අයහපත් කාළගුණික තත්ත්වයෙන් විපතට පත් ජනතාවගේ අවශ්‍යතා සොයා බැලීම සදහා වාරිමාර්ග ජල කළමනාකරණ සහ ආපදා කළමනාකරණ අමාත්‍ය දුමින්ද දිසානායක මැතිතුමන් කොලොන්නාව සහ කැලණිය ප්‍රදේශවල නිරීක්ෂණ සංචාරයක නිරත විය.
පවතින අයහපත් කාලගුණ තත්වය නිසා මේ වන විට (24) දිස්ත්‍රික් 19 ක ගංවතුර සහ නායයාම් ආපදා තත්වයක් උද්ගත වී ඇත. මෙම දිස්ත්‍රික්ක 19 තුළ පවුල් 31,822 ක 124,733 ක් පීඩාවට පත්වී ඇත. ආපදා නිසා සිදුවු මරණ සංඛ්‍යාව 12 ක් වේ.
ආපදා හේතුවෙන් නිවාස 43 ක පුර්ණ හානි සිදු වී ඇති අතර නිවාස 3,172 ක් අර්ධ වහයෙන් හානි වී ඇත. 2018.05.24 0900 පැයට වාර්තාවන අන්දමට පවුල් 14,500 ක 56472 දෙනෙකු ආරක්ෂිත මධ්‍යස්ථාන 246 ක තාවකාලිකව රදවා ඇත.
වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ 2018.05.24 වන දින පෙ.ව.06.30ට නිකුත් කරන ලද වාර්තාවට අනුව කැලණි ගඟේ ජල මට්ටම සාමාන්‍යය තත්ත්වයට පත්ව ඇත. නාගලන්වීදිය ජල මාපකයන් ආශ්‍රිත ප්‍රදේශ අවදානම් මට්ටමේ පවතී.නෝර්වුඩ් මාපකයේ අවදානම් මට්ටමට පැමිණ ඇත. කඵ ගඟ රත්නපුර, ඇල්ලගාව හා පුටුපවුල ප්‍රදේශයේ ගංවතුර තරමක් අඩු වෙමින් පවතී. නිල්වලා ගඟේ පානදුගම ආශ්‍රිත ගංවතුර අඩු වෙමින් පවතී. අත්තනුගලු ඔය දූනමලේ ප්‍රදේශ ගංවතුර අඩු වෙමින් පවතී.
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් 2018.05.23 පස්වරු 16.00 වාර්ථාවට අනුව රත්නපුර, කෑගල්ල, නුවරඑළිය, කඵතර හා ගාල්ල දිස්ත්‍රික්ක සඳහා නාය යෑම්, බෑම් කඩා වැටිම්, ගල් පෙරලීම් හා පස් කණ්ඩි කඩා වැටීමේ අවධානම පිළිබඳ රතු නිවේදන නිකුත් කර ඇත.
එසේම බදුල්ල, කුරුණෑගල, කොළඹ හා ගම්පහ දිස්ත්‍රික්ක සඳහා නාය යෑම්, බෑවුම් කඩා වැටිම්, ගල් පෙරලීම් හා පස් කණ්ඩි කඩා වැටීමේ අවධානම පිළිබඳ විමසිලිමත් වීම පිළිබඳ නිවේදන නිකුත් කර ඇත.
කුකුලේ ගඟ ජලාශය(වාන් දොරටු 01ක්) උඩවලව ජලාශය (වාන් දොරටු 01ක්) ලක්ෂපාන ජලාශය(වාන් දොරටු 01ක්) දැදුරු ඔය(වාන් දොරටු 02 ක්) රාජාංගනය ජලාශය ( වාන් දොරටු 02ක්) සහ තබ්බෝව ජලාශයේ වාන් දොරටු විවෘත කර ඇත.
පවතින අයහපක් කාලගුණය තත්වය පිළිබද මාධ්‍ය දැනුවත් කිරීමේ හමුවක් වාරිමාර්ග, ජලසම්පත් සහ ආපදා කළමනාකරණ අමාත්‍යංශ ශ්‍රවනාගාරයේ දී පැවැත්විණි.
පවතින අයහපත් කාලගුණ තත්වය නිසා දිස්ත්‍රික් 14 ක ගංවතුර සහ නායයාම් ආපදා තත්වයක් උද්ගත වී ඇත. මෙම දිස්ත්‍රික්ක 14 තුළ පවුල් 18,079 ක 68,343 ක් පීඩාවට පත්වී ඇත. ආපදා නිසා සිදුවු මරණ සංඛ්‍යාව 09 ක් වේ. අකුණු අනතුරු වළක්වා ගැනීමට කටයුතු කිරීම පිළිබද නිරන්තරයෙන් ජනතාව දැනුවත් කෙරෙන නමුුත් 04 දෙනෙකු මිය ගොස් ඇත්තේ අකුණු අනතුරු හේතුවෙනි.
ආපදා හේතුවෙන් නිවාස 25 ක පුර්ණ හානි සිදු වී ඇති අතර නිවාස 1,464 ක් අර්ධ වහයෙන් හානි වී ඇත. 2018.05.22 1600 පැයට වාර්තාවන අන්දමට පවුල් 6,710 ක 24187 දෙනෙකු ආරක්ෂිත මධ්‍යස්ථාන 168 ක තාවකාලිකව රදවා ඇත.
අයහපත් කාළගුණික තත්වයෙන් විපතට පත් ජනතාවට අවශ්‍යා සොයාබැලීම සදහා වාරිමාර්ග ජල කළමනාකරණ සහ ආපදා කළමනාකරණ අමත්‍ය දුමින්ද දිසානායක අමාත්‍යතුමා රත්නපුර දිසුත්‍රික්කයේ නීරීක්ෂණය කරන ලදී.
News & Events
- ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජෝර්ජිවා මහත්මිය දිට්වා සුළිකුණාටුව සමයේ නාය යාමට ලක්වූ ස්ථාන නීරීක්ෂණය කරයි. 2026-02-17
- සාමාන්‍ය පෙළ විභාග කාලසීමාව තුළ ආපදා හේතුවෙන් ඇතිවිය හැකි බාධා වළක්වා ගැනීම
- කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පුරෝකථනයට අනුව දිවයින ආසන්නයේ ඇති පීඩන අවපාතය සවස් කාලයේදී පොතුවිල් සහ ත්‍රිකුණාමලය අතරින් දිවයිනට
- දිවයිනට ගිනිකොණ දෙසින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පීඩන අවපාතයක්.
- දිවයිනට ගිනිකොණ දෙසින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ අඩු පීඩන කලාපයක්
Call Center
117+94 112 670 002







