அவசர எச்சரிக்கைகள்

rss

 

Flood Drill Kaluthara  8මෝසම් පෙරසූදානම් වැඩසටහන යටතේ ඇතිවිය හැකි ආපදා අවස්ථාවකදි කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව මහජනතාව දැනුවත් කිරීම අරමුණු කරගනිමින් මතුගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ වැලිපැන්න බටහිර ග්‍රාම නිලධාරි වසම තුළ ගංවතුර අවදානම් ප්‍රදේශවල ජීවත්වන ප්‍රජාවගේ සහභාගීත්වයෙන් ප්‍රායෝගික පුහුණු වැඩසටහනක් කලුතර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සම්බන්ධීකරණ ඒකකය විසින් සංවිධානය කරන ලදී.

ගංවතුර අවදානම් ලක්ෂණ හදුනාගන්නා ආකාරය, ගංවතුරු අවධානම් නිවේදන නිකුත් කළ අවස්ථාවකදි කටයුතු කළ යුතු ආකාරය, ආරක්ෂිත මාර්ග ඔස්සේ හදුනාගත් සුරක්ෂිත මාර්ග ඔස්සේ ඉවත්ව යාමේ ක්‍රියාවලිය පිලිබඳව අවබෝධයක් ලබාදීම, ගංවතුර ආපදා පෙර අනතුරු ඇගවීමේ යාන්ත්‍රණය හදුන්වාදිම සහ ආපදා තත්ත්වයකදී ජනතාව විසින් ගත යුතු නිවැරදි ක්‍රියාමාර්ග පිළිබඳ අවබෝධය ලබාදීම. ගංවතුර ආපදා අවස්ථාවකදී ආරක්ෂාවට ගත හැකි පියවර පිළිබඳ දැනුම වැඩිදියුණු කිරීම සහ ප්‍රජාව තුළ ආපදා සූදානම සහ ප්‍රතිචාර දැක්වීමේ හැකියාව වර්ධනය කිරීම මෙම පෙරහුරු අභ්‍යාසය සිදු කිරීමේ අරමුණ විය.

ගංවතුරු අවදානම් නිවේදන නිකුත් කළ අවස්ථාවකදී කටයුතු කළ යුතු ආකාරය, ආරක්ෂිත මාර්ග ඔස්සේ හදුනාගත් සුරක්ෂිත මාර්ග ඔස්සේ ඉවත්ව යාමේ තොරතුරු හුවමාරු කර ගැනීම, වාර්තා සකස් කිරීම, ප්‍රතිචාර දැක්වීමේ හා සහන සේවා කටයුතු දියත් කිරීම හා ක්ෂණික අවශ්‍යතා තක්සේරුව සිදුකර වාර්තා කිරීම මෙම පුහුණු වැඩසටහන තුළින් පරීක්ෂා කරන ලදී.

මතුගම සහකාර ප්‍රාදේශීය ලේකම්, ග්‍රාම නිලධාරි, සංවර්ධන නිලධාරි, සමෘද්ධි නිලධාරි, ආපදා සහන සේවා නිලධාරි, වැලිපැන්න විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරින් ඇතුලු රාජ්‍ය නිලධාරීන්, ග්‍රාමීය ආපදා කමිටු සභාපති සහ ගංවතුර අවදානම් පහත්බිම් ප්‍රදේශවල ජීවත් වන 60 පමණ ග්‍රාමීය ප්‍රජාවක් මෙම ප්‍රායෝගික පුහුණු වැඩසටහන සඳහා සහභාගී විය.

Flood Drill Kaluthara  2Flood Drill Kaluthara  6Flood Drill Kaluthara  7

Flood Drill Kaluthara  5Flood Drill Kaluthara  4Flood Drill Kaluthara  3

 

அவசர தொடர்புகள்

117
பொது.: +94 112 136 136
அவசர நடவடிக்கை நிலையம்:+94 112 136 222 /
+94 112 670 002
தொலைநகல்: +94 112 878 052