ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ ඉල්ලීම අනුව ස්විස්ටර්ලන්ත රජයේ ආධාර සහ තාක්ෂණික උපදේශකත්වය මත එක්සත් ජාතීන්ගේ කාර්යාලයේ(OCHA) අනුමැතිය ලත් සෙවිම් හා මුදවා ගැනිම් පුහුණු වැඩසටහනට(INSARAG) අනුකූලව මෙරට ආපදා කළමනාකරණ ක්ෂේත්‍රයේ නියැළෙන නිළධාරීන්ගේ ධාරිතාව වර්ධනය කිරීමේ පුහුණු වැඩසටහනට සමගාමීව අධි තාක්ෂණික සෙවීම් සහ මුදවාගැනීම් උපකරණ භාවිතය සම්බන්ධයෙන් නිලධාරීන්ගේ ධාරිතාව වර්ධනය කිරීම සහ සෙවීම් මුදවාගැනීම් යාන්ත්‍රණය ශක්තිමත් කිරීම අරමුණු කරගනිමින් රුපියල් මිලියන 11.2 ක පමණ වටිනාකමින් යුත් සෙවීම් සහ මුදාගැනීමේ කැමරා කට්ටල (FL360LR USAR) දෙකක් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වෙත පරිත්‍යාග කිරීමට ස්විස්ටර්ලන්ත සංවර්ධන හා සහයෝගීතා ආයතනය(SDC) විසින් කටයුතු කරන ලදී.
මෙම උපකරණ පුහුණු අවශ්‍යතා සඳහා සහ හදිසි මෙහෙයුම් ක්‍රියාවලයේදී අවශ්‍යතාව මත භාවිතා කිරීම සඳහා ශ්‍රී ලංකා යුධ හමුදා ආපදා ප්‍රතික්‍රියා පුහුණු මධ්‍යස්ථානය සහ ගිනි නිවීමේ දෙපාර්තමේන්තුව වෙත නිල වශයෙන් භාරදීම ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනෙරාල් විශ්‍රාමික මේජර් ජෙනරාල් සම්පත් කොටුවේගොඩ මහතාගේ ප්‍රධානත්වයෙන් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ දී සිදු කෙරිනි.
ස්විස්ටර්ලන්ත සංවර්ධන හා සහයෝගීතා නියෝජිතායතනයේ(SDC), නියෝජිත Pierre-Yves PITTELOUD, ශ්‍රී ලංකා යුධ හමුදා ආපදා ප්‍රතික්‍රියා පුහුණු මධ්‍යස්ථානයේ සේනා විධායක, ගිනි නිවීමේ දෙපාර්තමේන්තු ප්‍රධෘනී, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ උසස් නිළධාරීන් මෙම අවස්ථාවට සහභාගී විය.













