ඔක්තෝබර් 13 වන දින සමරනු ලබන 2025 ජාත්‍යන්තර ආපදා අවදානම් අවම කිරීමේ දිනට (IDDRR) සමගාමීව ජාතික වැඩසටහන ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්යක්ෂ ජනරාල් විශ්‍රාමික මේජර් ජෙනරාල් සම්පත් කොටුවේගොඩ මහතාගේ ප්‍රධානත්වයෙන් අද දින (13) ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන ශ්‍රවනාගාරයේ දී පැවැත්විනි. අනාගත ව්‍යසනවලින් ප්‍රජා ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ආපදා වැළැක්වීම, පෙරසූදානම සහ තිරසාර ඔරොත්තුදීමේ හැකියාව ගොඩනැංවීමේ උත්සාහයන් සඳහා ආයෝජනය කිරීමේ වැදගත්කම පිළිබඳ විද්වද් අවධානය යොමු කරවීමේ අරමුණින් මෙම විද්වද් කථිකාව සංවිධානය කරන ලදී.
ස්වභාවික සහ මිනිසා ගේ සෘජු මැදිහත්වීම හේතුවෙන් ඇතිවන ආපදාවලට ගොදුරුවීම නිසා අහිමි වන ජීවිත, ජීවනෝපාය සහ යටිතල පහසුකම් පිළිබඳව මෙන්ම ආපදා අවදානම අවම කිරීම සදහා ලොව අනුගමන කර ඇති ක්‍රියාමාර්ග වල ප්‍රගතිය පිළිබදව ලෝක අවධානය යොමු කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් 1989 වර්ෂයේ දී ආපදා අවදානම අවම කිරීමේ ජාත්‍යන්තර දිනය වශයෙන් ඔක්තෝබර් 13 වන දින නම් කර තිබෙන බවත් මෙවර ආපදා අවදානම් අවම කිරීමේ දින තේමාව වන ආපදාවට නොව, ආපදා ප්රත්යස්ථිතිතාව ගොඩනැගීම සඳහා ආයෝජනය කරමු” යන්න ශ්‍රී ලංකාවේ ජාතින දැක්ම හා මනාව ගැලපෙන් බවත් පොහොසත් රටක් ලස්සන ජීවිතයක් යන තේමාව ශාක්සාත් කරගැනීම සඳහා පාර්ශවකාර ආයතන සහ ප්‍රජාව ආපදා කළමනාරකණ මධ්‍යස්ථානය හා එක්ව කටයුතු කරනු ඇතැයි තමා බලාපොරොත්තු වන බව මෙම අවස්ථාවට සහභාගී වෙමින් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්යක්ෂ ජනරාල් විශ්‍රාමික මේජර් ජනෙරාල් සම්පත් කොටුවේගොඩ මහතා පැවසීය.
ස්වාභාවිත පරිසරය තිරසාරාත්මක භාවිතය තුළින් මිනිස් අවශ්‍යතා සපුරා ගැනීමට කටයුතු කිරීමේ වැදගත් කම මහාචාර්ය රංජිත් දිසානායක මහතා අවධාරණය කරන ලදී. නවීන විද්‍යාවේ දියුණුව සහ කාර්මීකරණය තුළ පරිසරය මත ඇති කරනු ලබන පීඩන නතර කළ නොහැකි නමුත් පාරිසරික සංකල්ප පදනම් කරගනිමින් සිදු විය හැකි ආපදා අවදානම අවම කිරීම සඳහා විසදුම් ලබාගත හැකි බව වැඩිදුරටත් පෙන්වා දෙන ලදී.
ආපදා නිසා සිදු කරනු ලබන සමාජ ආර්ථික අලාභ ගණනය කිරීමේ දී සමාජ ප්රාග්ධනය මත සිදු කරනු ලබන බලපෑම මෙන්ම ආපදා නිසා සිදු වන මියයාම් පිළිබඳ නිවැරදි සංඛ්‍යා ලේඛන නොමැති වීම නිසා සැලසුම්කරණයේ දී ඇතැම් අංශ පිළිබඳව අඩු අවධානයක් යොමු වන බව මහාචාර්ය ප්‍රශාන්ති ගුණවර්ධන මහත්මිය පෙන්වා දෙන ලදී.
ආපදා ප්රත්යස්ථිතික ව්‍යාපාරික සංකල්ප තුළ ව්‍යාපාර ගොඩනැගීම සහ එහි සාර්ථකත්වය අත්කර ගැනීම පිළිබඳව තම ආයතන වඩාත් සැලකිලිමත් වී ඇති බව එයිට්කන් ස්පෙන්ස් සමාගමේ ව්‍යාපාර තිරසාර ප්‍රධානී යසාන්ගි රන්දෙනිය මහත්මිය පෙන්වා දුන් අතර පෞද්ගලික රජ්‍ය හවුල්කාරීත්වය තුළින් වඩාත් ඵලදායි අන්දමින් ආපදා අවදානම් අවම කිරිම සඳහා වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේ හැකියාව පවතින බව ආපදා කළමනාකරණය සඳහා වූ ආසියා පැසිෆික් සන්ධානයේ අධ්යක්ෂ ෆිර්සාන් හෂීම් මහතා මෙම අවස්ථාවට සහභාගී වෙමින් පෙන්වා දෙන ලදී.
අනාගත ව්‍යසනවලින් ප්‍රජා ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ආපදා වැළැක්වීම, පෙරසූදානම සහ තිරසාර ඔරොත්තුදීමේ හැකියාව ගොඩනැංවීමේ උත්සාහයන් සඳහා ආයෝජනය කිරීමේ වැදගත්කම පිළිබඳ විද්වද් අවධානය යොමු කරවීමේ අරමුණින් ආපදා කළමනාකරණ ක්‍රියාවලිය හා සම්බන්ධ රාජ්‍ය සහ රාජ්‍ය නොවන ආයතන මෙන්ම පෞද්ගලික අංශය නියෝජිතයින් මෙම අවස්ථාවට සහභාගී විය.






















