ආපදා අවදානම් කළමනාකරණය සඳහා සංඛ්‍යාත්මක හා අවකාශීය දත්ත භාවිතා කිරීම පිළිබඳ වැඩමුළුවක් 2025 අගෝස්තු මස 20 සහ 21 දිනවලදී ආපදා කළමනාරකණ මධ්‍යස්ථානය ශ්‍රවනාගාරයේ දී පැවැත්විනි.රාජ්‍ය අංශ නියෝජිතයින් සහ 21 පුද්ගලික අංශ නියෝජිතයින් සඳහා පැවැත්වූ අතර, එහි ප්‍රධාන අරමුණ වූයේ ආපදා අවදානම් අවමකිරීමේ ක්ෂේත්රයේ නියැලෙන වෘත්තීයවේදීන්ගේ තාක්ෂණික හැකියාව වැඩිදියුණු කිරීමයි.
රාජ්‍ය සහ පෞද්ගලික අංශ තුළ ආපදා අවදානමි කළමනාකරණ ක්ෂේතුය තුළ කටයුතු කරන වෘත්තීයවේදීන්ගේ තාක්ෂණික හැකියාව වැඩිදියුණු අරමුනින් මෙම වැඩසටහන සංවිධානය කරන ලද අතර ආපදා සඳහා සැලසුම් කිරීමේදී,පෙර සූදානම හා ප්‍රතිචාරය සඳහා අවකාශීීයදත්ත සහ භූගෝලීය තොරතුරු පද්ධති (GIS) භාවිතා කිරීම සහ ආපදා දත්ත අඩංගු DisInventar දත්ත පද්ධතිය භාවිතය පිළිබඳව ප්‍රායෝගික අභ්‍යාස තුළින් දැනුවත්කරන ලදී.








