පසුගිය වර්ෂයේ පෙබරවාරි මස මොරාගල දිස්ත්‍රික්කයේ අවස්ථා කීපයක දී භූචලන වාර්තා විය. ඉන් පළමු වැන්න පෙබරවාරි මස 10 වන දින බුත්තලපැලවත්ත සීනි කර්මාන්ත ශාලාව ආසන්න ප්‍රදේශය වාර්තා වු අතර භූවිද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශ දත්ත අනුව එය රික්ටර් මාපක 3.0ක අගයක් වාර්තා විය. දෙවන භූ කම්පනය රික්ටර් මාපක 3.5 ක අගයක් වාර්තා වු අතර පෙබරවාරි 11 වන දින වැල්ලවාය නගර ආසන්නයේ රික්ටර් මාපක 2.3ක් අගයකින් තෙවන භු කම්පනය වාර්තා විය. ඉන් අනතුරුව අවස්ථා කීපයක දී රට තුළ භූචලන සිදුවීම් කිහිපයක් වාර්තා විය. වර්මානයේ දී මියන්මාර්හි ඇති වූ භූකම්පනයත් සමග නැවත ලොව පුරා භූමිකම්පා අවදානම පිළිබදව අවධානය යොමු වී ඇත.
මේ නිසා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල්තුමාගේ උපදෙස් මත මොනරාගල දිස්ත්‍රික්කයේ ජනතාව භූ චලනයක් සිදුවන අවස්ථාවක කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව මහජනතාව දැනුවත් කිරීම හා අත්පත්‍රිකා බෙදැහැරීම වැඩසටහන් මාලාවක් ක්‍රියාත්මක කරන ලදී.
භූමිකම්පා ආපදා පුර්ව අනතුරු ඇඟවීමකින් තොරව සිදු වන බැවින් ජීවිත සහ දේපළ බේරා ගැනීම සදහා සූදානම් වීමට ඇත්තේ ඉතා සීමිත කාල පරාශයකි. ආපදාව කුමක් වුවත් ආපදාවකට පෙර, අතරතුර සහ පසුව කළ යුතු හෝ නොකළ යුතු දෑ පිළිබඳ මනා අවබෝධයක් තිබීම මෙවැනි ආපදාවලින් සිදු විය හැකි හානි අවම කර ගැනීමට මහෝපකාරී වේ.
ක්ෂණිකය ක්‍රියාත්මකවී ජීවිත සුරක්ෂිත කරගැනීම සදහා සෑම නිවසකම සහ කාර්යාලයකම ක්‍රියාකාරී ප්‍රථමාධාර, පැහැදිලිව සලකුණු කළ ඉවත් කිරීමේ සැලසුම් සහ හදිසි ඇමතුම් දුරකථන අංක තිබිය යුතු අතර හදිසි අවස්ථාවක දී කටයුතු කිරීමට මනා දැනුමක් තිබිය යුතු බැවින් එය ඔබගේ දැනුවත් වීම සදහා මේ සමග නැවත පලකර ඇත.
එබැවින් ආපදාවකට පෙර, අතරතුර සහ පසුව කළ යුතු හෝ නොකළ යුතු දෑ ඔබට අවශ්‍ය තොරතුරු ලබාගැනීම සදහා පහත අත්පත්‍රිකා උපකාරීවිය වනු ඇත.
ඊසානදිග මෝසම් සක්‍රීයවීම හේතුවෙන් පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ඇතිවු ගංවතුර, අධික සුළං, අකුණු, පස් කණ්ඩි කඩාවැටීම් සහ ගස් කඩාවැටීම් ආදී ආපදා හේතුවෙන් විපතට පත්වූවන් සෙවීම් මුදවාගැනීම් සහ සහන සැලසීමේ යාන්ත්‍රණය
අම්පාර දිස්ත්‍රික්කය
ඊසාන දිග මෝසම් තත්ත්වය සක්‍රීයවීම හේතුවෙන් නැගෙනහිර පළාතට ඇති වු අධික වර්ෂාව හේතුවෙන් අම්පාර දිස්ත්‍රික්කයේ පහත්බිම් ජලයෙන් යටවිය. එසේම ගංගා පිටාර ගැලීම මෙන්ම ගල්යෙහි ඉවුරු හානියට පත්වීම හේතුවෙන් පහත් බිම් ආශ්‍රිතව ක්ෂණික ගංගවතුර තත්ත්වයක් වාර්තා විය. ඒ අනුව මුතූර් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ජල ප්‍රවහාන පද්ධතිය අවහිරවීම හේතුවෙන් මුතූර් ප්‍රදේශීය ලේකම් කාර්යාලය, පළාත් පාලන ආයතනය යන ආයතන සහ අම්පාර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සම්බන්ධීකරණ ඒකකයේ සම්බන්ධීකරණයෙන් අවහිර වූ ජල ප්‍රවාහන පද්ධතිය නැවත ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු සිදුකෙරිණි.
ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය
මේ දිනවල දිවයිනේ නැගෙනහිර පළාතට ඇදහැළෙන අධික වර්ෂාපතනය හේතුවෙන් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ උප්පවේලි ප්‍රදේශයේ ගසක් කඩා වැටීමෙ හේතුවෙන් එම මාර්ගය ගමනාගමන අඩාලවිය. එබැවින් කඩා වැටුණු ගස ඉවත් කරමින් නැවත මාර්ගය ගමනාගමනය සඳහා විවෘත කිරීමට ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සම්බන්ධීකරණ ඒකකය විසින් කටයුතු කරන ලදී.
නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව වර්ධනය වූ ෆෙන්ගල් (Fenegal) සුලි කුණාටුව හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක 23කට බලපෑම් සිදු වූ අතර පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ඇතිවු ගංවතුර, අධික සුළං, අකුණු, පස් කණ්ඩි කඩාවැටීම් සහ ගස් කඩාවැටීම් ආදී ආපදා තත්ත්වයන් හේතුවෙන් පවුල් 141,151කට අයත් පුද්ගලයින් 475,225ක් පීඩාවට ලක්වී ඇති අතර නිවාස 106 ක් පූර්ණ වශයෙන් හානියට පත් වූ අතර අර්ධවශයෙන් හානියට පත් නිවාස සංඛ්‍යාව 2,516 ක් විය. කුඩා සහ මධ්‍යපරිමාණ ව්‍යාපාරික ස්ථාන 56 ක් හානියට පත් වී ඇත. පැවති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් සුරක්ෂිත මධ්‍යස්ථාන 345 ක් පමණ පවත්වාගනෙ ගිය අතර පවුල් 11,663 කට අයත් පුද්ගලයින් 36,330 සුරක්ෂිත මධ්‍යස්ථාන සඳහා යොමු කිරීමට කටයුතු කරන ලදී. එසේම ඥාති නිවාසවලට යොමු කළ පවුල් සංඛ්‍යාව 28,324 කි. එම සංඛ්‍යාව පුද්ගලයින් වශයෙන් ළකාබලන විට 94,134 ක් වේ.
ඇතිවූ අයහපත් කාලගුණක තත්ත්වය හේතුවෙන් නිර්මාණය විය හැකි අවදානම් තත්ත්වප පිළිබඳව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් දෛනිකව මහජනතාව දැනුවත් කිරීමට කටයුතු කරන ලදී. එසේම කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව, වාරිමාර්ග දෙපාර්තමේන්තුව, ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ඇතුලු තාක්ෂණික ආයතන විසින් මහජනතාව දැනුවත් කිරීම සිදු කරන ලද අතර ආපදා හේතුවෙන් පීඩාවට පත් ජනතාවට සහන සේවා සම්බන්ධීකරණ කිරීම සහ විපතට පත් ජනතාව සෙවීම් සහ මුදවගැනීම් සිදු කිරීම සඳහා අදාල පාර්ශවකාර ආයතන සම්බන්ධීකරණය කිරීමට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කටයුතු කරන ලදී.
2004 වර්ෂයේ සුනාමි ව්‍යසනයෙන් අප රටේ 35,000 කට අධික පිරිසක් මිය ගිය අතර පුද්ගලයින් 5,000 කට වැඩි පිරිසක් අතුරුදහන් වුණ අතර දේපළ, පරිසරය, යටිතල පහසුකම් විනාශ ගණනය කිරීමේ දී රුපියල් බිලියන ගණනකි. එසේම සුනාමි ව්‍යසනයට ගොදුරු වූ ජනතාවට සිදු වූ සමාජීය බලපෑම ගණන කළ නොහැක. එබැවින් රජය නැවත මෙවැනි විපතකට පත් නොවීමට අවශ්‍ය ප්‍රතිපත්තිමය තීරණ අනුව ආපදා කළමනාකරණ යාන්ත්‍රණයක් රට තුළ ස්ථාපිත කරමින් මහජනතාවට මුහුණ පෑමට සිදු වී ඇති ආපදා අවදානම කළමනාකරණය කිරීම සඳහා කටයුතු කර තිබේ.
එසේම 2005 අංක 15/1975/715/001-1 දරණ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව මගින් 2005 වර්ෂයේ සිට සෑම වර්ෂයකම දෙසැම්බර් මස 26 වන දින “ජාතික සුරක්ෂිත දිනය” වශයෙන් නම්කර තිබෙන අතර 2005 වසරේ මේ දක්වා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් “ජාතික සුරක්ෂිත දින” සුනාමි ව්‍යසනයෙන් හා විවිධ ආපදාවලින් මියගිය ශ්‍රී ලාංකිකයින් සිහිපත් කරමින් සර්ව ආගමික වැඩසටහන් සංවිධානය කරනු ලැබේ.ඒ අනුව “ජාතික සුරක්ෂිත දිනය” ප්‍රධාන සැමරුම් උත්සවය ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරාල් අනුර ජයසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් සහ ආරක්ෂක ලේකම් ආරක්‍ෂක ලේකම් විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා යන මහතාගේ සහභාගීත්වයෙන් අද (12/26) දින පෙ.ව. 9.00 සිට පෙ.ව. 11.30 දක්වා කොළඹ 07 විද්‍යා මාවතේ පිහිටි ආරක්ෂක අමාත්‍යාංශ ආපදා කළමනාකරණ අංශ පරිශ්‍රයේ දී අද දින පැවැත්වුණා.
මෙවර උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ඇතිවිය හැකි අනපේක්ෂිත කාලගුණික තත්ත්වයන් නොසලකා හැරිය නොහැකි අතර කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් මේවනවිටත් ඉදිරි සතිය තුළ බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතඅඩුපීඩන තත්තවයක් වර්ධනවිය හැකි බව පුරෝකථනය කර ඇත. එබැවින් ඇතිවිය හැකි ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින් මෙවර උසස් පෙළ විභාගය පවත්වා ගෙනයාම සදහා අවධානය යොමුකරමින් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සහ විභාග දෙපාර්තමේන්තුව එක්ව විශේෂ ඒකාබද්ධ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත. මේ පිළිබඳව ජාතික මට්ටමේ සිට දිස්ත්‍රික් මට්ටම දක්වා අදාල සියලු අංශ දැනුවත් කිරීම ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනෙරාල් විශ්‍රාමික මේජර් ජනෙරාල් උදය හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් විභාග දෙපාර්තමේන්තුව ඇතුලු පාර්ශව ආයතන නිළධාරීන්ගේ ප්‍රධානත්වයෙන් ඊයේ දින (11/20) ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ දී සිදු කරන ලදී.
මෙම සැළසුම ක්‍රියාත්මක කිරීම තුළින් මෙවර උසස් පෙළ විභාග කාල සීමාව තුළ දී ආපදා හේතුවෙන් සිසුන්ට මුහුණදීමට සිදුවිය හැකි බාධා මග හැරගනිමින් සාර්ථකව විභාගයට මුහුණදීමට අවශ්‍ය යහපත් පරිසරයක් නිර්මාණය කිරීම අපේක්ෂා කරන ලදී. ඒ අනුව මෙවර උසස් පෙළ විභාගය කාලසීමාව තුළ විභාගයට පෙනී සිටින දූදරුවන්ට මෙන්ම විභාග රාජකාරි සඳහා සම්බන්ධ වන නිලධාරීන් හට ආපදා හේතුවෙන් මුහුණුදීමට සිදුවිය හැකි බාධා මග හැරගැනීම සදහා හදිසි ප්‍රතිචාර දැක්වීමේ සම්බන්ධීකරණ යාන්ත්‍රණය ශක්තිමත් කිරීමටත් සියලු පාර්ශ්වකාර ආයතන විසින් ඉටු කළ යුතු වගකීම් මෙම ඒකාබද්ධ සැලැස්ම තුළින් පෙන්වා දී ඇත.
உட்பிரிவுகள்
News & Events
- මියන්මාරයේ ඇති වූ භූමිකම්පාවෙන් පීඩාවට පත් ජනතාවට මානුෂීය ආධාර
- ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදා සහන කණ්ඩායම මියන්මාරයේ මානුෂීය කටයුතු අඛණ්ඩව ඉදිරියට
- කඩිනමින් හදිසි ප්‍රතිචාර සේවා සඳහා ත්‍රිවිධ හමුදා විශේෂ කණ්ඩායමක් මියන්මාරය බලා පිටත් වේ.
- කඩිනමින්හදිසි ප්‍රතිචාර සේවා සඳහා ත්‍රිවිධ හමුදා විශේෂ කණ්ඩායමක් මියන්මාරය බලා පිටත් වේ.
- අකුණු අනතුරු වලින් ආරක්ෂා වෙමු.
அவசர தொடர்புகள்
117+94 112 670 002