
එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයෙහි මෙරට සහකාර නියෝජිත නලින් මුණසිංහ මහතා ඇතුලු නියෝජිත පිරිසක් මාර්තු 27 වන දින ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ නව ජනෙරාල් විශ්‍රාමික මේජර් ජනෙරාල් සම්පත් කොටුවේගොඩ මහතා හමුවිය.
ලෝක ආහාර සහ කෘෂිකර්ම සංවිධානයේ සාමාජික රටක් බවට පත්වූ දා ශ‍්‍රී ලංකාවේ කෘෂිකාර්මික අංශය යැපුම් ජීවනෝපාය කෘෂිකාර්මික ක්ෂේත්‍රය ජාතික ආර්ථිකයේ ගතික ආදායම් උපයන නිෂ්පාදන අංශයක් බවට පරිවර්තනය කිරීම සඳහා ලෝක ආහාර සහ කෘෂිකර්ම සංවිධානයෙහි තාක්ෂණික හා උපදේශන සේවා ලබාදීම සිදු කරනු ලබයි. එසේම මන්දපෝෂණය සහ කුසගින්න මැඩපැවැත්වීම සඳහා විිවිධ ක්ෂේත්‍ර යටතේ තාක්ෂණික සහ ද්‍රව්‍යමය ආධාර සැපයීම සිදු කරනු ලබයි. සාමාජීක රටක් වශයෙන් ශ්‍රී ලංකාව තුළ කෘෂිකර්මාන්තය, වන වගාව සහ ධීවර ක්ෂේත්‍රයන් නවීකරණය කිරීමට සහ ශක්තිමත් කිරීමටත් එම ක්ෂේත්‍ර වඩාත් තිරසාර භාවිතයක් තුළින් පාරිසරික් සහ ආපදා අවදානම කළමනාකරණය කිරීම සම්බන්ධයෙන් ද මැදිහත් වේ.

සුනාමි ව්‍යසනයට අප රට ගොදුරුවී වසර 20 ක් සැපිරෙන 2024 වර්ෂයේ ලෝක සුනාමි දැනුවත් කිරීමේ දිනයට සමගාමීව සුනාමි ආපදාවකට මුහුණදීම සඳහා ප්‍රතිපත්ති සකස් කිරීම, එම ප්‍රතිපත්ති අනුව ප්‍රායෝගිකව කටයුතු කරන පාර්ශවයන් සහ විද්වතුන්, අධ්‍යාපනඥයින් සහ පර්යේෂකයින් ආදී විවිධ පාර්ශව විසින් ගෙන ඇති පියවරයන් පිළිබඳව සොයා බැලීම වෙනුවෙන්ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් සංවිධානය කරන ලද සම්මන්ත්‍රණයක් ආරක්ෂක ලේකම්තුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (11/04) දින කොළඹ ගාලුමුවදොර හෝටල්යේ දී පැවැත්විනි.
සුනාමි ආපදාව නිසා ශ්‍රී ලංකාවට සමාජ ආර්ථික සහ පාරිසරික වශයෙන් විශාල බලපෑමක් සිදු වූ බවත් එබැවින් ආපදා කළමනාකරණ ක්‍රියාවලිය තුළ ආපදා පෙරසුදානම, ආපදා අවමකරගැනීම සඳහා වු ක්‍රමවේද සහ ප්‍රතිස්ඨාපන ක්‍රියාවලිය පිළිබදව අවධානය යොමු කිරීමත් ජාතික මට්ටමේ සිය ප්‍රාදේශීය මට්ටම දක්වා හදිසි ප්‍රතිචාර යාන්ත්‍රණ ක්ෂණිකව ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම ආරක්ෂක ලේකම් විසින් පෙන්වා දෙන ලදී.
එසේම ආපදා අවදාම් ක්‍රියාවලිය සාර්ථක කරගැනීම සඳහා තාක්ෂණික සහාය සහ සම්පත්නිසි ආකාරයෙන් යෙදවීම වැදගත්කම පෙන්වා දුන් ලේකම්තුමා ආපදා කළමනාකරණ ක්‍රියාවලියේ දී ආපදා ප්‍රත්‍යස්ථතාව ගොඩනැගීම පිළිබඳව අවධානය යොමු කිරීම පිළිබදව අවධාරණය කරන ලදී. එසේම විද්‍යාත්මක සහ තාක්ෂණික නව්‍යකරණ දැනුම භාවිතා කිරීමේ වැදගත්කම පෙන්වා දුන් ලේකමවරයා සංවර්ධන සැලසුම් සකස් කිරීමේදී සහ නගර සංවර්ධන ක්‍රියාවලිය තුළ අවදානම කරළමනාකරණ මාර්ගෝපදේශ අනුගමන කිරීමේ අවශ්‍යතාව තවදුරටත් අවධාරණය කරන ලදී.
මෙවර ජනාධිපතිවරණය පැවැත්වෙන කාලසීමාව තුළ ඇතිවිය හැකි අනපේක්ෂිත කාලගුණික තත්ත්වයන් නොසලකා හැරිය නොහැකි බැවින් එම කාල සීමාව තුළ ආපදාවලින් මැතිවරණයට සිදුවිය හැකි බාධා කළමනාකරණය කරගැනීම සඳහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සහ මැතිවරණ කොමිසම් සභාව එක්ව විශේෂ ඒකාබද්ධ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.
මැතිවරණ පැවැත්වෙන කාලසීමාව තුළ ආපදා හේතුවෙන් සිදුවිය හැකි බාධා අවම කිරීම වෙනුවෙන් සකස් කරන ලද හදිසි ආපදා ප්‍රතිචාර පෙරසුදානම් සැලැස්ම ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් විශ්‍රාමික මේජර් ජෙනරාල් උදය හේරත් මහතා විසින් මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා වෙත නිළ වශයෙන් භාරදීම මැතිවරණ කොමිසම් සභා පරිශ්‍රයේ දී සිදු කරන ලදී. මැතිවරණය පැවැත්වෙන කාලසීමාව තුළ යම් ආපදා තත්ත්වයක් හේතුවෙන් මැතිවරණයට යම් බාධාකාරී තත්ත්වයක් ඇති නම් එම බාධා වළක්වාගැනීම සඳහා මෙම සැලැස්ම අනුව කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සම්බන්ධීකරණ ඒකක සහ පාර්ශවකාර ආයතන දැනුවත් කිරීමට කටයුතු කරන ලදී.

2004 වර්ෂයේ ඇති වූ ඉන්දියන් සාගර සුනාමි ව්‍යසනය හේතුවෙන් ජීවිත හානි සහ සිදු වූ සමාජ, ආර්ථික සහ පාරිසරික බලපෑම ඉතා විශාල වේ. මෙම තත්ත්වය සලකාබලා ඉදිරියේ දී ඇතිවිය හැකි සුනාමි ව්‍යසනයකදී ජන ජීවිතයට ඇති කරනු ලබන පීඩනය යථාතත්වයට පත්කිරීම සහ සිදුවිය හැකි හානි අවමකර ගැනීමත් අරමුණ කරගනිමින් 2015 වර්ෂයේ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයේදී සෑම වර්ෂයකම නොවැම්බර් 05 වැනි දින ලෝක සුනාමි ආපදා දැනුවත් කිරීමේ දිනය වශයෙන් නම් කරන ලදී. 2015 වර්ෂයේ සිට සෑම වර්ෂයකම නොවැම්බර් 05 දිනය සුනාමි ආපදා සුරක්ෂිතාව තහවුරු කර ගැනීම සම්බන්ධව ලෝක අවධානය යොමු කිරීම සඳහා ලොව සෑම රටක්ම කටයුතු කරනු ලබයි.
සුනාමි ව්‍යසනයට අප රට ගොදුරුවී වසර 20 ක් සැපිරෙන 2024 වර්ෂයේ ලෝක සුනාමි දැනුවත් කිරීමේ දිනයට සමගාමීව සුනාමි ආපදාවකට මුහුණදීම සඳහා ප්‍රතිපත්ති සකස් කිරීම, එම ප්‍රතිපත්ති අනුව ප්‍රායෝගිකව කටයුතු කරන පාර්ශවයන් සහ විද්වතුන්, අධ්‍යාපනඥයින් සහ පර්යේෂකයින් ආදී විවිධ පාර්ශව විසින් ගෙන ඇති පියවරයන් පිළිබඳව සොයා බැලීම වෙනුවෙන් සම්මන්ත්‍රණයක් 2024.11.04 වන දින පැවැත්වීමට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් සැලසුම් කර ඇත.
2004 සුනාමි ව්‍යසනයේ සිට දශක දෙකක කාලය සීමාව පුරාවට රට තුළ ආපදා ප්‍රත්‍යස්ථාතාව ගොඩනැංවීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව සාධනීය පසු විපරමක් සිදු කිරීම මෙම සම්මන්ත්‍රණයේ අරමුණ වේ. එ් අනුව ප්‍රධාන තේමා 04 ක් යටතේ විවිධ ක්ෂේත්‍ර පිළිබඳව විද්වත් අදහස්, ක්ෂේත්‍ර තුළ ලද අත්දැකිමි සහ පර්යේෂණ ප්‍රතිඵල ජනගත කිරීම සිදු කරනු ලැබේ.
සුනාමි ආපදා අවදානම සහ පුරෝකථනය කිරීම, සුනාමි ආපදා පුර්ව අනතුරු ඇඟවීම. ආපදා අවදානම් කළමනාකරණ ක්‍රියාවලිය තුළ ස්ත්‍රී පුරුෂ සමාජභාවය, විශේෂිත අවධානය ලක්කළ යුතු ජන කොටස් සහ සංස්කෘතික විවිධත්වය සළකාබැලීම. අධ්‍යාපන, සෞඛ්‍ය සහ සංචාරක වැනි ක්ෂේත්‍ර තුළ යටිතල පහසුකම් සහ ආයතනික ව්‍යුහයන්හි තිරසාරාත්මකභාවය. සහ ආපදාවකට ඔරොත්තු දිය හැකි ආකාරයේ ආයතනික, පරිපාලන ව්‍යුහයන් සකස් කිරීම සහ ආයතනික පෙරසුදානම මෙම විද්වත් සම්මන්ත්‍රණයේ ප්‍රධාන තේමා වේ.
මෙම සම්මන්ත්‍රණයට මාර්ගගත ක්‍රමය ඔස්සේ මහජනතාවට සම්බන්ධවීමට පහසුකම් සලසා ඇති අතර ඒ සඳහා පහත සබැදිය මගින් ඔබට සම්බන්ධ විය හැක.
https://youtube.com/live/QZTOfDrvPa0?feature=share




මෙවර ශිෂ්‍යත්ව විභාගය පැවැත්වෙන සීමාව තුළ ඇතිවිය හැකි අනපේක්ෂිත කාලගුණික තත්ත්වයන් නොසලකා හැරිය නොහැකි බැවින් විභාගය පැවැත් වෙන කාල සීමාව තුළ ආපදාවලින් බාධාවක් නොවී පවත්වා ගෙන යාම සදහා අවධානය යොමුකරමින් විශේෂ ඒකාබද්ධ වැඩපිළිවළක් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සහ විභාග දෙපාර්තමේන්තුව ඒකාබද්ධ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.
මෙතුළින් මෙවර ශිෂ්‍යත්ව විභාගය පැවැත්වෙන එළඹෙන ඉරිදා දිනය තුළ දී ආපදා හේතුවෙන් දරුවන්ට සහ විභාග රාජකාරී සඳහා සම්බන්ධවන නිළධාරීන් හට මුහුණුදීමට සිදුවිය හැකි බාධා මග හැරගැනීම සදහා හදිසි ප්‍රතිචාර දැක්වීමේ සම්බන්ධීකරණ යාන්ත්‍රණය ශක්තිමත් කිරීමටත් සියලු පාර්ශ්වකාර ආයතන විසින් ඉටු කළ යුතු කාර්ය භාරය වෙන් වෙන් වශයෙන් මෙම සැලසුම තුළ දක්වා ඇත.
News & Events
- ඊසාන දිග මෝසම් පුර්ව සුදානම වෙනුවෙන් පාර්ශවකාර ආයතන දැනුවත් කෙරේ.
- Coordination of Emergency Donations to Rebuild the Country
- දිවයින වටා වැසි සහිත කාලගුණ තත්ත්වයක්.
- උසස් පෙළ විභාග කාලසීමාව තුළ ආපදා හේතුවෙන් ඇති විය හැකි බාධා වළක්වා ගැනීම
- “ලෝක සුනාමි ආපදා දැනුවත් කිරීමේ දිනට” සමගාමීව පැවැත්වීමට නියමිත ඉන්දියානු සාගර සුනාමි පෙරහුරු අභ්‍යාසය.
Call Center
117+94 112 670 002




