අම්පාර දිස්ත්‍රික්කයේ, උහන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ, කුමාරිගම ග්‍රාම නිලධාරී වසමට අයත් ආන්දල් ඔයෙහි කෘෂිකාර්මික අමුණ කැඩී ජලය කාන්දු වන මට්ටමට පත්ව ඇති අතර මෙය තවදුරටත් පැවතියහොත් ගංගා නිමිනයේ පහළ ප්‍රදේශ වල ජීවත්වන ජන ජීවිත වලට සහ දේපළ වලට හානි සිදු විය හැකි බැවින් එම තත්ත්වය පාලනය කිරීමට අවශ්‍යය කටයුතු සොයා බැලීම සදහා වාරිමාර්ග සහ ජල සම්පත් කළමනාකරණ සහ ආපදා කළමනාකරණ අමාත්‍ය දුමින්ද දිසානායක, ගරු කෘෂිකර්ම අමාත්‍යය මහින්ද අමරවීර සහ ගරු පළාත් පාලන සහ ක්‍රීඩා රාජ්‍යය ඇමතිනී ශ්‍රියානි විජේවික්‍රම යන අමාත්‍යතුමන්ලා විශේෂ නිරීක්ෂණ චාරිකාවක් යෙදිණි.
මෙහිදී වාරිමාර්ග සහ ජල සම්පත් කළමනාකරණ සහ ආපදා කළමනාකරණ අමාත්‍යතුමා ගේ උපදෙස් මත යුධ, නාවික හමුදා භට පිරිස් සම්බන්ධ කර ගනිමින් අදාල අමුණ ප්‍රතිසංස්කරණය කිරීමට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කටයුතු කරන ලදී. ජනතාවගේ හා දේපල වල ආරක්ෂාව තහවුරු කිරීමටත් කෘෂිකාර්මික කටයුතු සදහා ජලය සංරක්ෂණය කිරීමටත් මෙ මගින් හැකි විය.
24 වන බල සේනාංකාධිපති, නැගෙනහිර නාවික අඥාපති සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව සහ යුධ හමුදා හා නාවික හමුදා නියෝජනය කරමින් නිලධාරීන් මෙම අවස්ථාවට සහභාගී වූ අතර අම්පාර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය මෙහි සියලු සම්බන්ධීකරණ කටයුතු සිදු කරනු ලැබීය.
ආන්දල් ඔය කෘෂිකාර්මික අමුණේ ජලය කාන්දුට පිළියම්
News & Events
- උසස් පෙළ විභාගයට ආපදා හේතුවෙන් ඇතිවිය හැකි බාධා වළක්වා ගැනීම
- ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වෙත ජීවිතාරක්ෂක බෝට්ටු නිල වශයෙන් භාරදීම
- ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වෙත මානුෂීය සහ සෙවීම් හා ගලවා ගැනීමේ උපකරණ නිල වශයෙන් භාරදෙයි
- ‘සුපිළිපන් සංස්කෘතියක් - ක්ලීන් ශ්‍රී ලංකාවක්’ ජාතික මෙහෙයුම් වැඩසටහන ආරම්භ කරමින් සුපිළිපන් ප්‍රතිඥාව ලබාදීම.
- ආයතනික ආපදා කළමනාකරණ සැලසුම් (IDMPs) සකස් කිරීම පිළිබඳ රැස්වීම
Call Center
117General: +94 112 136 136
Emergency Operation Center:+94 112 136 222 /
+94 112 670 002
+94 112 670 002
Fax: +94 11 2670079




