තිරසාර ආපදා අවදානම් කළමනාකරණය සඳහා සියලුම පාර්ශ්වකරුවන් විසින් සම්බන්ධීකරණය කරන ලද සහ කැපවූ ප්‍රවේශයක තීරණාත්මක අවශ්‍යතාවය සහ ආපදා අවදානම් කළමනාකරණය ආංශික සංවර්ධන ක්‍රියාවලීන්ට ඵලදායී ලෙස ඒකාබද්ධ කිරීම සඳහා පවතින ක්‍රමවේද ප්‍රමාණවත් නොවීම හඳුනා ගනිමින්, අදාළ අංශවල වගකිවයුතු ආයතනවල නිලධාරීන්ගෙන් සමන්විත තාක්ෂණික කමිටුවක අධීක්ෂණය යටතේ අංශ-නිශ්චිත මාර්ගෝපදේශ සංවර්ධනය කිරීම සඳහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ව්‍යාපෘතියක් ආරම්භ කරන ලදී.
නාගරික සංවර්ධනයට ආපදා කළමනාකරණය ඒකාබද්ධ කිරීම පිළිබඳ මාර්ගෝපදේශ සකස් කිරීමේ තාක්ෂණික කමිටුව විසින් සකස් කරන ලද මාර්ගෝප දේශ සංග්‍රහය නාගරික සංවර්ධන ක්‍රියාවලියේ සියලුම වෘත්තිකයන් සඳහා ප්‍රධාන ලේඛනයක් ලෙස ක්‍රියා කරන බැවින් ඒ පිළිබඳව දැනුවත් කිරීමේ 2025 වැඩසටහනක් සහ මාර්ගෝපදේශ සංග්‍රහය නාගරික සංවර්ධන අධිකාරිය වෙත නිලවශයෙන් භාරදීම අගෝස්තු 28 වන දින පෙ.ව. 9:00 ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල්තුමාගේ ප්‍රධානත්වයෙන් ආපදා කළමනාකරණ අංශ රැස්වීම් ශාලාවේ දී පැවැත්විනි.
නාගරික සංවර්ධනයට ආපදා කළමනාකරණය ඒකාබද්ධ කිරීම පිළිබඳ මාර්ගෝපදේශ සංවර්ධනය කිරීම සඳහා පිහිටුවා ඇති තාක්ෂණික කමිටුවේ නාගරික සංවර්ධන අධිකාරිය නියෝජනය කරමින්, අධ්‍යක්ෂ (පරිසර හා භූ දර්ශන) චන්දනා කළුපහන මහත්මිය සහ නියෝජ්‍ය අධ්‍යක්ෂ(පරිසර) පද්මා විජේසිංහ මහත්මිය, නාගරික සංවර්ධනයට ආපදා අවදානම් අවම කිරීම ප්‍රධාන ප්‍රවාහයට ගෙන ඒම පිළිබඳ මාර්ගෝපදේශ සකස් කිරීම සහ වලංගු කිරීම සඳහා නාගරික සංවර්ධන අධිකාරියේ කණ්ඩායම මෙහෙයවන ලදී.













