සුනාම් පිළිබද කටකථා අසත්‍යයි. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිකුත් කරන නිවේදන අනුව කටයුතු කරන්න.
ඉන්දියානු සාගර කලාපයේ ශ්‍රී ලංකාවට ගිණිකොණ දෙසින් උතුරු අක්ශාංශ අංශක 8 කලා 14 ත් නැගෙනහිර දේශාංශ අංශක 83 කලා 48 ත් අතර ප්‍රදේශයේ රික්ටර් මාපක අංක 5.4 ක භූකම්පනයක් සිදුවී ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිවේදනය කරන ලදී. මෙරට වේලාවෙන් පෙරවරු 2.34 ට සිදුවු මෙම භූ කම්පනය හේතුවෙන් සුනාමි අනතුරු තත්වයක් පිළිබද අවදානමක් නොමැති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිවේදනයක් නිකුත් කරමින් දන්වා ඇත.
කොරොන වයිරස් ගෝලීය උපාය මාර්ගික පෙර සූදානම් සහ ප්‍රතිචාර සැලැස්මට ඇමරිකානු ඩොලර් මිලියන 675 ක් අවශ්‍ය යි. - ලෝක සෞඛ්‍ය සංවිධානය
නව කොරෝනා වයිරස් අවදානම වැළැක්වීම සදහා වන ගෝලීය උපාය මාර්ගික පෙර සූදානම සහ ප්‍රතිචාර සැලැස්ම සදහා ඇමරිකානු ඩොලර් මිලියන 675 ක් අවශ්‍ය බවත් අවදානමට ලක්විය හැකි රටවල් ආරක්ෂා කිරීම වෙනුවෙන් හදිසි සහාය අවශ්‍ය බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නිවේදනය කර ඇත.
ගෝලීය වශයෙන් පැතිර යම්න් පවතින නව කොරෝනා වෛරසය (2019-nCoV) පැතිර යාම වැළැක්වීම සඳහා; ප්‍රමාණවත් සෞඛ්‍ය සේවා පද්ධති නොමැති රටවල් ආරක්ෂා කිරීම සඳහා; සකස් කර ඇති ගෝලීය පෙර සුදානම් සහ හදිසි ප්‍රතිචාර සැලැස්ම ඉදිරි තෙමසක කාලය තුළ (පෙබරවාරී සිට අප්‍රේල් දක්වා) ක්‍රියාත්මක කිරීම සදහා ඇමරිකානු ඩොලර් මිලියන 675 ක මුදලක් වැය වනු ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය ඇස්තමේන්තු කර ඇත.
නව කොරෝනා වෛරස් රෝගය වැළදුන සංඛ්‍යාව ඉහළට, ලෝක සෞඛ්‍ය සංවිධානය
කොරෝනා වෛරසය පිළිබද ගෝලීය තත්ව වාර්තාව ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ඊයේ දින (06) නිකුත් කරන ලද තත්ව වාර්තාවට අනුව රෝගය වැළදුන සංඛ්‍යාව ගෝලීය වශයෙන් 28,276 ක් බව තහවුරු කර ඇති අතර පසුගිය පැය විසිහතර තුළ නව රෝගීන් 3,722 වාර්තා වී ඇති බව එම වාර්තාවේ සදහන් වේ. 05 දින නිකුත් කරන ලද වාර්තාවට සාපේක්ෂව රෝගය ව්‍යප්තවීමේ ප්රවනතාව සළකා බැලීමේ දී 15% පමණ වැඩිවීම කි. රෝගය වැළදුන සංඛ්‍යාවෙන් පුද්ගයින් 28,060 චීන ජාතියින් බව ලෝක සෞඛ්‍ය සංවිධානය තහවුරු කර ඇත. නව නව කොරෝනා ව්‍යාප්තිය සළකා බලනවිට 99.23% ප්රමාණයකි. ලෝකයේ අනෙකුත් රටවලින් වාර්තා වන සංඛ්‍යාව 0.77% තරම් අඩු අගයක් වේ. කොරෝනා වෛරස් වැළදුන සංඛ්‍යාවෙන් 3,859 ක ගේ තත්වය බරපතල බවත් කෙරෝනා වෛරස් තත්වය හේතුවෙන් මරණ 564 ක් වාර්තා වී ඇතැයි ද එම වාර්තාව තවදුරටත් පෙන්වා දේ.
නව කොරෝනා වෛරස් රෝගය චීනය තුළ තවදුරටත් ඉහළට. ලෝක සෞඛ්‍ය සංවිධානය
කොරෝනා වෛරසය පිළිබද ගෝලීය තත්ව වාර්තාව ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ඊයේ දින (08) නිකුත් කරන ලද තත්ව වාර්තාවට අනුව රෝගය වැළදුන සංඛ්‍යාව ගෝලීය වශයෙන් 34,886 ක් බව තහවුරු කර ඇති අතර පසුගිය පැය විසිහතර තුළ නව රෝගීන් 3,419 ක් වාර්තා වී ඇති බව එම වාර්තාවේ සදහන් වේ. පෙබරවාරී 07 දින නිකුත් කරන ලද තත්ව වාර්තාවට සාපේක්ෂව රෝගය ව්‍යප්තවීමේ ප්රවනතාව සළකා බැලීමේ දී 10.8% ක් දක්වා යම් අඩු වීමක් වාර්තා වී ඇත. රෝගය වැළදුන සංඛ්‍යාවෙන් පුද්ගයින් 34,598 චීන ජාතියින් බව ලෝක සෞඛ්‍ය සංවිධානය තහවුරු කර ඇත. නව නව කොරෝනා ව්‍යාප්තිය සළකා බලනවිට 99.23% ප්රමාණයකි. ලෝකයේ අනෙකුත් රටවලින් වාර්තා වන සංඛ්‍යාව 0.8% තරම් අඩු අගයක් වේ. කොරෝනා වෛරස් වැළදුන සංඛ්‍යාවෙන් 6,101 ක ගේ තත්වය බරපතල බවත් කෙරෝනා වෛරස් තත්වය හේතුවෙන් මරණ 723 ක් වාර්තා වී ඇතැයි ද එම වාර්තාව තවදුරටත් පෙන්වා දේ.
කළාපීය සහ ගෝලීය වශයෙන් කොරෝනා රෝග අවදානම තවදුරටත් ඉහළට, ලෝක සෞඛ්‍ය සංවිධානය
කොරෝනා වෛරසය පිළිබද ගෝලීය තත්ව වාර්තාව ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ඊයේ දින (02) නිකුත් කරන ලදී. එම තත්ව වාර්තාවට අනුව රෝගය වැළදුන සංඛ්‍යාව ගෝලීය වශයෙන් 14,557 ක් බව තහවුරු කර ඇති අතර පසුගිය පැය විසිහතර තුළ නව රෝගීන් 2,604 වාර්තා වී ඇති බව එම වාර්තාවේ සදහන් වේ. මෙම (01) දින වාර්තාවට සාපේක්ෂව රෝගව ව්‍යප්තවීමේ ප්රවනතාව සළකා බැලීමේ දී 20% පමණ වැඩිවීම කි. නමුත් මෙම ව්‍යාප්තිය සළකා බලනවිට 99.5% ප්‍රමාණයක් වාර්තා වන්නේ චීනයෙනි. ලෝකයේ අනෙකුත් රටවලින් වාර්තා වන සංඛ්‍යාව 0.5% තරම් අගයක් වේ. රෝගය වැළදුන සංඛ්‍යාවෙන් පුද්ගයින් 14,411 චීන ජාතියින් බව ලෝක සෞඛ්‍ය සංවිධානය තහවුරු කර ඇත. කොරෝනා වෛරස් වැළදුන සංඛ්‍යාවෙන් 2,110 ක ගේ තත්වය බරපතල බවත් කෙරෝනා වෛරස් තත්වය හේතුවෙන් මරණ 304ක් වාර්තා වී ඇතැයි ද එම වාර්තාව තවදුරටත් පෙන්වා දේ.
News & Events
- Australian Bureau of Meteorology Delegation Meets Director General of the Disaster Management Centre
- උසස් පෙළ විභාගයට ආපදා හේතුවෙන් ඇතිවිය හැකි බාධා වළක්වා ගැනීම
- ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වෙත ජීවිතාරක්ෂක බෝට්ටු නිල වශයෙන් භාරදීම
- ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වෙත මානුෂීය සහ සෙවීම් හා ගලවා ගැනීමේ උපකරණ නිල වශයෙන් භාරදෙයි
- ‘සුපිළිපන් සංස්කෘතියක් - ක්ලීන් ශ්‍රී ලංකාවක්’ ජාතික මෙහෙයුම් වැඩසටහන ආරම්භ කරමින් සුපිළිපන් ප්‍රතිඥාව ලබාදීම.
Call Center
117+94 112 670 002




