රත්තපුර දිස්ත්‍රික්කයේ ගංවතුර ආපදා නිසා පීඩාවට පත්වන ජනතාව දැනුවත් කිරීම අද දින සිදු කරන ලදී.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ මහතාගේ උපදෙස් පරිදි කොවිඩ් 19 ව්‍යසන තත්වය හමුවේඉදිරියේ මෝසම් වර්ෂාව සමග ඇති විය හැකි ආපදාවලින් ආරක්ෂාවීම සදහා ජනතාව කටයුතු කළ යුතු ආකාරය පිළිබදව මහජනතාව දැනුවත් කිරීමසහ ගංවතුර අවදානම් නිවාස හදුනා ගැනීමට කටයුතු කිරීමට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සැළසුම් කරන ලදී. ඒ සදහා අවශ්‍ය දැනුවත් කිරීමේ ස්ටිකර් හා අත්පත්‍රිකා මුද්‍රණය කර නිරිත දිග මෝසම් වර්ෂාව නිසා ආපදා ඇති විය හැති දිස්ත්‍රික්ක වෙත බෙදා දීමට කටයුතු කරන ලදී.
මෙම වැඩ සටහන යටතේ රත්තපුර දිස්ත්‍රික්කයේ ගංවතුර ආපදා නිසා පීඩාවට පත්වන ජනතාව දැනුවත් කිරීම සහ අධි අවදානම් නිවාස සළකුණු කිරීම සබරගමුව පළාත් ගරු ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මැතිතුමාගේ හා රත්නපුර දිස්ත්‍රික් ලේකම්/දිසාපති මාලනී ලොකුපෝතාගම මහත්මිය ගේ ප්‍රධානත්වයෙන් රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය හා රත්නපුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සංවිධානත්වයෙන් අද දින (28)සිදු කරන ලදී.
එමෙන්ම ගංවතුර ආපදා නිසා පීඩාවට පත්වන රත්නපුර දිස්ත්‍රික්කයේ ඇහැලියගොඩ, කුරුවිට, කලවාන, අයගම, කිරිඇල්ල, ඇලපාත, පැල්මඩුල්ල, නිවිතිගල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාවල ද මෙම වැඩසටහන අද දින මෙයට සමගාමීව ක්‍රියාත්මක කරන ලදී.
රත්නපුර අතිරේක දිස්ත්‍රික් ලේකම් ජී.ඩී.එල්. උදයකුමාරි, රත්නපුර ප්‍රාදේශීය ලේකම් ප්‍රදීපිකා ඉළුක්කුඹුර,රත්නපුර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධස්ථානයේ සහකාර අධ්‍යක්ෂ මුදිත මංජුල, රත්නපුර දිස්ත්‍රික් වාරිමාර්ග ඉංජිනේරු අරුණ සමරතුංග, රත්නපුර මූලස්ථාන පොලිස් පරීක්ෂක රොහාන් ඕලුගල යන මහත්ම මහත්මීන් ඇතුලු රත්නපුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සහ රත්නපුර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධස්ථානයේ නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට සහභාගී විය.