ආපදා කළමනාකරණ මධ්යස්ථානයේ නව අධ්යක්ෂ ජෙනරාල්වරයා වශයෙන් විශ්රාමික මේජර් ජෙනරාල් උදය හේරත් මහතා අද දින (07) වැඩ භාරගන්නා ලදී. වසර 34 යුධ හමුදා සේවයේ රාජකාරි ඉටුකර ඇති විශ්රාමික මේජර් ජෙනරාල් උදය හේරත් මහතා ශ්රී ලංකා යුධ හමුදාවේ ජ්යෙෂ්ඨ නිළධාරියෙකි. කොළඹ රාජකීය විද්යාලයෙන් මුලික අධ්යාපනය හදාරා ඇති ඒ මහතා ඉන්දියාවේ ඔස්මානියා (Osmania) විශ්වවිද්යාලයෙන් පළමු පෙළ පන්ති සාමාර්ථයක් සහිතව කළමනාකරණය පිළිබද පශ්චාද් උපාධිය හිමිකරගෙන ඇත. එසේම ඉන්දියාව, බංගලිදේශය, පාක්ස්ථානය, කෙන්යාව සහ ඇමරිකා එක්සත් ජනපදය යන රටවලින් වෘත්තීය අධ්යාපනය හදරා ඇති මේජර් ජෙනරාල් උදය හේරත් මහතා ජෙනරාල් ශ්රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්යාලයේ ආරක්ෂක සහ උපායමාර්ගික අධ්යයන පීඨයයෙහි පීඨාධිපති වශයෙන් ද කටයුතු කර ඇත.
වසර 34 ක සේවා කාලය තුළ 52, 53 සහ 61 වන සේනාංකවල සේනාංකාධිපති, යාන්ත්රික පාබල රෙජිමේන්තුවෙහි රෙජිමේන්තු අධිපති, කොතලාවල ආරක්ෂක විශ්වවිද්යාලයේ අණදෙන නිලධාරී, යුධ සේවා ලේකම්, යුධ හමුදා පුහුණු විධාන අධ්යක්ෂ සහ සුඩානයේ එක්සත් ජාතීන්ගේ දූත මණ්ඩලයේ (UNMIS) හමුදා නිරීක්ෂක නිලධාරියා වශයෙන් ද කටයුතු කර ඇත. ශ්රි ලංකා යුද්ධ හමුදාවේ විවිධ ක්ෂේත්රයන්හි තනතුරු රාශියක් දරා ඇති මේජර් ජෙනරාල් උදය හේරත් මහතා රණවික්රම පදක්කම් 05 ක්, රණශූර පදක්කම් 02 ක්, විශිෂ්ට සේවා විභූෂණ සහ උත්තම සේවා ඇතුලු සේවා ඇගැයීම් පදක්කම් රාශියක් ද හිමි කරගෙන ඇති යුධ හමුදාව තුළ විවිධ පරාශයන් තුළ වගකීම් දරා ඇති ජ්යෙෂ්ඨ නිළධාරියෙකි.

මේ දිනවල දිවයිනට බලපා ඇති අධික උණුසුම් කාලගුණික තත්ත්වය තවදුරටත් පැවතිය හැකි බව කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව විසින් නිවේදනය කර ඇත.
එම දෙපාර්තමේන්තුව විසින් අද දින (01) නිකුත් කර ඇති කාලගුණික නිවේදනයට අනුව බස්නාහිර, වයඹ, සබරගමුව සහ දකුණ යන පළාත් සහ මන්නාරම දිස්ත්රික්කයේ ද හෙට (02) දින උණුසුම් දර්ශකය (Heat Index) වැඩි අවධානය යොමු කළ යුතු මට්ටමක පවතී යැයි අපේක්ෂා කරන බව කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව විසින් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කරමින් දන්වා සිටී.
මේ හේතුවෙන් විජලනය සහ ලවන ඉවත්වීම නිසා ඇතිවිය හැකි මස්පිඩු පෙරලීම, අධික උෂ්ණත්වය නිසා ඇතිවන අධික මහන්සිය, එසේම අධික උෂ්ණත්වයේ ළමුන් ක්රියාකාරකම්වල නිරතවීම තුළින් ශරීර උෂ්ණත්වය නියාමනය කිරීම අඩපන වී ආඝාත තත්වය ඇතිවිය හැකි බවත් එම නිවේදනයේ වැඩිදුරටත් සදහන් වේ.
අන්තර්ජාතික සෙවීම් මුදවාගැනීමේ උපදේශක කණ්ඩායම් (INSARAG) ප්රමිතීන්ට අදාල වන අකාරයට ආපදා කළමනාකරණ ක්ෂේත්රයේ නියැලෙන නිළධාරීන්ගේ ධාරිතාව වර්ධනය කිරීම ස්විස්ටර්ලන්ත රජයේ අනුග්රහය ලබාදීමට එකඟත්වය පළ කරන ලදී.
ඒ අනුව ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාලය මගින් ශ්රී ලංකාවේ ආපදා තත්වයකදී ප්රතිචාර දැක්වීමට මානුෂීය කටයුතු සම්බන්ධීකරණය සඳහා එක්සත් ජාතීන්ගේ කාර්යාලයේ (OCHA) අනුමැතිය ලත් සෙවිම් හා මුදවා ගැනිම් පුහුණු වැඩසටහනට (INSARAG) අනුකූලව සෙවීම් හා මුදවා ගැනීමේ සැහැල්ලු කණ්ඩයක් ස්ථාපිත කිරීමට අවශ්ය මූලික පදනම සහ පුහුණුව ලබා දීම සදහා වු එකඟතා ගිවිසුමකට ආපදා කළමනාකරණ මධ්යස්ථානය සහ ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාලය අත්සන් තැබීම 2024 පෙබරවාරි මස 19 වන දින ආපදා කළමනාකරණ මධ්යස්ථානයේ දී සිදු කෙරිණි.
මෙම එකඟතා ගිවිසුම සදහා ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාලය වෙනුවෙන් ස්විස්ටර්ලන්ත තානාපතිනී අතිගරු ආචාර්ය සිරී වෝල්ට් මහත්මිය සහ ආපදා කළමනාකරණ මධ්යස්ථානය වෙනුවෙන් වැඩ බලන අධ්යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් (විශ්රාමික) අදීප තිලකරත්න මහතා අත්සන් විසින් අත්සන් තබන ලදී.
වර්ෂ 2030 වන විට සපුරාගත යුතු අනෙකුත් ගිවිසුම් හා සම්මුතීන් වන “සෙන්දායි රාමුව (2015 -2030)” “තිරසාර සංවර්ධන ඉලක්ක 2015-2030” සහ “දේශගුණික විපර්යාස සම්බන්ධ පැරිස් සමම්මුතිය 2015-2030” වැනි ගිවිසුම් ක්රියාත්මක කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමංජිකයින් වශයෙන් කටයුතු කරන ලොව සෑම රටක්ම එකඟත්වයකට පැමිණ ඇත.
2015 වර්ෂයේ දී පවත්වන ලද ආපදා අවදානම් අවම කිරීම සම්බන්ධ එක්සත් ජාතීන්ගේ තෙවන ලෝක සමුළුවට අනුව එක්සත් ජාතීන්ගේ මහා සමුළුව විසින් ආපදා අවදානම් අවම කිරීම සඳහා වන සෙන්දායි රාමුව පිළිගෙන තිබෙන අතර එමගින් ආපදා අවදානම සහ ආපදා නිසා සිදුවන ජීවිත, ජීවනෝපාය හා සෞඛ්යමය හානි මෙන්ම පුද්ගලයෙකුගේ, ව්යාපාරයක, ප්රජාවක හෝ රටක සිදුවිය හැකි ආර්ථික, භෞතික, සමාජයීය, සංස්කෘතික සහ පාරිසරික වත්කම්වලට සිදුවන හානි සැළකිය යුතු මටිටමකින් අවම කිරීම සම්බන්ධව කටයුතු කරයි.
මහජන සෞඛ්ය පරීක්ෂකවරුන් ලෙස සේවයට බැඳී ජාතික සෞඛ්ය විද්යයාතනයේ පාඨමාලා හදාරණ මහජන සෞඛ්ය පරීක්ෂණ නිළධාරීන් සදහා ආපදා කළමනාකරණ ක්රියාවලිය පිළිබඳ පුහුණු වැඩසටහනක් පෙබරවාරි 02 දින කලුතර ජාතික සෞඛ්ය විද්යයාතනයේ පැවැත්විණි.
ජාතික සෞඛ්ය විද්යයාතනයේ මහජන සෞඛ්ය පරීක්ෂකවරුන් සදහා වන පාඨමාලාවට ආපදා අවදානම් කළමනාකරණය පිළිබද විෂය ක්ෂේත්රය ඇතුලත් කර ඇති හෙයින් මෙම විෂය ක්ෂේත්රය ආවරණය වන ආකාරයට විෂයානු බද්ධ දැනුම වර්ධනය කිරීම සහ ප්රායෝගික ක්රියාකාරකම් මෙම එක්දින පුහුණු වැඩසටහන අන්තර්ගත විය.
ව්යසන කළමනාකරණ පනත හා එමඟන් පැවරී ඇති බලතල, රටතුල ක්රියාත්මක ආපදා කළමාකරණ ක්රියාවලිය, සෙවීම් හා මුදවා ගැනීම්, ආපදා අවස්ථාවකදී පූර්ව දැනුවත් කිරීමේ ක්රියාවලිය සහ පවතින සන්නිවේදන යාන්ත්රණය, සන්නිවේදන පද්ධති ක්රියාත්මක වන ආකාරය, හදිසි මෙහෙයුම් ක්රියාවලිය හා හදිසි ඇමතුම් මැදිරි ක්රියාකාරීත්වය සහ කඳවුරු කළමනාකරණය සහ ආපදා අවස්ථාවකදී මහජන සෞඛ්ය නිලධාරියෙකු වශයෙන් ඉටුකළ යුතු කාර්යයභාර්යය සහ කාලගුණික විපර්යාස හේතුවෙන් වර්ධනය වෙමින් පවතින ආපදා අවදානම සහ එහි ප්රවනතා පිළිබඳව සිද්ධාන්තික දේශන මෙම පුහුණු සැසියට ඇතුලත් විය.
එසේම හදුනාගත් ආපදාවක් සදහා ආපදා පෙරසුදානම් සැලසුම් සකස් කිරීම, ආපදා පුර්ව අනතුරු ඇගවීම, හදිසි මෙහෙයුම් ක්රියාවලිය, කදවුරු කළමනාකරණය සහ මහජනතාව දැනුවත් කිරීම පිළිබඳව සිද්ධි අධ්යයනයක් තුළින් ලබාගත් දැනුම භාවිතා කිරීම පිළිබඳව පෙරහුරු අභ්යාසයකට ද වැඩසටහනට සහභාගී වු මහජන සෞඛ්ය පරීක්ෂක නිළධාරීන් සහභාගී විය.



News & Events
- Workshop to Review the "Build Back Better" Guideline for Post-Disaster Recovery
- Multi-Agency Coalition Signs MoU to Operationalize SoP for Flood Anticipatory Action in the Downstream Gal Oya River Basin
- Inaugural meeting of the National Tsunami Ready Board (NTRB) marks a milestone in Sri Lanka’s coastal disaster resilience
- Australian Bureau of Meteorology Delegation Meets Director General of the Disaster Management Centre
- උසස් පෙළ විභාගයට ආපදා හේතුවෙන් ඇතිවිය හැකි බාධා වළක්වා ගැනීම
හදිසි ඇමතුම්
117+94 112 670 002




