
හදිසි ආපදා අවස්ථාවක දී මහජනතාව කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව මහජනතාව දැනුවත් කිරීම සහ රාජ්‍ය නිලධාරින්ගේ වගකීම් හදුනාගැනිම හා තහවුරු කිරීම, ඉදිරි මෝසම් කාලයේදී සහන කටයුතු සඳහා ප්‍රතිචාර දැක්විමට රාජ්‍ය සේවකයින් සජීවීකරණය කිරීම, සහන කටයුතු වල අඩුපාඩු හදුනාගැනීම හා ඒවා නිවරදි කරගැනීම, සහන කටයුතු වල යෙදෙන සේවකයින්ගේ ධාරිතා වර්ධනය කිරීම, ආපදා අවදානම සහිත රත්නපුර දිස්ත්‍රික්කයේ මහජනතාවගේ අවධානය යොමුකර කිරීම සහ හදිසි ආපදාවකදි ප්‍රතිචාර දැක්විමට ජනතාව හුරුකිරීමේ අරමුණින් අධ්‍යක්ෂ ජනරාල්ගේ උපදෙස් මත රත්නපුර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සම්බනධීකරණය ඒකකය විසින් සංවිධානය කරන ලද නායයෑම් පෙරහුරු වැඩසටහනක් රත්නපුර දිස්ත්‍රික්කයේ ඇහැලියගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් නායායාම් අවදානම් කලාපය තුළ පිහිටි ගනේගොඩ ග්‍රාමනිලධාරි කොට්ඨාශය තුළ පසුගිය දා පැවැත්විනි.
තෝරාගන්න ලද දින තුළ රත්නපුර දිස්ත්‍රික්කයට අධික වැසි ලැබිය හැකි බවත් ඒ අනුව නායයෑම් ආපදා තත්ත්වයක් ඇති විය හැකි බව උපකල්පනය කරමින් සිදුකරනු ලැබූ සිද්ධි අධ්‍යයනයක් මගින් මෙම ප්‍රායෝගික පුහුණු වැඩසටහන ක්‍රියාත්මක විය. ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් එම ප්‍රදේශ වල සිටින ජනතාව ආරක්ෂක ස්ථාන කරා යොමුවීම සුදුසු බව තහවුරු කර දැනුම්දීම, නායයෑම් පූර්ව අනතුරු ඇඟවීම් නිවේදන වලට අනුව කටයුතු කරන ආකාරය මෙන්ම රතු නිවේදන අනුව ක්ෂණිකව හදුනාගත් ආරක්ෂිත මාර්ග ඔස්සේ සුරක්ෂිත මධ්‍යස්ථාන වෙතයෑම, පූර්ව අනතුරු ඇඟවීම් නිසි පරිදි ලැබීම් හා දුර්වලතා හදුනා ගැනීම, මහජන නියෝජිතයන්ගේ කාර්යභාරය පිළිබඳ දැනුවත් කිරීම හා අත්දැකීම් හුවමාරුකර ගැනීම, කඳවුරු පවත්වා ගෙන යෑම, සහන කටයුතු ක්‍රියාත්ම කිරීම, තොරතුරු හුවමාරු කර ගැනීම, වාර්තා සකස් කිරීම, ප්‍රතිචාර දැක්වීමේ හා සහන සේවා කටයුතු දියත් කිරීම හා ක්ෂණික අවශ්‍යතා තක්සේරුව සිදුකර වාර්තා කිරීම. දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් පිහිටි හදිසි ආපදා ප්‍රතිචාර මැදිරි පිහිටුවා සියලු කටයුතු මෙහෙයවීම සම්බන්ධීකරණය කිරීම මෙම පුහුණු වැඩසටහන තුළ ක්‍රියාත්මක කරන ලදී.
මෙම ප්‍රායෝගික පුහුණු වැඩසටහන සඳහා ආපදා අවදානම් ප්‍රදේශවල ජීවත් වන පුද්ගලයින් 120 ක් පමණ සහභාගී වු අතර ඊට අමතරව ප්‍රාදේශීය ආපදා සම්බන්ධීකරණ කමිටු නියෝජිතයින් ඇතුලු රාජ්‍ය නිලධාරීන් සහභාගී විය. වැඩසටහන අවසානයේ දී නායයෑම් ආපදා අවස්ථාවකදී සුරක්ෂිතතාව තහවුරු කරගැනීම වෙනුවෙන් කටයුතු කළ යුතු ආකාරය පිළිබදව මහජනතාව දැනුවත් කිරීමට කටයුතු කරන ලදී.










