Emergency Warnings

rss

 

වර්ෂාව ඇතිවුව හොත් ගංගා ද්‍රෝනි කීයකට ගංවතුර අවදානම පවතී

DirectoIrrකොවිඩ් 19 ව්‍යසන තත්වය හමුවේ ඉදිරියේ දී ඇතිවිය හැකි මෝසම් වර්ෂාව නිසා ඇති විය හැකි ආපදා වලින් ආරක්ෂාවීම සදහා ජනතාව කටයුතු කළ යුතු ආකාරය පිළිබදව මහජනතාව දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් අද දින (27) ආපදා කළමනාරකණ මධ්‍යස්ථාන ශ්‍රවනාගාරයේ දී පැවැත්විනි.

පසුගිය කාලය තුළ පැවති වර්ෂාපතනය නිසා ගංගා පෝෂක ප්‍රදේශවල පාංශු ස්ථර ජලයෙන් සංතෘප්ත වී තිබීම සහ ගංගාවල ජල මට්ටම් සැළකිය යුතු මට්ටමකින් ඉහළ ගොස් පැවතීම නිසා ගංගා ද්‍රෝනි කීපයකට ගංවතුර අවදානම් තත්වයක් ඇතිවිය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ එස්. පී. සී සුගීෂ්වර මහතා මෙම මාධ්‍ය හමුවේ දී පැවසී ය.

දකුණ, බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලට තද වැසි

Bad Weatherදිවයිනේ නිරිත දිග කොටසේ දැනට පවතින වැසි තත්වය තවදුරටත් පවතී යැයි කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් අද දින (26) විශේෂ කාලගුණ නිවේදනයක් නිකුත් කරමින් නිවේදනය කර ඇත. දකුණ, බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වල මිලි මීටර් 200 ය ඉක්ම වූ වර්ෂාපතනයක් ඇති විය හැති බව මෙම නිවේදනයේ තවදුරටත් සදහන් වේ.

 

 

z p01-Badඉදිරි දින කීපය තුළ දිවයිනේ බොහෝ ප්‍රදේශවලට තද වැසි

ඉදිරි දින කීපය තුළ දිවයිනේ බොහෝ ප්‍රදේශවලට තද වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් අද (25) දින නිවේදනය කර ඇත.

ශ්‍රී ලංකාවට ආසන්න පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවලව දැනට පවතින වැසි තත්වයේ වැඩිවීමක් 2020 මැයි මස 26 දින සිට 29 දින දක්වා බලාපොරොත්තු විය හැකි බව එම නිවේදනයේ සදහන් කර ඇති අතර විශේෂයෙන්ම මෙම තත්වය නිසා බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, වයඹ සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ඉක්ම වු වර්ෂාපතනයක් ඇතිවිය හැකි බව එම නිවේදනයේ සදහන් කර ඇත.

 

ගංගාද්‍රෝණි රැසකට ගංවතුර අවධානම පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

Flood warningඉදිරි දින කීපය තුළ බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, වයඹ සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ඉක්ම වු වර්ෂාපතනයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් අද (25) දින නිවේදනය කරන ලදී.

මෙම නිවේදනයේ සදහන් කරුනු සළකා බලා ගංගා ද්‍රෝනි කීපයකට ගංවතුර අවදානම් තත්වයක් ඇතිවිය හැකි බවට වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දී ඇත.
මී ඔය, දැදුරු ඔය, මහ ඔය, අත්තනගලු ඔය, කැළණි ගඟ, කලු ගඟ, බෙන්තොට ගග, ගිං ගඟ, නිලවලා ගඟ කිරම ඔය සහ ඌරුබොකු ඔය යන ගංගාධාරයට අයත් පහත් බිම් ජලයෙන් යටවිය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්ව විසින් නිවේදනය කර ඇත.

දිස්ත්‍රික්ක 04 කට නායයාම් අවදානම් නිවේදන තවදුරටත්

landslideපැවති වර්ෂාව හේතුවෙන් රත්නපුර, කෑගල්ල, මහනුවර සහ නුවරඑලිය යන දිස්ත්‍රික්ක සදහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින්  අද (23) දින තවදුරටත් නායයාම් අවදානම් නිවේදන නිකුත් කර ඇත.

රත්නපුර දිස්ත්‍රික්යේ රත්නපුර, කලවාන, ඕපනායක, බලංගොඩ, පැල්මඩුල්ල සහ නිවිතිගල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල කදුකර බෑවුම් ප්‍රදේශ නායයාම් අධි අවදානම් කළාපයේ ජීවත් ජනතාවට තවදුරටත් වර්ෂාව ලැබේ නම් ආරක්ෂිත ස්ථාන කරා ඉවත් වීමට සුදානම් වෙන ලෙස නායයාම් අවදානම් නිවේදන නිකුත් කර ඇත.

Call Center

117
General: +94 112 136 136
Emergency Operation Center:+94 112 136 222 /
+94 112 670 002
Fax: +94 11 2670079