හදිසි අනතුරු ඇඟවීම්

rss

Swisterland aid 2025  23

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ ඉල්ලීම අනුව ස්විස්ටර්ලන්ත රජයේ ආධාර සහ තාක්ෂණික උපදේශකත්වය මත එක්සත් ජාතීන්ගේ කාර්යාලයේ(OCHA) අනුමැතිය ලත් සෙවිම් හා මුදවා ගැනිම් පුහුණු වැඩසටහනට(INSARAG) අනුකූලව මෙරට ආපදා කළමනාකරණ ක්ෂේත්‍රයේ නියැලෙන නිළධාරීන්ගේ ධාරිතාව වර්ධනය කිරීමේ පුහුණු වැඩසටහනක් 2024 වර්ෂයේදී ආරම්භ කරන ලදී.

මෙම පුහුණු වැඩසටහනට සමගාමීව අධි තාක්ෂණික උපකරණ භාවිතය සම්බන්ධයෙන් නිළධාරීන්ගේ ධාරිතාව වර්ධනය කිරීම සහ සෙවීම් මුදවාගැනීම් යාන්ත්‍රණය ශක්තිමත් කිරීම අරමුණු කරගනිමින් රුපියල් මිලියන 11.2 ක පමණ වටිනාකමින් යුත් සෙවීම් සහ මුදාගැනීමේ කැමරා කට්ටල (FL360LR USAR) දෙකක් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වෙත පරිත්‍යාග කිරීමට ස්විස්ටර්ලන්ත සංවර්ධන හා සහයෝගීතා ආයතනය(SDC) විසින් කටයුතු කරන ලදී.

ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාලයේ නියෝජ්‍ය දූත මණ්ඩල ප්‍රධානී අතිගරු - ඔලිවියර් ප්‍රාස් මහතා විසින් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් විශ්‍රාමික මේජර් ජෙනරාල් සම්පත් කොටුවෙගොඩ මහතා වෙත මෙම උපකරණ නිල වශයෙන් භාරදීම අගෝස්තු මස 18 වන දින සිදු කරන ලදී.

ස්විස්ටර්ලන්ත සංවර්ධන හා සහයෝගීතා ඒජන්සි(SDC)සෙවීම් හා මුදවාගැනීමේ උපදේශකවිශේෂඥ UrsBÄCHTOLD සහ ආපදා අවදානම් අවමකිරීමේ කලාපීය සම්බන්ධීකාරක USAR විශේෂඥ Irakli WEST ඇතුලු ස්විස්ටර්ලන්ත සංවර්ධන හා සහයෝගීතා ආයතන නියෝජිත පිරිසක් සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ උසස් නිළධාරීන් අවස්ථාවට සහභාගී විය.

Swisterland aid 2025  3Swisterland aid 2025  6Swisterland aid 2025  13DSC 3586Swisterland aid 2025  20Swisterland aid 2025  18

 

 

 

 

හදිසි ඇමතුම්

117
පොදු අංකය: +94 112 136 136
හදිසි මෙහෙයුම් මධ්‍යස්ථානය:+94 112 136 222 /
+94 112 670 002
ෆැක්ස් අංකය: +94 112 878 052