ඊසානදිග මෝසම් සක්‍රීයවීම හේතුවෙන් පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ඇතිවු ගංවතුර, අධික සුළං, අකුණු, පස් කණ්ඩි කඩාවැටීම් සහ ගස් කඩාවැටීම් ආදී ආපදා හේතුවෙන් විපතට පත්වූවන් සෙවීම් මුදවාගැනීම් සහ සහන සැලසීමේ යාන්ත්‍රණය
අම්පාර දිස්ත්‍රික්කය
ඊසාන දිග මෝසම් තත්ත්වය සක්‍රීයවීම හේතුවෙන් නැගෙනහිර පළාතට ඇති වු අධික වර්ෂාව හේතුවෙන් අම්පාර දිස්ත්‍රික්කයේ පහත්බිම් ජලයෙන් යටවිය. එසේම ගංගා පිටාර ගැලීම මෙන්ම ගල්යෙහි ඉවුරු හානියට පත්වීම හේතුවෙන් පහත් බිම් ආශ්‍රිතව ක්ෂණික ගංගවතුර තත්ත්වයක් වාර්තා විය. ඒ අනුව මුතූර් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ජල ප්‍රවහාන පද්ධතිය අවහිරවීම හේතුවෙන් මුතූර් ප්‍රදේශීය ලේකම් කාර්යාලය, පළාත් පාලන ආයතනය යන ආයතන සහ අම්පාර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සම්බන්ධීකරණ ඒකකයේ සම්බන්ධීකරණයෙන් අවහිර වූ ජල ප්‍රවාහන පද්ධතිය නැවත ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු සිදුකෙරිණි.
ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය
මේ දිනවල දිවයිනේ නැගෙනහිර පළාතට ඇදහැළෙන අධික වර්ෂාපතනය හේතුවෙන් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ උප්පවේලි ප්‍රදේශයේ ගසක් කඩා වැටීමෙ හේතුවෙන් එම මාර්ගය ගමනාගමන අඩාලවිය. එබැවින් කඩා වැටුණු ගස ඉවත් කරමින් නැවත මාර්ගය ගමනාගමනය සඳහා විවෘත කිරීමට ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සම්බන්ධීකරණ ඒකකය විසින් කටයුතු කරන ලදී.
2004 වර්ෂයේ සුනාමි ව්‍යසනයෙන් අප රටේ 35,000 කට අධික පිරිසක් මිය ගිය අතර පුද්ගලයින් 5,000 කට වැඩි පිරිසක් අතුරුදහන් වුණ අතර දේපළ, පරිසරය, යටිතල පහසුකම් විනාශ ගණනය කිරීමේ දී රුපියල් බිලියන ගණනකි. එසේම සුනාමි ව්‍යසනයට ගොදුරු වූ ජනතාවට සිදු වූ සමාජීය බලපෑම ගණන කළ නොහැක. එබැවින් රජය නැවත මෙවැනි විපතකට පත් නොවීමට අවශ්‍ය ප්‍රතිපත්තිමය තීරණ අනුව ආපදා කළමනාකරණ යාන්ත්‍රණයක් රට තුළ ස්ථාපිත කරමින් මහජනතාවට මුහුණ පෑමට සිදු වී ඇති ආපදා අවදානම කළමනාකරණය කිරීම සඳහා කටයුතු කර තිබේ.
එසේම 2005 අංක 15/1975/715/001-1 දරණ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව මගින් 2005 වර්ෂයේ සිට සෑම වර්ෂයකම දෙසැම්බර් මස 26 වන දින “ජාතික සුරක්ෂිත දිනය” වශයෙන් නම්කර තිබෙන අතර 2005 වසරේ මේ දක්වා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් “ජාතික සුරක්ෂිත දින” සුනාමි ව්‍යසනයෙන් හා විවිධ ආපදාවලින් මියගිය ශ්‍රී ලාංකිකයින් සිහිපත් කරමින් සර්ව ආගමික වැඩසටහන් සංවිධානය කරනු ලැබේ.ඒ අනුව “ජාතික සුරක්ෂිත දිනය” ප්‍රධාන සැමරුම් උත්සවය ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරාල් අනුර ජයසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් සහ ආරක්ෂක ලේකම් ආරක්‍ෂක ලේකම් විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා යන මහතාගේ සහභාගීත්වයෙන් අද (12/26) දින පෙ.ව. 9.00 සිට පෙ.ව. 11.30 දක්වා කොළඹ 07 විද්‍යා මාවතේ පිහිටි ආරක්ෂක අමාත්‍යාංශ ආපදා කළමනාකරණ අංශ පරිශ්‍රයේ දී අද දින පැවැත්වුණා.
මෙවර උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ඇතිවිය හැකි අනපේක්ෂිත කාලගුණික තත්ත්වයන් නොසලකා හැරිය නොහැකි අතර කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් මේවනවිටත් ඉදිරි සතිය තුළ බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතඅඩුපීඩන තත්තවයක් වර්ධනවිය හැකි බව පුරෝකථනය කර ඇත. එබැවින් ඇතිවිය හැකි ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින් මෙවර උසස් පෙළ විභාගය පවත්වා ගෙනයාම සදහා අවධානය යොමුකරමින් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සහ විභාග දෙපාර්තමේන්තුව එක්ව විශේෂ ඒකාබද්ධ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත. මේ පිළිබඳව ජාතික මට්ටමේ සිට දිස්ත්‍රික් මට්ටම දක්වා අදාල සියලු අංශ දැනුවත් කිරීම ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනෙරාල් විශ්‍රාමික මේජර් ජනෙරාල් උදය හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් විභාග දෙපාර්තමේන්තුව ඇතුලු පාර්ශව ආයතන නිළධාරීන්ගේ ප්‍රධානත්වයෙන් ඊයේ දින (11/20) ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ දී සිදු කරන ලදී.
මෙම සැළසුම ක්‍රියාත්මක කිරීම තුළින් මෙවර උසස් පෙළ විභාග කාල සීමාව තුළ දී ආපදා හේතුවෙන් සිසුන්ට මුහුණදීමට සිදුවිය හැකි බාධා මග හැරගනිමින් සාර්ථකව විභාගයට මුහුණදීමට අවශ්‍ය යහපත් පරිසරයක් නිර්මාණය කිරීම අපේක්ෂා කරන ලදී. ඒ අනුව මෙවර උසස් පෙළ විභාගය කාලසීමාව තුළ විභාගයට පෙනී සිටින දූදරුවන්ට මෙන්ම විභාග රාජකාරි සඳහා සම්බන්ධ වන නිලධාරීන් හට ආපදා හේතුවෙන් මුහුණුදීමට සිදුවිය හැකි බාධා මග හැරගැනීම සදහා හදිසි ප්‍රතිචාර දැක්වීමේ සම්බන්ධීකරණ යාන්ත්‍රණය ශක්තිමත් කිරීමටත් සියලු පාර්ශ්වකාර ආයතන විසින් ඉටු කළ යුතු වගකීම් මෙම ඒකාබද්ධ සැලැස්ම තුළින් පෙන්වා දී ඇත.
නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව වර්ධනය වූ ෆෙන්ගල් (Fenegal) සුලි කුණාටුව හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක 23කට බලපෑම් සිදු වූ අතර පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ඇතිවු ගංවතුර, අධික සුළං, අකුණු, පස් කණ්ඩි කඩාවැටීම් සහ ගස් කඩාවැටීම් ආදී ආපදා තත්ත්වයන් හේතුවෙන් පවුල් 141,151කට අයත් පුද්ගලයින් 475,225ක් පීඩාවට ලක්වී ඇති අතර නිවාස 106 ක් පූර්ණ වශයෙන් හානියට පත් වූ අතර අර්ධවශයෙන් හානියට පත් නිවාස සංඛ්‍යාව 2,516 ක් විය. කුඩා සහ මධ්‍යපරිමාණ ව්‍යාපාරික ස්ථාන 56 ක් හානියට පත් වී ඇත. පැවති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් සුරක්ෂිත මධ්‍යස්ථාන 345 ක් පමණ පවත්වාගනෙ ගිය අතර පවුල් 11,663 කට අයත් පුද්ගලයින් 36,330 සුරක්ෂිත මධ්‍යස්ථාන සඳහා යොමු කිරීමට කටයුතු කරන ලදී. එසේම ඥාති නිවාසවලට යොමු කළ පවුල් සංඛ්‍යාව 28,324 කි. එම සංඛ්‍යාව පුද්ගලයින් වශයෙන් ළකාබලන විට 94,134 ක් වේ.
ඇතිවූ අයහපත් කාලගුණක තත්ත්වය හේතුවෙන් නිර්මාණය විය හැකි අවදානම් තත්ත්වප පිළිබඳව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් දෛනිකව මහජනතාව දැනුවත් කිරීමට කටයුතු කරන ලදී. එසේම කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව, වාරිමාර්ග දෙපාර්තමේන්තුව, ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ඇතුලු තාක්ෂණික ආයතන විසින් මහජනතාව දැනුවත් කිරීම සිදු කරන ලද අතර ආපදා හේතුවෙන් පීඩාවට පත් ජනතාවට සහන සේවා සම්බන්ධීකරණ කිරීම සහ විපතට පත් ජනතාව සෙවීම් සහ මුදවගැනීම් සිදු කිරීම සඳහා අදාල පාර්ශවකාර ආයතන සම්බන්ධීකරණය කිරීමට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කටයුතු කරන ලදී.
ඔත්තෝබර් මාසය තුළ දිවයිනේ විවිධ ප්‍රදේශවල වාර්තා වු ආපදා තත්ත්වය කළමනාකරණය කරගැනීම සඳහා කටයුතු කිරීම
පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ඇතිවු ගංවතුර, අධික සුළං, අකුණු, පස් කණ්ඩි කඩාවැටීම් සහ ගස් කඩාවැටීම් හේතුවෙන් 14 වන දින 06.00 පැයට තත්ත්ව වාර්තාව අනුව මේ වන විට දිස්ත්‍රික්ක 12 ක පවුල් 34,492කට අයත් පුද්ගලයින් 134,484 ක් පීඩාවට ලක්වී ඇති අතර සුරක්ෂිත මධ්‍යස්ථාන 81 ක පවුල් 1,753 කට අයති පුද්ගලියින් 6,963 රඳවා ඇත. එසේම මෙම ආපදා තත්ත්වයන් නිසා නිවාසයක් පුර්ණ වශයෙන් හානී වී ඇති අතර නිවාස 240 කට අර්ධ හානි සිදු වී ඇති බව වාර්තා වී ඇත.
පවතින ආපදා තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් ජනතාවට සහන සේවා සම්බන්ධීකරණ කිරීම සහ විපතට පත් ජනතාව සෙවීම් සහ මුදවගැනීම් සිදු කිරීම සහා අපාදා අවදානම් අවම කිරීම සදහා ක්ෂණික ප්‍රතිචාර දැක්වීම් සඳහා අදාල පාර්ශව කාර ආයතන සම්බන්ධීකරණය කිරීමට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කටයුතු කරන ලදී.
කොළඹ දිස්ත්‍රික්කය
විපතට පත්වූවන් සෙවීම් සහ මුදවාගැනීම්, සහන සේවා ලබාදීම සිදු කරනු ලබන අතර දිස්ත්‍රික් මට්ටමින් රාජ්‍ය නිළධාරීන් ත්‍රිවිධ හමුදාව සහ පොලීසිය, විවිධ රාජ්‍ය නොවන සංවිධාන ඇතුලු පාර්ශවකාර ආයතන විසින් සිදු කරමින් පවතී. ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ ජලගැලීම් හේතුතුවෙන් පීඩාවට පත් ජනතාව සෙවීම් සහ මුදවාගැනීම් ඊයේ දිනයේ ද (13) සිදු කිරීමට කටයුතු කරන ලදී. ඒ අනුව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සම්බන්ධීකරණයෙන් යුතුව කොළඹබ දිස්ත්‍රික්කයේ කඩුවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයයේ ජල ගැනීම් නිසා බලපෑමට පත් ජනතාව සුරක්ෂිත මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට සහ ආපදා සහන සේවා ලබාදීමට ශ්‍රී ලංකා නාවික හමුදාව කටයුතු කරන ලදී.
කඩුවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසශයෙහි ආපදා අවදානම් තත්ත්වය සම්බන්ධීකරණ කිරීම සම්බන්ධයෙන් අද (13) දින පැවති රැස්වීමේ දී අවධානය යොමු කළ කරුනු අතර අඹතලේ ජලපොම්පාගාරය ආශ්‍රිත ජලාශයේ බැම්මෙහි ජල කාන්දුවක් පවතින බවත් එබැවින් ජලාශයේ බැම්ම අස්ථාවර වුවහොත් ජලාශයේ පහල නිම්නයේ ජනතාව දැඩි අවදානමකට ලක්විය හැකි බවත් හදුනා ගන්නා ලදී.
ඒ අනුව වැලිවිට ග්‍රාම නිලධාරී වසමේ අඹතලේ ජල පොම්පාගාරයේ ආශ්‍රිත ජලාශයේ බැම්මෙහි ඇති වී ඇති ජල කාන්දුව හේතුවෙන් වැව් බැම්ම අස්ථාවර වීමට ඉඩ ඇති බැවින් හදිසි අවස්ථාවකදී ප්‍රජාව වෙත අනතුරු ඇඟවීම් නිකුත් කිරීම සඳහා අවශ්‍ය සයිරන් එකක් ලබා දී එය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පුහුණුව හා උපදෙස් ලබාදීමට කොළඹ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සම්බන්ධීකරණ ඒකකය විසින් අද දින (13) කටයුතු කරන ලදී.
මේ අවස්ථාවට වැලිවිට ග්‍රාම නිලධාරී මහතා සහයෝගය ලබාදුන් ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධන කිරීමේ සංස්ථාව මඟින් ජලාශ බැම්ම ස්ථාවර කිරීම සඳහා වැලි කොට්ට බැම්මක් යෙදීමට කටයුතු කර ඇත.
පවතින වැසි සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් ඇති විය හැකි ආපදා නිසා පීඩාවට පත් ජනතාවට අවශ්‍ය සේවාවන් ඉතා කඩිනමින් සම්බන්ධීකරණය කර දීමට කටයුතු කිරීම පිළිබඳව සියලු දිස්ත්‍රික් ඒකක වෙත උපදෙස් ලබා දෙන අතර තුර කොළඹ දිස්ත්‍රික්කයේ කඩුවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයට අයත් පහළ බෝමිරිය ප්‍රදේශයේ ගංවතර හේතුවෙන් විපතට පත් ජනතාව වෙත ගොස් අදාල සම්බන්ධීකරණ ක්‍රියාවලිය තවදුරටක් කාරයක්ෂමව පවත්වාගෙන යාම සම්බන්ධව නිළධාරීන්ට අවශ්‍ය උපදෙස් ලබා දීමටත් ජනතාවගේ අවශ්‍යතා සොයා බැලීමටත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් විශ්‍රාමික මේජර් ජෙනරාල් උදය හේරත් මහතා අද දින (12) කටයුතු කරන ලදී.
අද දින (12) කොලොන්නාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කැලණිමුල්ල ග්‍රාම නිලධාරී වසමේ මෙගොඩ කැලණිය මාර්ගයේ රා කඩේ හංදිය අසල කැලණි ගඟේ ජලය පිටාර දැමීම වැළැක්වීම සඳහා යුධ හමුදාවේ සහය ලබාගෙන වැලි කොට්ට ගැසීමේ කටයුතු දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකයේ පූර්ණ සම්බන්ධීකරණයෙන් සිදු කරන ලදී.
පවතින වර්ෂාපතනය හේතුවෙන් දියවන්නා ඔයෙහි ජල මටිටිම ඉහළ යාම හේතුවෙන් ශ්‍රී ලංකා පාර්ලිමේන්තු සංකීරණයට ගංවතුර තත්වයක් ඇතිවීමේ අවදානම්ක් පැවති බැවින් කොළඹ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සම්බන්ධීකරන ඒකකය විසින් එම තත්ත්වය නිරීක්ෂණය කිරීමට අද (12) දින කටයුතු කරන ලදී.
කොළඹ දිස්ත්‍රික්කයේ කඩුවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයට අයත් පහළ බෝමිරිය ප්‍රදේශයේ ගංවතර හේතුවෙන් විපතට පත් ජනතාව වෙත අවශ්‍ය සහන කටයුතු සම්බන්ධීකරණ කිරීමට මෙන්ම ගංවතුර තර්ජණයට ලක්වී ඇති නිවාස වල ජීවත් වන පිරිස් මුදවාගෙන ආරක්ෂිතව සුරක්ෂිත මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට අද (12) දින කොළඹ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සම්බන්ධීකරණ ඒකකය කටයුතු කරන ලදී.
කළුතර දිස්ත්‍රික්කය
දිවයිනට බලපා ඇති වර්ෂා සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් දිස්ත්‍රික්කයක් වන කළුතර දිස්ත්‍රික්කයේ මිල්ලනිය ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ පීඩාවට පත් ජනතාව සෙවීම් සහ මුදවාගැනීම් සම්බන්ධීකරණය කලුතර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සම්බන්ධීකරණ ඒකක විසින් සිදු කරන ලදී. ඒ අනුව ජලගැලීම් හේතුවෙන් බලපෑමට ලක් වු පවුල් මුදවාගැනීම සඳහා කළුතර නාවික හමුදාවේ විශේෂ යාත්‍රා බල ඝණය විසින් සිදු කරන ලදී.
අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් මාර්ග අවහිර කරමින් ඇද වැටී තිබූ ගස් ඉවත් කර ගමනා ගමනය යතා තත්වයට පත්කිරීමට කටයුතු කිරීම
කළුතර දිස්ත්‍රික්කය තුලට ඇද හැළෙන දැඩි වර්ෂාපතනය සහ පවතින අයහපත් කාලගුණික තත්වයන් හේතුවෙන් කළුතර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් කළුතර දකුණ ග්‍රාම නිලධාරි කොට්ටාශයෙහි ටවුන් ක්ලබ් මාර්ගයට අද දින (11) දින ගසක් ඇද වැටීමෙන් එම මාර්ගයෙහි ගමනාගමනයට බාධා ඇතිවූ අතර, මෙම ඒකකයෙහි නියෝජිතයින් සහ කළුතර නාවික හමුදා කඳවුරෙහි භටපිරිස් අදාල ගස කපා ඉවත්කර එම මාර්ගයේ ගමනා ගමනය යථා තත්ත්වයට පත්කිරීමට කළුතර ආපදා කළමනාරකණ සම්බන්ධීකරණ ඒකකය විසින් කටයුතු කරන ලදී.
පොළොන්නරුව දිස්ත්‍රික්කය
පොළොන්නරුව දිස්ත්‍රික්කයේ 07 දින සිදු වූ තද සුළං තත්වය හේතුවෙන් අරණගංවිල බටහිර ප්‍රදේශයේ නිවාස 08 කට පමණ හානි සිදු වී තිබූ බැවින් එම නිවාස පරීක්ෂාකර බලා අදාල ආයතන සම්බන්ධීකරණය කිරීමට සහ ගස් වැටීම හේතුවෙන් ගමනාගමනයට සිදු වූ බාධා ඉවත් කිරීමට පොළොන්නරුව ආපදා කළමනාකරණ සම්බන්ධීකරණ ඒකකය කටයුතු කරන ලදී.
කුරුණෑගල දිස්ත්‍රික්කය
කුරුණෑගල දිස්ත්‍රිික්කයේ පන්නල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ කඩවර ජයවර්ධන වැවෙහි වැව් බැම්ම කැඩී යාමේ අවදානමකට ලක්ව තිබූ අතර අවදානම් තත්ත්වය අවම කිරීම සඳහා 9 වන ශ්‍රීලංකා ජාතික ආරක්ෂක බලකායේ සහභාගීත්වයෙන් වැලි කොට්ට අතුරා වැව් බැම්ම කැඩීයාම වළක්වාලීම සදහා කටයුතු කිරීමට කුරුණෑගල ආපදා කළමනාකරණ සම්බන්ධීකරණ ඒකකය විසින් කටයුතු කරන ලදී.
Subcategories
News & Events
- දිවයිනට බලපා ඇති අධික වර්ෂාව හේතුවෙන් ඇති වී තිබෙන ආපදා තත්ත්වය පිළිබඳ දැනුවත් කිරීම
- 2025 වර්ෂයේ වැඩ ආරම්භය
- සුනාමි ව්‍යසනයට විසි වසරක්, ජාතික සුරක්ෂිත දින සැමරුම දෙසැම්බර් 26
- ඊසාන දිග මෝසම් පුර්ව සුදානම වෙනුවෙන් පාර්ශවකාර ආයතන දැනුවත් කිරීම
- සෙන්දායි රාමුගත සම්මුතියේ ඉලක්ක සපුරාගැනීම පිළිබද ප්‍රගති සමාලෝචන වැඩසටහන-
Call Center
117+94 112 670 002