அவசர எச்சரிக்கைகள்

rss

Alla Wellawaya Road accident drill  3

2025 වර්ෂයේ සැප්තැම්බර් මස 04 වන දින ඇල්ල - වැල්ලවාය මාර්ගයේ සිසු වූ රිය අනතුර පිළිබඳව සැප්තැම්බර් මස 16 වන දින පැවති සාකච්ඡාවෙන් පසුව ඇල්ල වැල්ලවාය මාර්ගයේ අවදානම් තත්සේරුවක් සිදු කර අවදානම් සහිත ස්ථානයක් තෝරාගනිමින් රිය අනතුරක දී විපතට පත්වූ වන් බේරාගැනීම සම්බන්ධව ප්‍රායෝගික පුහුණු වැඩසටහනක් පැවැත්වීමට තීරණය කරන ලදී. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනෙරාල්ගේ මගපෙන්වීම යටතේ බදුල්ල දිස්ත්‍රික් ලේකම්ගේ පුර්ණ අධීක්ෂණයෙන් ඌව පළාත් ආණ්ඩුකාරතුමා ගේ ප්‍රධානත්වයෙන් බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සම්බන්ධීකරණ ඒකකය විසින් ඔක්තෝබර් මස 17 දින රිය අනතුරක දී කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව පාර්ශවකාර ආයතන දැනුවත් කිරීමේ ප්‍රායෝගික පුහුණු වැඩසටහනක් සංවිධානය කරන ලදී.

 හදිසි ආපදා තත්ත්වයකදී සෙවීම් සහ මුදවාගැනීම්, සෞඛ්‍ය සේවා පවත්වාගෙන යාම සම්බන්ධයෙන් පාර්ශවකරුවන් අතර පවතින සම්බන්ධීකරණය තවදුරටත් ශක්තිමත් කිරීම, පාර්ශවකරුවන් අතර හා ආයතන මට්ටමේ ශක්තීන්(response capacity) තම තමන්ට තක්සේරු කිරීමට අවස්ථාව ලබාදීම ඉතා අසීරු පරිසරයක සෙවීම් හා මුදවා ගැනීම් වලදී අද්දැකීම් ලබාගැනීමට අවස්ථාව සැලසීම, ආපදා අවස්ථාවල මෙහෙයුම් පරිසරය තුළ අභ්‍යන්තර සන්නිවේදනය දියුණු කර ගැනිම තුවාලකරුවන් ආරක්ෂිතව එසවිම හා ඉවත් (lifting and shifting) කිරීම කටයුතු වඩා නිවැරදිව සිදුකිරීම තහවුරු කිරීම පිළිබඳව පාර්ශවකරුවන් දැනුවත් කිරීම සහ නිවැරදි ආකාරයෙන් ප්‍රායෝගික පුහුණුවක් ලබාදීම මෙම වැඩසටහන තුළින් අපෙක්ෂා කරන ලදී.

 

 

ප්‍රාදේශිය ලේකම් කාර්යාලය ඇල්ල, ප්‍රාදේශීය සභාව, ඇල්ල, 112 බලසේනා මූලස්ථානය, දියතලාව ගුවන් හමුදා කඳවුර, විශේෂ කාර්ය බලකාය, ඇල්ල පොලිස් ස්ථානය, බදුල්ල සහ බණ්ඩාරවෙල.ගිනි නිවීමේ ඒකක, බදුල්ල ශික්ෂණ රෝහල, දියතලාව සහ බණ්ඩාරවෙල මහ රෝහල්, විදුලි බල මණ්ඩලය, 1990 ගිලන් රථ සේවය, ෆ්ලයින් රාවණා මෙගා සිප් ලයින්, මාර්ග සංවර්ධන අධිකාරිය සහ හියිටෙක් ෆයර් ඇන්ඩ් රෙස්කිව් ආයතනය ඇතුලු රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ පාර්ශවකාර ආයතන මෙම පුහුණු සැසියට සහභාගී විය.

Alla Wellawaya Road accident drill  1Alla Wellawaya Road accident drill  21Alla Wellawaya Road accident drill  8

 

Alla Wellawaya Road accident drill  10Alla Wellawaya Road accident drill  20Alla Wellawaya Road accident drill  4

Alla Wellawaya Road accident drill  5Alla Wellawaya Road accident drill  22Alla Wellawaya Road accident drill  16

 

அவசர தொடர்புகள்

117
பொது.: +94 112 136 136
அவசர நடவடிக்கை நிலையம்:+94 112 136 222 /
+94 112 670 002
தொலைநகல்: +94 112 878 052