හදිසි අනතුරු ඇඟවීම්

rss

 

Grade 05 Schoolarship  10අනපේක්ෂිත කාලගුණික තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි ආපදාවලින් මෙවර ශිෂ්‍යත්ව විභාගය පෙනී සිටින සිසු දරුවන් හට මුහුණු දීමට සිදු විය හැකි බාධා වළක්වා ගනිමින් විභාගයට පෙනී සිටීමේ ඉඩ ප්‍රස්ථා සැලසීමත් ආපදා හේතුවෙන් බාධාවක් නොවී විභාගය පවත්වා ගෙන යාම පිළිබඳව අවධානය යොමුකරමින් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සහ විභාග දෙපාර්තමේන්තුව විශේෂ ඒකාබද්ධ වැඩපිළිවළක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.

මෙතුළින් මෙවර ශිෂ්‍යත්ව විභාගය පැවැත්වෙන එළඹෙන ඉරිදා දිනය තුළ දී ආපදා හේතුවෙන් දරුවන්ට සහ විභාග රාජකාරී සඳහා සම්බන්ධවන නිළධාරීන් හට මුහුණුදීමට සිදුවිය හැකි බාධා මග හැරගැනීම සදහා හදිසි ප්‍රතිචාර දැක්වීමේ සම්බන්ධීකරණ යාන්ත්‍රණය ශක්තිමත් කරමින් සියලු පාර්ශ්වකාර ආයතන විසින් ඉටු කළ යුතු කාර්ය භාරයයන් පිළිබදව දැනුවත් කිරීමත් සිදු කරන ලදී. එ් අනුව විභාගය පැවැත්වෙන කාලසීමාව තුළ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සහ දිස්ත්‍රික් සම්බන්ධීකරණ ඒකක විවෘතව තැබෙන අතර ආපදා හේතුවෙන් යම් බලපෑමක් එල්ල විය හැකි සිසු දරුවන් හට 117 දුරකථන අංකයට දැනුම් දීමෙන් අවශ්‍ය සම්බන්ධීකරණ සහාය ලබාගක හැකි බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් නිවේදනය කර ඇත.

මෙවර ශිෂ්‍යත්ව විභාග කාලසීමාව තුළ ආපදා හේතුවෙන් සිදුවිය හැකි බාධා අවම කිරීම වෙනුවෙන් අනුගමනය කිරීමට සැලසුම් කර ඇති හදිසි ආපදා ප්‍රතිචාර පෙරසුදානම් සැලැස්ම පිළිබඳව සාකච්ඡා කිරීම ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනෙරාල්ගේ ප්‍රධානත්වයෙන් ජූලි 30 වන දින ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ශ්‍රවනාගාරයේ පැවැත්විනි. විභාග දෙපාර්තමේන්තුව සෞඛ්‍ය අමාත්‍යාශය, කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව, ත්‍රිවිධ හමුදාව සහ පොලීසිය, ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය වනජීවි දෙපාර්තමේන්තුව ඇතුලු පාර්ශවකාර ආයතන සහ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සම්බන්ධීකරණ ඒකක මේ සඳහා සහභාගී විය.

Grade 05 Schoolarship  1Grade 05 Schoolarship  2Grade 05 Schoolarship  3

Grade 05 Schoolarship  4Grade 05 Schoolarship  5Grade 05 Schoolarship  6

Grade 05 Schoolarship  7Grade 05 Schoolarship  8Grade 05 Schoolarship  9

 

 

හදිසි ඇමතුම්

117
පොදු අංකය: +94 112 136 136
හදිසි මෙහෙයුම් මධ්‍යස්ථානය:+94 112 136 222 /
+94 112 670 002
ෆැක්ස් අංකය: +94 112 878 052