දිවයින වටා මුහුදු ප්‍රදේශවල යාත්‍රා නොකරන ලෙස ධීවර ප්‍රජාවට නිකුත් කරන ලද නිවේදනය ලිහිල් කොට කනකසන්තුරය සිට මන්නාරම කොළඹ සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ වල නැවත දැනුම් දෙන තුරු යාත්‍රා නොකරන ලෙස ධීවර ප්‍රජාවට අනතරු අගවා ඇත.
සක්‍රීය නිරිත දිග මෝසම් තත්ත්වය හේතුවෙන් දිවයින වටා වන මුහුදු ප්‍රදේශ තවදුරටත් රළු හෝ ඉතා රළු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිවේදනය කර ඇත.මේ හේතුවෙන් කනකසන්තුරය සිට මන්නාරම කොළඹ සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ වල නැවත දැනුම් දෙන තුරු යාත්‍රා නොකරන ලෙස ධීවර ප්‍රජාවට අනතරු අගවා ඇත. එසේම පවතින සුළං සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශ වල ධීවර සහ නාවුක කටයුතු කරන ලබන පිරිස් දැඩි අවධානයෙන් යුතුව කටයුතු කරන ලෙස ද දැනුම් දී ඇත.
කල්පිටිය සිට කොළඹ හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ වල රළ මට්ටම මීටර් 2.5 දිට මීටර් 3.5 දක්වා ඉහළ යාමේ හැකියාවක් පවතින බවත් මේ හේතුවෙන් රළ ගොඩබිමට පැමිණිය හැකි බවත් එම නිවේදනයේ සදහන් කර ඇත.
සක්‍රීය වී ඇති නිරිත දිග මෝසම් තත්ත්වය හේතුවෙන් දිවයින වටා මුහුදු ප්‍රදේශවල, බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ සහ අරාබි මුහුදු ප්‍රදේශයේ මුහුදු ප්‍රදේශ රළු විය හැකි බවත් මෙම කලාපය තුළ විටින් විට පැයට කිලෝමීටර 60 ක් 70 ත් අතර වේගයකින් සුළං ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කරන ලද නිවේදනය අද දින (28) තවදුරටත් දීර්ග කර ඇත.
එබැවින් නැවත දැනුම් දෙන තුරු දිවයින වටා මුහුදු ප්‍රදේශවල ධීවර සහ නාවුක කටයුතුවලින් වැලකී සීටින ලෙස ධීවර සහ නාවුක ප්‍රජාවට උපදෙස් නිකුත් කර ඇත. එසේම බෙංගාලබොක්ක මුහුදු ප්‍රදේශවල සහ අරාබි මුහුදු කලාපය තුළ ද ධීවර සහ නාවුක කටයුතු වලින් වළකින ලෙසක් මේ විට එම කලාපයේ ධීවර සහ නාවුක කටයුතු වල නිරත වන පිරිස් ඇත්නම් හැකි ඉක්මනින් ආරක්ෂිත ස්ථාන වෙත යාත්‍රා කරන මෙන් ද එම නිවේදනයේ තවදුරටත් උපදෙස් ලබා දී ඇත.
අද දින (25) ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නායයාම් පිළිබද පුර්ව අනතුරු ඇගවීම් නිවේදන නිකුත් කර ඇත. The National Building Research Organization has issued landslide early warning today. இன்று (25th) தேசிய கட்டிட ஆராய்ச்சி நிறுவனம் மூலம் மண்சரிவு முன்னெச்சரிக்கை அறிவிப்பு வெளியிடப்பட்டுள்ளது (25th).
මේ පිලිබද විස්තර දැනගැනීම සදහා
More information Click Here
மேலதிக தகவல்களிற்காக இங்கு அழுத்தவும்
නැවත දැනුම් දෙන තුරු ධීවර සහ නාවුක කටයුතුවලින් වැළකී සිටින ලෙස
කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් උපදෙස්.
සක්‍රීය වී ඇති නිරිත දිග මෝසම් තත්ත්වය හේතුවෙන් දිවයින වටා මුහුදු ප්‍රදේශවල, බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ සහ අරාබි මුහුදු ප්‍රදේශයේ මුහුදු ප්‍රදේශ රළු විය හැකි බවත් මෙම කලාපය තුළ විටින් විට පැයට කිලෝමීටර 60 ක් 70 ත් අතර වේගයකින් සුළං ඇතිවිය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත.
එබැවින් නැවත දැනුම් දෙන තුරු දිවයින වටා මුහුදු ප්‍රදේශවල ධීවර සහ නාවුක කටයුතු වපින් වැලකී සීටින ලෙස ධීවර සහ නාවුක ප්‍රජාවට උපදෙස් නිකුත් කර ඇත. එසේම බෙංගාබොක්ක මුහුදු ප්‍රදේශවල සහ අරාබි මුහුදු කලාපය තුළ ද ධීවර සහ නාවුක කටයුතු වලින් වළකින්නැයි ලෙසක් මේවන විට එම කලාපයේ දීවර සහ නාවුක කටයුතු වල නිරත වන පිරිස් ඇත්නම් හැකි ඉක්මනින් ආරක්ෂිත ස්ථාන වෙත යාත්‍රා කරන මෙන් ද එම නිවේදනයේ තවදුරටත් උපදෙස් ලබා දී ඇත.

නිරිත දිග මෝසම් තත්ත්වය දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පැවතීම හේතුවෙන් දිවයිනේ නිරිත දිග ප්‍රදේශවලට අධික වර්ෂාපතනයක් වාර්තා වු අතර මධ්‍යම බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින අඩු පීඩන කලාපය හේතුවෙන් දිවයින හරහා දැඩි සුළං තත්ත්වයන් වාර්තා වු අතර මේ හේතුවෙන් මිය යාම් 6 ක් වාර්තා වු අතර නිවාස හානිවීම් දේපළ හානි වීම් සහ මාර්ග අවහිරවීම්, විදුලිය දුරකථන සම්බන්ධතා සහ ජලසැපයුම් වැනි යටිතල පහසුකම් බිදවැටීම් සිද්ධි වාර්තා විය. ඇතිවු ආපදා තත්ත්වයන් නිසා ජනජීවිතයට සිදු වූ බාධා හැකි ඉක්මනින් කළමනාකරණය කිරීම සදහා අදාල පාර්ශව කරුවන් සම්බන්ධීකරණය කරමින් ජන ජීවිතය යථා තත්වයට පත් කිරීම සදහා අවශ්‍ය පියවර ගැනීමට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කටයුතු කරන ලදී.
දැඩි සුළං හේතුවෙන් කලුතර දිස්ත්‍රික්කයේ හොරණ මූලික රෝහලෙහි හදිසි ප්‍රථිකාර ඒකකය ඇතුලු ගොඩනැගිලි කිහිපයක වහල දැඩි හානි සිදු වු අතර මේ හේතුවෙන් රෝහලෙහි ප්‍රථිකාර ලබන රෝගීන් මෙන්ම එහි කාර්ය මණ්ඩලය ද දෛනික කටයුතු පවත්වාගෙන යාමේදී දැඩි අපහසුතාවයට මුහුණ දීමට සිදුවිය.
News & Events
- Japan hands over emergency relief supplies to support cyclone “Ditwah” affected families in Sri Lanka
- දිවයින වටා වැසි සහිත කාලගුණ තත්ත්වයක්.
- උසස් පෙළ විභාග කාලසීමාව තුළ ආපදා හේතුවෙන් ඇති විය හැකි බාධා වළක්වා ගැනීම
- “ලෝක සුනාමි ආපදා දැනුවත් කිරීමේ දිනට” සමගාමීව පැවැත්වීමට නියමිත ඉන්දියානු සාගර සුනාමි පෙරහුරු අභ්‍යාසය.
- ඉන්දියානු සාගර සුනාමි පෙරහුරු අභ්‍යාසයට (IOwave 25) සමගාමීව කොළඹ දිස්ත්‍රික් දැනුවත් කිරීමේ වැඩසටහන
Call Center
117+94 112 670 002




