලගුණික තත්වයක්, ගිනකොණදිග ගැඹූරු මුහුදු ප්‍රදේශවල ධීවර සහ නාවුක කටයුතු සදහා රතු නිවේදන
- මහනුවර මහියංගනය මාර්ගයේ දහඅට වංගුවෙහි දෙවන වංගුව ප්‍රදේශයෙන් තාවකාලිකව වසා ඇත.
හදිසි ඇමතුම්
117+94 112 670 002