නිරිත දිග මෝසම් වර්ෂාව හේතුවෙන් ඇතිවිය හැකි ආපදා පූර්ව සූදානම පිළිබඳ ගම්පහ දිස්ත්‍රික් කමිටු රැස්වීම
ගම්පහ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ කමිටු රැස්වීම දිස්ත්‍රික් ලේකම් ලලින්ද ගමගේ හා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් විශ්‍රාමික මේජර් ජෙනරාල් උදය හේරත් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. නිරිත දිග මෝසම් වර්ෂාව සක්‍රීයවීමත් සමග අපේක්ෂිත අධික වර්ෂාපතනයත් සමග ඇති විය හැකි ආපදා තත්ත්වයන් සාර්ථකව කළමනාකරණය කිරීම සඳහා ගත යුතු පෙරසුදානම් ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සොයා බැලීම මෙම කමිටු රැස්වීමේ අරමුණ විය.
දේශගුණික වෙනස්කම් හා බලපෑම් මත කෙටි කාලයක් තුළ අධික තිව්‍රරතාවයෙන් යුක්තව වැසි ලැබීම හේතුවෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ නාගරික ප්‍රදේශවල ගංවතුර තත්ත්වයක් ඇති වුව ද මේ සදහා බලපා ඇති සාධක සළකා බැලීමේ දී මිනිසා විසින් නිර්මාණය කරන ලද අක්‍රමවත් ක්‍රමවේදයන් බව දිස්ත්‍රික් ලේකම් විසින් පෙන්වා දෙන ලදී. එබැවින් නාගරික ක්ෂණික ගංවරතුර ඇති වීමට බලපා ඇති මුලික සාධක හදුනා ගැනීමත් ඒවා පාලනය කිරීම සඳහා කඩිනම් පිළියම් යෙදිය යුතු බවත් පෙන්වා දෙන ලදී.
ඛනිජ තෙල් සංස්ථාව විසින් ඛනිජ තෙල් බෙදාහරිනු ලබන බවුසර් රථයක් මාතලේ දිස්ත්‍රික්කයේ ලග්ගල ප්‍රදේශයේ දී මාර්ගයෙන් ඉවතට ධාවනය වී අනතුරට පත් විය. අනතුරට ලක් වු බවුසර් රථය තුළ තිබු ඉන්ධන රාවනාගම වැවට වාරි ජලය රැගෙන යන ඇල මාර්ගයට මුසුවීම හේතුවෙන් ඉන්ධන වැව් ජලයට මිශ්‍ර වී ඇති බව වාර්තා විය. මෙම තත්ත්වය නිසා ඇතිවිය හැකි පරිසර හානිය අවම කරගනිමින් වැව් ජලයට මිශ්‍ර වී ඇති ඉන්ධන ඉවත් කිරීමට අවශ්‍ය සම්බන්ධීකරණය සිදු කිරීම සම්බන්ධයෙන් අධ්‍යක්ෂ ජෙනරාල් විසින් ලබා දුන් උදෙස් අනුව අදාල පාර්ශව කාර ආයතන සම්බන්ධීකරණයෙන් යුතුව රාවනාගම වැව් ජලයට මිශ්‍ර වී තිබු ඉන්ධන ඉවත් කිරීමට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කටයුතු කරන ලදී.
මෙම අනතුර හේතුවෙන් ආසන්න වශයෙන් ඉන්ධන ලීටර් 7,000 ක් පමණ ජලයට මිශ්‍ර වී ඇති බව වාර්තා වු අතර ක්ෂණිකව ජලය ගෙන යන ඇල මාර්ගය වසා දැමීටත් වැව් ජලය නිකුත් කිරීම තාවකාලිකව නතර කිරීමටත් කටයුතු කරන ලදී. මේ දිනවල වී වගාව සදහා ජලය නිකුක් කිරීම ආරම්භ වී ඇති බැවින් මහවැලි අධිකාරිය, මධ්‍යම පරිසර අධිකාරිය හා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ හදිසි මෙහෙයුම් වැඩබලන අධ්‍යක්ෂ සහ ප්‍රාදේශීය ලේකම්තුමිය අතර මාර්ග ගත ක්‍රමවේදය ඔස්සේ පැවති සාකච්ඡාවකින් අනතුරුව ගොවීන්ට ජලය නිකුත් කිරීමට බාධාවක් නොවීමටත් වගා බිමි සදහා ඉන්ධන මිශ්‍ර ජලය නිකුත් කිරීම තුළින් සිදුවිය හැකි පාරිසරික හානිය අවම කරගනිමින් වැව් ජලයට මිශ්‍රවී ඇති ඉන්ධන ඉවත් කිරීමට තීරණය කරන ලදී. ඒ අනුව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ තාක්ෂණික සහයෝගය සහිතව නාවික හමුදාව එක්ව වැව් ජලයට මිශ්‍ර වී ඇති ඉන්ධන ඉවත් කිරීම සිදු කරන ලදී.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සම්බන්ධීකරණයෙන් වැව් ජලයට මිශ්‍ර වු ඉන්ධන ඉවත් කිරීමෙන් අනතුරුව මහවැලි අධිකාරිය විසින් වී වගාව සඳහා ගොවීන්ට ජලය නිකුත් කිරීම මේ වන විට ආරම්භ කර ඇත.






අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා නිසා සිදුවිය හැකි බාධාකාරී තත්ත්වයන් මගහැර සියලු සිසු දරුවන්ට විභාගයට පෙනී සිටීමට ඇවස්ථාව සළසාදීම සදහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විභාග දෙපාර්තමේන්තුව සමග එක්ව ඒකාබද්ධ මෙහෙයුම් මධ්‍යස්ථානයක් ස්ථාපිත කර ඇත.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, විභාග දෙපාර්තමේන්තුව, ත්‍රිවිධ හමුදාව සහ පොලිසීය ඇතුලු පාර්ශව කාර ආයතන සම්බන්ධීකරණයෙන් මෙම මෙහෙයුම් මධ්‍යස්ථානය ක්‍රියාත්මක කෙරේ. ඒ අනුව මැයි 06 දින විභාගය අවසන් වන තෙක් මෙම ඒකාබද්ධ මෙහෙයුම් මධ්‍යස්ථානය ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත. මෙම කාලසීමාව තුළ කිසියම් අනතුරක් හෝ ආපදාවක් නිසා විභාගයට පෙනී සිටීමට බාධාවක් ඇති වේ නම් හෝ ඇතිවේ යැයි ඔබ අනුමාන කරන්නනේ නම් මෙම මෙහෙයුම් මධ්‍යස්ථානය ඇමතිය හැකිය.
ගාල්ල කහව සිට මාදම්පාගම දක්වා මුහුදු රළ ගොඩ බිමට පැමිණිම නිසා ගාලු පාරේ ගමනාගමනයට දැඩි බාධා එල්ල විය. මුහුදු රළ ගොඩබිමට පැමීණිමත් සමග විශාල වශයෙන් මුහුදු වැලි සහ අනෙකුත් අපද්‍රව්‍යවලින් ගාලුපාර වැසී ගිය බැවින් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සම්බන්ධීකරණයෙන් එවා ඉවත් කිරීමට කටයුතු කරන ලදී.
ඒ අනුව ගාල්ල ආපදා කළමනාකරණ සම්බන්ධීකරණ ඒකකය, ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, මාර්ග සංවර්ධන අධිකාරිය, මාදම්පාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, යුධ හමුදාව, පොලීසිය සහ ප්‍රදේශයේ මහ ජනතාවගේ සහාය ඇතිව දෛනිකව මාර්ගය ගමනාගමනය සදහා භාවිතා කළ හැකි ආකාරය පිරිසිදු කිරීමට කටයුතු කරන ලදී.
Disaster Management Centre (DMC) has taken initiatives to implement the project “Mainstreaming Disaster Risk Reduction through Establishing Local Disaster Risk Reduction (DRR) Plans based on River Basin Strategy in Sri Lanka” piloting in Colombo, Gampaha, and Kalutara districts under the technical cooperation of the Japan International Cooperation Agency (JICA).
Under the Project, Training Programme on Mainstreaming Disaster Risk Reduction for Local Authorities and DS Division in Kelani River Basin Strategy in Sri Lanka was hold at BMICH on April 29 th and 30 th,2024 for Local Authorities and DS Division in Kelani River Basin.
The main objective of this training program is to enhance the knowledge of local level officers regarding DRR, to understand the roles and responsibility of LA and DS Division to mainstream DRR at their jurisdiction area and to promote the local administrative development mechanism in Local Authorities and DS Divisions, establishing a system to integrate DRR into development projects at local levels.



News & Events
- Australian Bureau of Meteorology Delegation Meets Director General of the Disaster Management Centre
- උසස් පෙළ විභාගයට ආපදා හේතුවෙන් ඇතිවිය හැකි බාධා වළක්වා ගැනීම
- ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වෙත ජීවිතාරක්ෂක බෝට්ටු නිල වශයෙන් භාරදීම
- ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වෙත මානුෂීය සහ සෙවීම් හා ගලවා ගැනීමේ උපකරණ නිල වශයෙන් භාරදෙයි
- ‘සුපිළිපන් සංස්කෘතියක් - ක්ලීන් ශ්‍රී ලංකාවක්’ ජාතික මෙහෙයුම් වැඩසටහන ආරම්භ කරමින් සුපිළිපන් ප්‍රතිඥාව ලබාදීම.
හදිසි ඇමතුම්
117+94 112 670 002




