அவசர எச்சரிக்கைகள்

rss

Sea Surgeඅප්‍රේල් මස 25 වන දින වන විට සමකය ආසන්නයේ නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ශ්‍රී ලංකාවට ගිනිකොණ දෙසින් අඩු පීඩන කලාපයක් වර්ධනය වීමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිවේදනය කර ඇත.
අද දින (26) බේරුවල සිට ගාල්ල මාතර දක්වා වන මුහුදු ප්‍රදේශවල මුහුදු රළ මීටර් 2.5 ත් 3.00 ක් පමණ ඉහළ යාමට හැකියාවක් පවතින බවත් මේ නිසා මුහුදු රළ ගොඩබිමට පැමිණිමට හැකියාවක් ඇති බවත් කාලගුණ විද්‍ය දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.


ඇතිවිය හැකි ව්‍යයසන තත්වයන් පිළිබදව ජනතාව සැළකිලිමත් වන ලෙසත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන කාලගුණ නිවේදන පිළිබදව අවධානය යොමුකරන ලෙසත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවගෙන් සහ ධීවර සහ නාවික ප්‍රජාවගෙන් ඉල්ලා සිටී.
ගිණිකොණ දිග මුහුදු ප්‍රදේශයේ තද වැසි ඇතිවිය හැකි අතර සුළං වේගය ක්ෂණිකව ඉහළ යා හැක. එසේම එම මුහුදු ප්‍රදේශ ක්ෂණිකව රළුවිය හැකි බවත් ධීවර සහ නාවික ප්‍රජාව අවධානයෙන් සිටිය යුතු බවත් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව දන්වා ඇත.

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇති කාලගුණ නිවේදනය

News & Events

அவசர தொடர்புகள்

117
பொது.: +94 112 136 136
அவசர நடவடிக்கை நிலையம்:+94 112 136 222 /
+94 112 670 002
தொலைநகல்: +94 112 878 052