නිරිත දිග මෝසම සක්‍රිය වීමත් සමගම පසුගිය දිනවල දිවයිනට බල පෑ අයහපත් කාළගුණ තත්වය හේතුවෙන් ගංවතුර,නායයෑම් හා අධික සුළං තත්වයක් ඇති වූ අතර ඉන් දිස්ත්‍රික්ක 14ක පවුල් 75,561 කට අයත් පුද්ගලයින් 286,000 කට අධික සංඛ්‍යාවක් බලපෑමට ලක්විය. විශේෂයෙන්ම ඇතැම් ස්ථාන සඳහා 400mm පමණ වර්ෂාපතනයක් පැය 02ක් වැනි කෙටි කාලයක් තුළ පතිතවීම නිසා අපේක්ෂා නොකළ ආකාරයෙන් විශාල ගංවතුර තත්ත්වයක් වාර්තා විය.
ගංවතුර, නායයෑම් හා අධික සුළං වල බලපෑමට ලක්වූවන් මුදාගැනීමේ කටයුතු ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සම්බන්ධීකරණයෙන් සිදුකළ අතර අවතැන් වූ පුද්ගලයන් කඳවුරු ගත කර ඔවුනට අවශ්‍ය සහන ලබාදීම කඩිනමින් සදුකරන ලදී. හදිසි ප්‍රතිචාර දැක්වීම සඳහා මෙන්ම සහන ලබාදීමේ වැඩපිළිවෙල තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා ගරු ආරක්ෂක රාජ්‍ය අමාත්‍යතුමාගේ උපදෙස් මත රාජ්‍ය, රාජ්‍ය නොවන හා ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධානවලින් විපතට පත් වු ජනතාව වෙත සහන ලබාදීමේ හැකියාව පිළිබඳව සාකච්ඡා කරන ලදි.
මේ යටතේ ඇමරිකා එක්සත් ජනපද ආධාර වැඩසටහන(US Aid), ලෝක ආහාර සංවිධානය (WFP) විසින් හදිසි ප්‍රතිචාර දැක්වීම් වඩාත් කාර්යක්ෂම කිරීමටත් බලපෑමට ලක් වූ ජනතාවගේ ජනජීවිතය යලි නගාසිටුවීම සඳහාත් වු සහනාධාර 18 වන දින ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වෙත භාරදෙන ලදී. විදුලි කියත්(30), වතුර පොම්ප (35), තාපොලින් ශීට් (1000), මුලුතැන්ගෙයි උපකරණ කට්ටල (1500), පොලිසැක් උර (8740) ක් මෙම භාන්ඩ අතරට ඇතුලත් විය.
ඉංගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් රත්මල්ගොඩ නැගෙනහිර ග්‍රාම නිළධාරිවසමේ පිහිටා ඇති කබරගල කන්දෙහි බටහිර බෑවුම් ප්‍රදේශයේ ස්ථාන කිහිපයක පැලීම් සහිතව නායයෑමේ අවදානමක් ඇති බවට කළුතර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සම්බන්ධීකරණ ඒකකය දැනුවත් කිරීමෙන් පසුව ඉංගිරිය ප්‍රාදේශීය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිළධාරීන් සහ ප්‍රාදේශී්‍ය වශයෙන් කටයුතු කරන පාර්ශවකාර ආයතන නිලධාරීන් සහ ප්‍රදේශවාසින් සම්බන්ධ කරගනිමින් කබරගල කන්ද ආශ්‍රීතව පවතින නායයෑම් අවදානම් සහිත ස්ථාන නිරීක්ෂණය කිරීමට කලුතර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සම්බන්ධීකරණ ඒකකය කටයුතු කරන ලදී.
කන්දේ ඇති ඉරි තැලීම් හා පැලීම් හේතුවෙන් නායයෑමේ අවදානම් තත්වයක් පවතින බව නිරීක්ෂණය වූ බැවින් දින ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ තාක්ෂණික සහය ඇතිව තවදුරටත් නිරීක්ෂණ කටයුතු විධිමත්ව සිදුකර නායයෑමේ අවදානමක් පවතින බවට තහවුරු කර ගැනීමට කටයුතු කරන ලදී.
පවතින ආපදා තත්ත්වය පිළිබඳව රාජ්‍ය නොවන සංවිධාන නියෝජිතයින් දැනුවත් කිරීම
පසුගිය දින කීපය තුළ ඇද හැළුණු අධික වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ ගනණාවක ක්ෂණික ගංවතුර මෙන්ම නායයාම්, කණ්ඩි කඩවැටීම් ආදී ආපදා තත්ත්වයන් හේතුවෙන් දිස්ත්‍රික්ක 13 පවුල් 65,777 අයත් පුද්ගලයින් 247,406 ක් බලපෑමට ලක් වී ඇති බවත් මේ වන විට සුරක්ෂිත මධ්‍යස්ථාන 166 පවත්වා ගෙන යන බවත් ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් අමාත්‍යතුමා අද දින (05) ආපදාවෙන් විපතට පත් ජනතාව වෙත සහන සැලසීමේ ක්‍රියාවලිය පිළිබඳව රාජ්‍ය නොවන ආයතන නියෝජිතයින් දැනුවත් කිරීමේ වැඩසටහනකට සහභාගී වෙමින් පැවසීය.
ආපදා තත්ත්වය පහව යෑමෙන් පසු ජන ජීවිතය යථාත්වයට පත් කර ගැනීම සදහා රාජ්‍ය නොවන සංවිධාන විසින් ඉටු කිරීමට අපේක්ෂිත සේවාවන් නිසි කළමනාකරණයෙන් යුතුව මහජනතාව වෙත සැපයීම වෙනුවෙන් වු සම්බන්ධීකරණ යාන්ක්‍රණය පිළිබඳ දැනුවත් කිරීමේ අරමුණින් මෙම ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් මෙම රුස්වීම සංවිධානය කරන ලදී.
නියඟයෙන් පීඩාවිදින පුත්තලම දිස්ත්‍රික්කයේ ජනතාවට පානීය ජල අවශ්‍යතා සැපීරීම සඳහා ඒ්කාබද්ධ වැඩසටහනක්
වාර්ෂිකව නියං ආපදා තත්ත්වයට ගොදුරුවන දිස්ත්‍රික්කයක් වන පුත්තලම දිස්ත්‍රික්කයේ උච්චමුනෙයි සහ කල්පිටිය යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල පාසැල් දරුවන් හට සුරක්ෂිත පානීය ජල අවශ්‍යතා සපුරාදීම වෙනුවෙන් ජල පිරිපහදු පද්ධති ස්ථාපනය කිරීම සඳහා ශ්‍රී ලංකා වර්ඩ් විෂන් ආයතනය සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය එක්ව නව වැඩසටහනක් ආරම්භ කර ඇත. මෙම වැඩසටහන වඩාත් කාර්යක්ෂමව ක්‍රියාත්මක කිරීම සඳහා වු අවබෝධතා ගිවිසුමකට එළඹීමට පසුගිය දා කටයුතු කරන ලදී. ඒ් අනුව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ධෂ ජෙනරාල් විශ්‍රාමික මේජර් ජෙනරාල් උදය හේරත් මහතා සහ ශ්‍රී ලංකා වර්ඩ් විෂන් ආයතනයේ ජාතික අධ්‍යක්ෂ ආචාර්ය ධනන් සේනාධිරාජ් (Dr. Dhanan Senathiraj) මහතා විසින් පසුගිය ජූලි 01 වන දින ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ දී මෙම අවබෝධතා ගිවිසුමට අත්සන් තබන ලදී.
දිවයින වටා මුහුදු ප්‍රදේශවල යාත්‍රා නොකරන ලෙස ධීවර ප්‍රජාවට නිකුත් කරන ලද නිවේදනය ලිහිල් කොට කනකසන්තුරය සිට මන්නාරම කොළඹ සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ වල නැවත දැනුම් දෙන තුරු යාත්‍රා නොකරන ලෙස ධීවර ප්‍රජාවට අනතරු අගවා ඇත.
සක්‍රීය නිරිත දිග මෝසම් තත්ත්වය හේතුවෙන් දිවයින වටා වන මුහුදු ප්‍රදේශ තවදුරටත් රළු හෝ ඉතා රළු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිවේදනය කර ඇත.මේ හේතුවෙන් කනකසන්තුරය සිට මන්නාරම කොළඹ සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ වල නැවත දැනුම් දෙන තුරු යාත්‍රා නොකරන ලෙස ධීවර ප්‍රජාවට අනතරු අගවා ඇත. එසේම පවතින සුළං සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශ වල ධීවර සහ නාවුක කටයුතු කරන ලබන පිරිස් දැඩි අවධානයෙන් යුතුව කටයුතු කරන ලෙස ද දැනුම් දී ඇත.
කල්පිටිය සිට කොළඹ හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ වල රළ මට්ටම මීටර් 2.5 දිට මීටර් 3.5 දක්වා ඉහළ යාමේ හැකියාවක් පවතින බවත් මේ හේතුවෙන් රළ ගොඩබිමට පැමිණිය හැකි බවත් එම නිවේදනයේ සදහන් කර ඇත.
News & Events
- නිරිතදිග මෝසම් පුර්ව සුදානම වෙනුවෙන් පාර්ශවකාර ආයතන දැනුවත් කිරීම
- මියන්මාරයේ සාර්ථක ආපදා සහන මෙහෙයුමකින් අනතුරුව ත්‍රිවිධ හමුදා මානුෂීය සහන කණ්ඩායම යළි දිවයිනට
- මියන්මාරයේ ඇති වූ භූමිකම්පාවෙන් පීඩාවට පත් ජනතාවට මානුෂීය ආධාර
- ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදා සහන කණ්ඩායම මියන්මාරයේ මානුෂීය කටයුතු අඛණ්ඩව ඉදිරියට
- කඩිනමින් හදිසි ප්‍රතිචාර සේවා සඳහා ත්‍රිවිධ හමුදා විශේෂ කණ්ඩායමක් මියන්මාරය බලා පිටත් වේ.
Call Center
117+94 112 670 002