හරංගල නාවලපිටිය මාර්ගය කොත්මලේ ජලාශය ආසන්නයෙන් ගිලා බැසීමෙන් ජලාශයට කිසිදු බලපෑමක් නොමැත.
හරංගල නාවලපිටිය මාර්ගය කොත්මලේ ජලාශය ආසන්නයෙන් ගිලා බැසීමක් සිදුවී ඇත. මේ පිළිබදව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්යක්ෂ ජෙනරාල්තුමාගේ උපදෙස් මත නුවරඑළිය දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සහකාර අධ්යක්ෂ, යුධ හමුදාව, පොලිසිය, මාර්ග සංවර්ධන අධිකාරිය හා මහවැලි අධිකාරියේ ජලාශ භාර ප්‍රධාන ඉංජිනේරවරයා සමග ස්ථානීය පරීක්ෂාවක් සිදු කරන ලදී. එහිදි මහවැලි සංවර්ධන අධිකාරියේ කොත්මලේ ජලාශ භාර ප්‍රධාන ඉංජිනේරු විසින් කොත්මලේ ජලාශයට මෙමගින් කිසිදු හානියක් හෝ බලපෑමක් නොමැති බව තහවුරු කර ඇත.
පවතින කෝවිඩ් -19 වසංගත තත්වය තුළ ආපදා තත්වයක දී කටයුතු කළ යුතු ආකාරය පිළිබද මාර්ගෝපදේශ
පවතින කෝවිඩ් -19 වසංගත තත්වය තුළ ආපදා තත්වයක දී කටයුතු කළ යුතු ආකාරය පිළිබද මාර්ගෝපදේශ සෑම දිස්ත්‍රික්කයකටම යවා ඇති බවත් හදිසි ආපදා තත්වයක දී පුර්ව දැනුම්දීමේ ක්‍රමවේදයන් අනුගමනය කරමින් කටයුතු කිරීම සදහා අවශ්‍ය සියලු යාවත්කාලීන කිරීම් සිදු කර ඇති අතර නිරිතදිග මෝසම් වර්ෂාවේ බලපෑමට ලක්වන දිස්ත්‍රික්කයන්හි පාර්ශවකාර ආයතන සම්බන්ධීකරණය කිරීම සදහා ආපදා පෙර සුදානම් සහ ප්‍රතිචාර දැක්වීමේ සැලසුම් සකස්කර ඇත.
වර්ෂාවත් සමග නායයාම් පුර්ව ලක්ෂණ පිළිබදව සැළකිලිමත් වන්න.
බෙංගාල බොක්ක ආශ්‍රිතව ඇති වී තිබෙන කැළඹිලි සහගත ස්වභාවය හේතුවෙන් එළඹෙන 26 දින දක්වා දිවයිනේ නිරිත දිග ප්‍රදේශවලට අධික වර්ෂාපතනයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් ලබාදී ඇති පුරෝකථන අනුව බදුල්ල, නුවරඑලිය, මහනුවර, කෑගල්ල, රත්නපුර, කලුතර, ගාල්ල, මාතර දිස්ත්‍රික්ක වලත් කෑගල්ල සහ මහනුවර දිස්ත්‍රික් සීමාවලට ආසන්න කුරුණෑගල දිස්ත්‍රික්කයේ කදුකර ප්‍රදේශ නායයාම් සහ ඒ ආශ්රිත අපදා සිදුවිය හැකි බවත්, කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක වල පැතිබැමි, පස් කණ්ඩි කඩාවැටීමේ අවදානම් පවතින බවත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අද දින (22) පැවති මාධ්‍ය හමුවේ දී අදහස් දක්වමින් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ අධ්යක්ෂ ජනරාල් ආසිරි කරුණාවර්ධන මහතා පෙන්වා දෙන ලදී.
නිරෝධායනය වන නිවෙස්වල ජනයා ආපදාවක දී සුරක්ෂිත මධ්‍යස්ථාන වෙත යොමු කිරීම සදහා විශේෂ වැඩපිළිවලක්.
ඉදිරියේ දී ඇතිවිය හැකි ආපදා හේතුවන් විපතය පත් විය හැකි හෝ අවදානම් කලාපයක ජීවත් වන නිරෝධායනට ලක් වු පිරිස සුරක්ෂිතව එම ස්ථාන වලින් ඉවත් කිරීමේ වැඩ පිළිවළක් දිස්ත්‍රික් මට්ටමින් ක්රියාක්මක කර ඇති බවත් එසේ ඉවත් වීම පිළිබදව යම් තොරතුරක් ලබා ගැනීමට අවශ්‍යනම් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ හදිසි ඇමතුම් අංක 117 ට දැනුම් දෙන මෙන් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ලා සිටී. දින (22) පැවති මාධ්‍ය හමුවේ දී අදහස් දක්වමින් ආපදා කළමනාකරණ මධයස්ථානයේ අධ්යක්ෂ විශ්‍රාමික මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ මහතා මේ අදහස් පල කරන ලදී.
තද උණ හෝ ස්වසන අපහසුතා පවතී නම් වෛද්‍ය උපදෙස් ලබාගන්න.
ඉදිරි දින කීපය තුළ දිවයිනේ නිරිත දිග ප්‍රදේශවලට ලැබිය හැකි බවට කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විනිස් අපේක්ෂිත වර්ෂාපතනය ලැබුණ හොත් ඇතිවිය හැකි ආපදා බලපෑමට ලක්වන ජනතාව සුරක්ෂිත මධ්‍යස්ථාන වල කටයුතු කිරීමේ දී කෝවිඩ් - 19 රට පුරා පැතිරීමේ අවදානමක් පවතන බැවින් ඒ පිළිබදව අවධානය යොමු කිරීම වැදගත් වන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අද දින (22) පැවති මාධ්‍ය හමුවේ දී සෞඛ්‍ය නියෝජ්‍ය අධ්යක්ෂ ජෙනරාල් වෛද්‍ය හේමන්ත හේරත් මහතා මෙම අදහස් පළ කරන ලදී.
News & Events
- මුහුදුරළ ගොඩබිමට පැමිණිමෙන් දක්ෂිණ වෙරළබඩ මාර්ගයේ සිදුවු ගමණාගමන අවහිරතා යථාතත්වයට පත් කිරිම.
- අන්තර්ජාතික සෙවීම් මුදවාගැනීමේ උපදේශක කණ්ඩායම් (INSARAG) පුහුණු කිරීමේ පාඨමාලාව.
- Stakeholder consultation to validate the handbook on Gender, Sexual and Gender Based Violence in Disasters
- පුත්තලම නගර සීමාවෙහි ජලය බැස යන කානු පද්ධති ඩ්‍රෝන යානා මගින් නිරීක්ෂණය කිරීම
- Meeting on Conducting Program Related to Humanitarian Assistance and Disaster Relief (HADR)
හදිසි ඇමතුම්
117+94 112 670 002